
ඇමෙරිකන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් සහ ප්‍රහාරක ජෙට් යානයක් දකුණු චීන මුහුදට කඩා වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුරු සිදුවී ඇත්තේ සාමාන්‍ය මෙහෙයුමක් අතරතුරේය.
පළමුවෙන් අනතුරට පත් වූයේ හෙලිකොප්ටර් යානයයි. සීහෝක් වර්ගයේ එම හෙලිකොප්ටර් යානයේ සිටි සියලු දෙනාත්, ඉන් පසුව අනතුරට පත්වුණු සුපර් හෝනට් වර්ගයේ ජෙට් යානයේ නියමුවාත් බේරා ගැනීමට ඇමෙරිකන් හමුදාව සමත් වූ බව ද පැවැසෙයි.
හෙලිකොප්ටරය සහ ජෙට් යානය කඩා වැටීමට හේතුව කුමක්දැයි සොයා බැලීමට විමර්ශන ආරම්භ කර ඇත. මෙම හෙලිකොප්ටරයත්, ප්‍රහාරක ජෙට් යානයත්, ‘යූ.එස්.එස්. නිමිට්ස්’ නමැති යුද නෞකාවට අයත් බව ද මාධ්‍ය වාර්තා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd