බ්‍රිතාන්‍යයේ ඇන්ඩෲ කුමරුන්ගේ ‘කුමරු’ යන පදවිය ඉවත් කිරීමට තෙවැනි චාල්ස් රජු පියවර ගෙන ඇත. ඒ, 65 හැවිරිදි ඇන්ඩෲ කුමරුන්ට දිගින් දිගටම එල්ල වන චෝදනා සැලකිල්ලට ගනිමිනි.

ඇන්ඩෲ කුමරු යනු අභාවප්‍රාප්ත දෙවැනි එලිසබත් මහ රැජිනගේ දෙවැනි පුත්‍රයා සහ තෙවැනි දරුවාය. වත්මන් බි්‍රතාන්‍ය කිරුළ දරන තෙවැනි චාල්ස් රජු, එලිසබෙත් මහ රැජිනගේ පළමු පිරිමි දරුවාය.

ඇන්ඩෲ කුමරුන්ට දිගින් දිගටම චෝදනා එල්ල වීමට පටන් ගත්තේ, ලිංගික අපරාධකරුවකු වන ඇමෙරිකන් ජාතික ජෙෆ්රි එප්ස්ටයින් සමඟ පැවැත්වූ සබඳතා සම්බන්ධයෙන් දිගින් දිගටම චෝදනා එල්ල වෙද්දීය. 

‘කුමරු’ යන පදවි නාමය ඉවත් කිරීමෙන් පසු ඇන්ඩෲ කුමරු හැඳින්වෙනු ඇත්තේ ඇන්ඩෲ මවුන්ට්බැටන් වින්ඩ්සෝර් යන නමින් පමණි.

එමෙන්ම ඇන්ඩෲ කුමරුන්ට වින්ඩ්සෝර් වතුයායේ පිහිටි රෝයල් ලොජ් මන්දිරයෙන් ඉවත් වීමට ද සිදුවනු ඇතැයි පැවැසෙයි. තම සොහොයුරා ඇන්ඩෲ කුමරුන් සම්බන්ධයෙන් චාල්ස් රජු අනුගමනය කළ මෙම ක්‍රියා මාර්ගය බ්‍රිතාන්‍ය රාජකීය ඉතිහාසයේ ඉතා වැදගත් තීරණයක් බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.