
ජපානයේ නිල සංචාරයක යෙදෙන ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එරට නව අග්‍රාමාත්‍යවරිය වන සනෙයි ටකයිචී හමුවිය. ටකයිචී, අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු, ඇය හමුවුණු පළමු රාජ්‍ය නායකයා වන්නේ ඇමෙරිකන් ජනාධිපතිවරයා වීම විශේෂත්වයකි.
ටකයිචී, ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන ෂෙන්සෝ අබේගේ දේශපාලන දැක්මෙන් පන්නරය ලැබූ දේශපාලඥයෙකි. අබේ, ඇමෙරිකන් ජනාධිපතිගේ ඉතා සමීප මිතු රෙකි. අබේ ඝාතනයට ලක්වූයේ 2022 වසරේදීය. අබේ සහ තමන් අතර පැවැති මිත්‍රත්වය, ටකයිචී, හරහා තවත් ශක්තිමත් වූ බවත්, ජපානයට අවශ්‍ය ඕනෑම ආකාරයේ සහායක් ලබා දීමට තමන් සූදානම් බවත්, ට්‍රම්ප් පවසා ඇත.
ඊට අමතරව, ජපානය සමඟ වෙළෙඳ ගනුදෙනු පුළුල් කරමින්, ජපානයට පනවා ඇති තීරු බදු අඩු කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්විණි. ජපන් අග්‍රාමාත්‍යවරිය හමුවී අතට අත දීමෙන් පසු ට්‍රම්ප් මාධ්‍ය හමුවේ කියා සිටියේ පළමු හමුවේදීම ඇය සැබෑ නායිකාවක ලෙස තමන්ගේ සිත් දිනා ගත් බවය.
2025 දෙසැම්බර් මස 30
127
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
753
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ට්‍රම්ප් ජපන් අගමැතිනිය හමුවෙයි