
ඇමෙරිකාවේ නෑෂ්විල් නගරයේ පැවැති රෙස්ලිං ක්‍රීඩා තරඟයකදී ගායනයක් සිදුකළ පෙම්වතිය බැලීමට යාමට අධිකරණ දෙපාර්තමේන්තුවට අයත් ඩොලර් මිලියන 60 ක වටිනාකමින් යුත් ගුවන් යානයක් භාවිත කළ බවට එෆ්.බී.අයි අධ්‍යක්ෂ කෑෂ් පටෙල්ට චෝදනා එල්ල වී ඇත.
පෙන්සිල්වේනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ පසුගිය සති අන්තයේ පැවැති එම රෙස්ලිං ක්‍රීඩා තරඟයේදී පටෙල්ගේ පෙම්වතිය වන ඇලෙක්සිස් විල්කින්ස් ගායනාවක් ඉදිරිපත් කර ඇති බවත් එය බැලීමට පටෙල් ගොස් ඇත්තේ අධිකරණ දෙපාර්තමේන්තුවට අයත් ජෙට් යානයක බවත් හිටපු එෆ්.බී.අයි නියෝජිතවරයකු වන කයිල් සෙරපින් චෝදනා කර ඇත.
කෙසේ වෙතත් සෙරපින් මීට ඇලෙක්සිස් විල්කින්ස් මොසාඩ් ඒජන්තවරියක් බවට චෝදනා කර තිබූ අතර එහිදී විල්කින්ස් සෙරපින් තමන්ට අපහාසයක් කර ඇති බවට චෝදනා කරමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 5 ක මුදලක් වන්දි ලෙස ඉල්ලා නඩුවක් ගොනුකර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd