IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


මෙක්සිකෝ ජනපතිනී ක්ලෝඩියාට කරදරයක්

තමන් ලිංගික හිරිහැරයට ලක්වුණු බව මෙක්සිකෝ ජනාධිපතිනී ක්ලෝඩියා ෂේන්බවුම් පවසයි. ජනාධිපතිනිය පවසන ආකාරයට, ඇය මෙසේ ලිංගික හිරිහැරයට ලක් වී ඇත්තේ, ජනාධිපති මන්දිරය අසලදී ආධාරකරුවන් හමුවට ගිය අවස්ථාවකදීය.

ආධාරකරුවන් සමඟ සුහදව කතාබහ කරද්දි, පිරිස අතරේ සිටි, බීමත් පුද්ගලයකු තමාගේ උරහිස වටා අත දමා, අනෙක් අතින් ඇගේ ඉන සහ පපුව ස්පර්ශ කළ බවත්, තම බෙල්ල සිප ගැනීමට උත්සාහ ගත් බවත් ජනාධිපතිවරිය පවසා ඇත.

මෙම පුද්ගලයා ජනාධිපතිනියට කරදර කරන ආකාරය ආරක්ෂක කැමරාවල ද සටහන් වී ඇත. ජනාධිපතිනිය මෙම කරදරයට මුහුණ දෙද්දී ජනාධිපති ආරක්ෂක අංශ සාමාජිකයන් අසල නොසිටි බව ද පැවැසෙයි. 

තමන්, තමන්ට ලිංගික හිරිහැර කළ එම පුද්ගලයාට එරෙහිව චෝදනා ගොනු කළ බවත්, මෙම සිදුවීමෙන් පසු ලිංගික හිංසනය සම්බන්ධයෙන් රට පුරා නීති සමාලෝචනය කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් ක්ලෝඩියා ෂේන්බවුම් පවසා ඇත. ක්ලෝඩියා ෂේන්බවුම් යනු මෙක්සිකෝවේ ජනාධිපති ධුරයට පත්වුණු පළමු කාන්තාවය. ජනාධිපතිනියට කරදර කළ එම පුද්ගලයා පසුව එම අත්අඩංගුවට ගෙන ඇතැයි ද පැවැසෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කරන්නේ, මෙක්සිකෝවේ දිනකට සාමාන්‍යයෙන් කාන්තාවන් 10 දෙනකු ඝාතනයට ලක්වන බවය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, වයස අවුරුදු 15 සහ ඊට වැඩි මෙක්සිකන් කාන්තාවන්ගෙන් සියයට 70 ක් පමණ ඔවුන්ගේ ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් ලිංගික හිංසන සිද්ධියකට හෝ මුහුණ දෙන බව ද පැවැසෙයි.



අදහස් (0)

මෙක්සිකෝ ජනපතිනී ක්ලෝඩියාට කරදරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 480 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2227 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1671 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site