
කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු වැඩි කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ, හිටපු ඇමෙරිකන් ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ රුව ඇතුළත්, තීරුබදු විරෝධී වෙළඳ දැන්වීමක් කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත පාලනය විසින් විකාශනය කිරීමෙන් පසු ඊට අප්‍රසාදය පළ කරමිනි.
සමාජ මාධ්‍ය සටහනක් තබමින් ට්‍රම්ප්, එම දැන්වීම වංචාවක් ලෙස හඳුන්වා අතර, ලෝක බේස්බෝල් ශූරතාවලියට පෙර එය ඉවත් නොකිරීම සම්බන්ධයෙන් කැනේඩියානු නිලධාරීන්ට දෝෂාරෝපණය එල්ල කර ඇත. ඒ අනුව, දැනට ගෙවන ප්‍රමාණයට වඩා සියයට 10 කින් තීරුබදු වැඩි කිරීමට කටයුතු කරන බව ට්‍රම්ප් පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd