IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සාම කතා බිඳ වැටුණොත් ඇෆ්ගනිස්තානයට ගහනවා

ඇෆ්ගනිස්තානය සමඟ සාම සාකච්ඡා බිඳ වැටුණහොත්, එරට සමඟ යුද වැදීමට පාකිස්තානය ඕනෑම අවස්ථාවක සූදානම් යැයි පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසිෆ් අනතුරු අගවා ඇත.

පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා මෙසේ අනතුරු ඇගවීම් කළේ, පසුගිය සති අන්තයේ දෙරට අතර, දෙවැනි වටයේ සාම සාකච්ඡා ඉස්ලාමාබාද් අගනුවර දී පැවැත්වීමෙන් පසුවය. 

පළමු වටයේ සාම සාකච්ඡා පැවැත්වූයේ පසුගිය ඔක්තෝබර් 18 සහ 19 දෙදින කටාර් රාජ්‍යයේ දෝහා නුවරදීය. කටාර් රාජ්‍යයත්, තුර්කියත් ඊට මැදිහත් විය.

ඇෆ්ගනිස්ථානයේ බලයේ සිටින්නේ ඇෆ්ගන් තලේබාන්වරුන්ය. තලේබාන්වරුන් රජයක් පිහිටුවා ඇත්තේ 2021 දී ඇමෙරිකන් හමුදා එරටින් පිටවී යෑමෙන් පසුවය. ඇෆ්ගන් තලේබාන් රජය සහ පාකිස්තාන රජය අතරේ දශක ගණනක් තිස්සේ පැවැති මිත්‍රත්වය දෙදරා ගියේ සහ දේශසීමා ගැටුම් නිර්මාණය වූයේ කාරණා දෙකක් නිසාය.

එයින් පළමු කාරණාව වන්නේ ඇෆ්ගන් තලේබාන් රජය, පාකිස්තාන රජයට එරෙහිව සටන් වදින පාකිස්තාන තලේබාන් සංවිධානයේ සාමාජිකයන්ට රැකවරණය දීමය. 

දෙවැනි කාරණාව වන්නේ ඇෆ්ගන් තලේබාන් රජය ඉන්දියාව සමඟ හොඳහිත තරකර ගැනීමය. ඒ අනුව, ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතරේ දේශසීමා ගැටුම් ඇවිළී ගියේය‍. සාම සාකච්ඡා පැවැත්වීමත් සටන් විරාමයකට යෑමත් සිදුවූයේ ඉන් අනතුරුවය.

පසුගිය සති අන්තයේ පැවැති දෙවැනි වටයේ සාම සාකච්ඡා සඳහා ඇෆ්ගන් තලේබාන් රජය නියෝජනය කරමින්, එරට නියෝජ්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රහමතුල්ලා මුජීබ් සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය නූර් අහමඩ් නූර්ගේ සහෝදරයා වන අනස් හක්කානි සහභාගී වූහ. පාකිස්තාන රජය වෙනුවෙන් සාකච්ඡා පැවැත්වීම කළේ පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසිෆ් ය.

මේ අතර පාකිස්තානය සමඟ යහපත් සබඳතා පවත්වන ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතරේ යුදමය තත්වයක් ඇතිවීමට තමන් කිසිසේත් ඉඩ නොතබන බවත්, තමන් මැදිහත් වී යුද්ධයක් ඇතිවීමට ඉඩ නොදෙන බවත්ය. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාත්, පාකිස්තාන හමුදාපතිවරයාත් නිරන්තරයෙන් ට්‍රම්ප්ගේ පැසැසුමට ලක් වෙති.



අදහස් (1)

සාම කතා බිඳ වැටුණොත් ඇෆ්ගනිස්තානයට ගහනවා

ගුණරත්න Monday, 27 October 2025 05:02 PM

පකිස්තාන ත්‍රස්තවාදීන් ඉන්දියාවේ සාමාන්‍ය මිනිස්සු මරා දමා භීෂණය වපුරනවිට ඉන්දියාව ප්‍රතිචාර දක්කුවාම එක නීතියට පටහැනි කියන උන්ම ඇෆ්ඝනිස්තානයට තර්ජනය කරනවා දැක්කම අපට නම් හිනා යනවා. අසාද් කාශ්මීර් ගිල්ගිට් බල්ටිස්තාන් මේ ඔක්කොම ඉන්දියාවට නීත්යානුකූලවම අයිති පළාත්, මේ පාකිස්තානුවන් ඒ පළාත් වගේම ඇෆ්ඝනිස්තානයේ මිනිසුන් ජීවත්වෙන පළාත් පවා අල්ලාගෙන ඉන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 547 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 488 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site