ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර සිට බැංගලෝර් දක්වා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී පෞද්ගලික බසයක් ගිනි ගැනීමෙන් එහි සිටි මගීන් 25 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 

බසය ගිනි ගැනීමට ලක්වූයේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේය. 

බසය යතුරු පැදියක ගැටීමෙන් අනතුරක් සිදුවුණු බවත්, එම අනතුරින් පසු බසයේ ගින්න හටගත් බවත් පැවැසෙයි. ගින්න වේගයෙන් බසය තුළ පැතිර ගිය බව ද පැවැසෙයි. 

ගින්නට කොටුවුණු මගීන් බසයේ ජනෙල් වීදුරු කඩා එයින් පිටතට පැමිණීමට උත්සාහ ගෙන ඇත. එසේ පිටතට පැනගත් කීප දෙනකු දිවි ගලවාගත් බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.