බටහිර ඉවුරේ ඊශ්‍රායල පරමාධිපත්‍යය පැනවීම සඳහා වන පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමට ඊශ්‍රායල පාර්ලිමේන්තුව සමත් විය. සම්මත වූ පනත යටතේ, පලස්තීනුවන් වෙසෙන බටහිර ඉවුර ඊශ්‍රායලය වෙත ඈදා ගැනීමට අවසර හිමිවනු ඇතැයි පැවැසෙයි.

ඊශ්‍රායල පාර්ලිමේන්තු සභිකයන් 120 දෙනාගෙන්, 25 දෙනෙකුගේ ඡන්දයෙන් පනත් කෙටුම්පත සම්මත වූ අතර, 24 දෙනකු ඊට විරුද්ධ වුණු බව පැවැසෙයි. අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ‘ලිකුඩ්’ පක්ෂයේ බොහෝ දෙනා ඊට ඡන්දය දීමෙන් වැළකී සිටිය බව ද පැවැසෙයි.

මේ ආකාරයේ පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීම සම්බන්ධයෙන්, ඇමෙරිකා උප ජනාධිපති ජේඩී වැන්ස් පමණක් නොව, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ද සිය අප්‍රසාදය පළ කර ඇත.