IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ඇමෙරිකන් ජනපති ජපානයේ

මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර පැවැති 47 වැනි ‘ආසියාන්’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමෙන් පසු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජපානයේ ටෝකියෝ අගනුවර බලා පැමිණියේය.

ජපන් රජයෙන් ට්‍රම්ප් සහ ඔහුගේ ප්‍රමුඛ නියෝජිත කණ්ඩායමට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. ජපානයේ නව අග්‍රාමාත්‍යවරිය වන සනේයි ටකයිචී සහ ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් අතරේ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබුණු බව විදෙස් මාධ්‍ය පැවැසීය.

ජපන් අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ පළමු කාන්තාව ලෙස සැලකෙන්නේ ටකයිචී ය. මැය ඝාතනයට ලක් වුණු හිටපු ජපන් අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේගේ ගෝලයකු ලෙස ද සැලකෙයි. අබේ ඝාතනයට ලක් වූයේ 2022 වසරේදීය.

එම හමුවේ දී, අග්‍රාමාත්‍යවරිය, ඇමෙරිකන් ජනාධිපතිවරයාට, ෂෙන්සෝ අබේ විසින් පරිහරණය කළ රන්වන් ගොල්ෆ් බෝලයක් සහ ගොල්ෆ් පිති තෑගි කිරීමට නියමිත බව පැවැසෙයි.

“ෂෙන්සෝ අබේ කියන්නේ මගේ හොඳ මිතුරෙක්. දැන් ජපාන අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කරන්නේ අබ්ගේ ගෝලයෙක්. ඇමෙරිකන් ජපන් සබඳතා තව තවත් ශක්තිමත් කර ගැනීමට අපට හැකිවේවි නිසැකයි” යැයි මැලේසියාවේ සිට ජපානය බලා ගුවනින් යද්දී ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා තිබුණි.



අදහස් (0)

ඇමෙරිකන් ජනපති ජපානයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 833 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2477 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1779 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site