IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


උතුරු කොරියා නායකයා හමුවන්න ට්‍රම්ප් සූදානම්

ආසියානු සංචාරය අතරතුරේ, තමන් උතුරු කොරියා නායක කිම් ජොං උන් හමුවීමට කැමැත්තෙන් පසුවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.

ට්‍රම්ප් සිය ආසියානු සංචාරය ආරම්භ කළේ පසුගිය සති අන්තයේය. ඔහු පළමුවෙන් මැලේසියාවට ගියේ මැලේසියාවේ ක්වාලාලාම්පූර් අගනුවර පැවැති 'ආසියාන්' සමුළුවට සහභාගී වීම සඳහාය. ඉන්පසු ට්‍රම්ප් ජපානය බලා ගියේය. ට්‍රම්ප්ගේ ආසියානු සංචාරය අවසන් වන්නේ දකුණු කොරියාවෙනි.

ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායකයා අතර හමුවක් පැවැත්වුවහොත්, එය සිදුවනු ඇත්තේ මෙම දකුණු කොරියානු සංචාරය අතරතුරේ ය. 

ට්‍රම්ප් සිය පළමු ධුර කාලයේ දී අවස්ථා කීපයකදී කොරියානු නායක කිම් ජොන් උන් හමුවී සාකච්ඡා පැවැත්විය. එක් හමුවක් පැවැත්වූයේ උතුරු සහ දකුණු කොරියා දේශසිමාවේදීය.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ ද දකුණු කොරියාවේ දී හමුවක් පැවැත්වීමට නියමිතය. එම හමුව සඳහා සියල්ල මේ වනවිට සූදානම් බව ද පැවැසෙයි. හමුව පැවැත්වෙන්නේ, ඇමෙරිකාවත් චීනයත් අතරේ පවතින වෙළෙඳ යුද්ධය සම්බන්ධයෙනි.



අදහස් (0)

උතුරු කොරියා නායකයා හමුවන්න ට්‍රම්ප් සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 161 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2055 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1580 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site