
ප්‍රංශයේ පැරිස් අගනුවර ලූව්ර කෞතුකාගාරයේ අධ්‍යක්ෂවරිය ලොරන්ස් දෙස් කසාර් සිය ඉල්ලා අස්වීමේ ලිපිය සංස්කෘතික අමාත්‍යවරයාට බාර දී ඇත. කෙසේ නමුත් සංස්කෘතික අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන් එම ඉල්ලා අස්වීම බාර නොගත් බවය.
ලොරන්ස් දෙස් කසාර්, ඉල්ලා අස්වීමට තීරණය කළේ පසුගිය ඉරිදා (19) කෞකාගාරයේ සිදුවුණු සොරකම නිසාය. සොරැන් කෞතුකාගාරයට ඇතුළු වී එහි ඇපලෝ ගලාගාරයෙන් සොරකම් කළ ආභරණවල වටිනාකම ඇමෙරිකන් ඩොලර් මිලියන 102.2 ක් යැයි මේ වනවිට ගණන් බලා ඇත. හොරුන් ඇතුළු වූ ස්ථානයේ ආරක්ෂක කැමරා කිසිවක් නොමැති බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd