IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් බ්‍රසීල ජනපති ලූලා හමුවෙයි

මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර පැවැත්වෙන ‘ආසියාන්’ හෙවත් අග්නිදිග ආසියානු රටවල රාජ්‍ය නායකයන්ගේ සමුළුව අතරතුරේ ඊට සහභාගී වන ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා අතරේ ද සාකච්චා පැවැත්විණි.

ට්‍රම්ප් පවසා ඇත්තේ එම සාකච්ඡා ඵලදායී වූ බවය. ට්‍රම්ප්, සහ බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා අතරේ අර්බුදයක් පවතී. ට්‍රම්ප්, බ්‍රසීලයට සියයට 50 ක තීරු බදු පැනවීමක් පවා කර ඇත. ට්‍රම්ප් ලූලා ද සිල්වා ජනාධිපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව පැවැසෙයි.

එම සාකච්ඡා ඵලදායී වූ බැවින්, තීරු බදු සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කර ගැනීමටත්, ඇමෙරිකාව සහ බ්‍රසීලය අතරේ ශක්තිමත් මිත්‍රත්වයක් නිර්මාණය වනු ඇති බවටත් විශ්වාස කෙරේ.

ලූලා ද සිල්වා බ්‍රසීලයේ ජනාධිපති ධුරයට පත්වීමට පෙර, ඒම ධුරයේ කටයුතු කළේ යාර් බොල්සරානෝය. මොහු දැඩි ට්‍රම්ප් හිතවාදියෙකි. බොල්සරානෝ ජනාධිපති බලතල අවභාවිත කළේ යැයි චෝදනා ලැබ සිටින අතර, ඔහුට එරහෙව නඩු විභාගයක් ද පැවැත්වෙයි. ට්‍රම්ප්, බ්‍රසීලයට සියයට 50 ක තීරු බදු පැනවීමක් කළේ යාර් බොල්සරානෝට එරෙහිව පැවැත්වෙන එම නඩු වභාගය සම්බන්ධයෙනි.



අදහස් (0)

ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් බ්‍රසීල ජනපති ලූලා හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 547 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 488 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site