
ආසියානු සංචාරය අතරතුරේ, තමන් උතුරු කොරියා නායක කිම් ජොං උන් හමුවීමට කැමැත්තෙන් පසුවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.
ට්‍රම්ප් සිය ආසියානු සංචාරය ආරම්භ කළේ පසුගිය සති අන්තයේය. ඔහු පළමුවෙන් මැලේසියාවට ගියේ මැලේසියාවේ ක්වාලාලාම්පූර් අගනුවර පැවැති 'ආසියාන්' සමුළුවට සහභාගී වීම සඳහාය. ඉන්පසු ට්‍රම්ප් ජපානය බලා ගියේය. ට්‍රම්ප්ගේ ආසියානු සංචාරය අවසන් වන්නේ දකුණු කොරියාවෙනි.
ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායකයා අතර හමුවක් පැවැත්වුවහොත්, එය සිදුවනු ඇත්තේ මෙම දකුණු කොරියානු සංචාරය අතරතුරේ ය.
ට්‍රම්ප් සිය පළමු ධුර කාලයේ දී අවස්ථා කීපයකදී කොරියානු නායක කිම් ජොන් උන් හමුවී සාකච්ඡා පැවැත්විය. එක් හමුවක් පැවැත්වූයේ උතුරු සහ දකුණු කොරියා දේශසිමාවේදීය.
ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ ද දකුණු කොරියාවේ දී හමුවක් පැවැත්වීමට නියමිතය. එම හමුව සඳහා සියල්ල මේ වනවිට සූදානම් බව ද පැවැසෙයි. හමුව පැවැත්වෙන්නේ, ඇමෙරිකාවත් චීනයත් අතරේ පවතින වෙළෙඳ යුද්ධය සම්බන්ධයෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd