IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකන් භාණ්ඩ ප්‍රවාහන යානයක් කඩා වැටී 3 ක් මරුට

ඇමෙරිකාවේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්  ඊයේ (4) කඩා වැටී පුපුරා යෑමෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 11 ක් යැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

ලොව ප්‍රකට යූපීඑස් ඇමෙරිකන් භාණ්ඩ ප්‍රවාහන සේවයට අයත් මෙම ගුවන් යානය අනතුරට පත්වී, පුපුරා ගියේ එයඊයේ (4) සවස ඇමෙරිකාවේ වේලාවෙන්, 5.15 ට පමණය.

යානය අනතුරට පත්වූයේ ඇමෙරිකාවේ කෙන්ටකි ජනපදයේ ලුවිස්විල් නගරයේ මොහොමඩ් අලී ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වීමට උත්සාහ ගනිද්දීය. යානය අනතුරට පත් වී පුපුරා විනාශවන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් ද මේ වනවිට විදෙස් පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.

යානය ගුවන් පථයෙන් මදක් ඉහළට එසවුණු සැණින්, එය කඩා වැටී පුපුරා ගියේය. පිපිරුමෙන්, ධාවන පථය කෙළවර තිබූ ගොඩනැගිලිවලට ද හානි සිදුවිය. තුවාල ලැබූ 11 දෙනා ගුවන් තොටුපොළ සේවකයන් බව පැවැසෙයි. මියගියේ යානයේ සිටි නියමුවා ඇතුළු තිදෙනාය. යානය භාණ්ඩ රැගෙන හොනලූලු බලා පියාසර කිරීමට නියමිතව තිබුණි. 

යානය කඩා වැටුණු සැණින් පුපුරා ගියේ එය ඉන්ධනවලින් පිරී තිබුණු නිසා යැයි ද පැවැසෙයි. ඉන්ධන ගැලුම් 38,000 ක් යානයේ තිබුණු බව ද වාර්තා වේ. අනතුර සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.

අනතුර සිදුවෙද්දී යානයේ නියමුවන් ද ඇතුළු තිදෙනකු සිටි අතර, එම තිදෙනාම ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූවන් කඩිනමින් රෝහල්ගත කළ බවත්, ඔවුන්ගෙන් කීප දෙනකුගේ තත්වය බරපතල බැවින්, මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් මාධ්‍ය වාර්තා කර ඇත.



අදහස් (0)

ඇමෙරිකන් භාණ්ඩ ප්‍රවාහන යානයක් කඩා වැටී 3 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site