ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු, එරට ගුවන් හමුදාව සමඟ එක් වී, ගුවන් හමුදාව සතු රෆායල් වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක නැගී ගුවන් ගමනකට එක් වූවාය.

ඉන්දීය ජනාධිපතිනිය, එරට ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයකින් ගුවන් ගමනකට එක් වුණු පළමු අවස්ථාව මෙය නොවෙයි. 2023 දී ද ඇය මෙවැනිම වික්‍රමයක් කළාය.

2023 දී ඇය ගොඩවූයේ සුකෝයි 30එම්.කේ.අයි. වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයකටය.  ඒ අනුව, ඉන්දීය ගුවන් හමුදාවට අයත් එකිනෙකට වෙනස් ප්‍රහාරත ජෙට් යානා දෙකකට ගොඩවුණු පළමු ජනාධිපතිවරයා වන්නේ මුර්මුය.

අම්බාලා ගුවන් හමුදා කඳවුරට පැමිණි මුර්මු, ගුවන් හමුදා ප්‍රහාරක යානා නියමුවරියක වන ෂිවංජි සිං සමඟ ඡායාරූපයකට ද පෙනී සිටියාය. රෆායල් වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා පියාසර කිරීමට තෝරාගත් පළමු ඉන්දීය ගුවන් නියමුවරිය ඇයයි.