ඇමෙරිකාවේ ඉලක්කවලට පහසුවෙන් විදිය හැකි නව බැලස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව රුසියාව පවසයි.

‘9එම්.730 බියුරේවෙස්ට්නික්’ නමැති මෙම මිසයිලයට, මිසයිල ආරක්ෂක පද්ධති සහ රේඩාර් පද්ධති මඟහැර යෑමට හැකි බව ද පැවැසෙයි.

මිසයිලය සාර්ථකව අත්හදා බැලූ බව විදෙස් මාධ්‍ය අනාවරණය කළේ, රුසියන් මාණ්ඩලික ප්‍රධානී, හමුදා ජනරාල් වැලරි ජෙරසිමෝව්, ඒ සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් දැනුවත් කිරීමෙන් පසුවය.

බියුරේවෙස්ට්නික් මිසයිලයට කිලෝ මීටර් 14.000 ක දුරක ඉලක්කයකට පහසුවෙන් ළඟා වීමේ හැකියාව පවතී. ඊට අමතරව, මෙම මිසයිලයට ඕනෑම ආකාරයේ යුද ශීර්ෂයක් සවි කළ හැකි බව ද පැවැසෙයි. 

මෙම මිසයිලය නිෂ්පාදනය සහ අත්හදා බැලීම ආරම්භ කළේ 2018 දී යැයි ද පැවැසෙයි.