
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියාවේ විශාලතම කෙල් සමාගම්වලට සම්බාධක පැනැවීම ගැටලුවක් වන නමුත්, එම සම්බාධකවලින් රුසියන් ආර්ථිකයට බලපෑමක් කිරීමට නොහැකි යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ට්‍රම්ප් පරිපාලනය රුසියාවේ විශාලතම තෙල් සමාගම් ලෙස සැලකෙන ‘රෙස්නෙෆ්ට්’ සහ ‘ලුකොයිල්’ යන සමාගම් දෙකට තවත් සම්බාධක පැනැවීම කළේ රුසියන් යුක්රේන යුද්ධය නවත්වන්නැයි රුසියාවට බලපෑම් කිරීමේ අරමුණින්ය.
‘පැනවූ සම්බාධක ලොකු ගැටලුවක් බව කියන්න ඕනෑ. ඒකේ දෙකක් නැහැ. එයින් බලපෑමක් සිද්ධ වෙනවා. ඒත් අපේ ආර්ථිකය අඩපණ කිරීමට එම සම්බාධක ප්‍රමාණවත් වෙන්නේ නැහැ’ යැයි පුටින් මාධ්‍යවේදීන් හමුවේ පැහැදිලි කර ඇත.
ට්‍රම්ප් දෙවැනි ධුර කාලය ආරම්භ කරමින් ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු රුසියාවට එරෙහිව සම්බාධක පැනැවීමක් කළ පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.
රුසියාව, යුක්රේනයට එරෙහිව යුද්ධයේදී අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම සිදු කරන්නේ ඔවුන්ගේ තෙල් ගනුදෙනුවලිනි. ඇමෙරිකන් සම්බාධක හමුවේ පවා, ඉන්දියාව, චීනය සහ යුරෝපා රටවල් කීපයක් රුසියාව සමඟ තෙල් ගනුදෙනුවල නියැලී සිටී. එහෙයින්, සම්බාධක පැනැවීමේ අරමුණ ඉටු කර ගැනීමට ඇමෙරිකාවට හැකියාවක් ලැබී නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd