ලිතුවේනියාව බෙලරුස් සමඟ ඇති දේශසීමා හරස් මාර්ග වසා දැමීමට සැලසුම් සකස් කර ඇති බව ලිතුවේනියානු අගමැතිනී ඉන්ගා රූගිනියෙනේ පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදා ගන්නා බවට සැකකෙරෙන පාවෙන බැලූන් නිරන්තරයෙන් ලිතුවේනියා ගුවන් සීමාවට බෙලරූසය දෙසින් ඇතුළු වීමත්, එම බැලූන ගුවන් ගමන් කටයුතුවලට බාධාවක් වීමත් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව අගමැතිනිය කියයි.

දේශසීමාව හරහා ආ බැලූන් හේතුවෙන් පිට පිට දින තුනක් එනම් සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා ලිතුවේනියාවේ විල්නියස් ගුවන් තොටුපළේ ගුවන් ගමනාගමනය අත්හිටුවීමට සිදුවිය.