
තෙවැනි චාල්ස් රජු සහ කැමිලා පාකර් බිසව, 14 වැනි ලියෝ පාප්තුමා හමුවූහ. ඒ නිල සංචාරයක් ආරම්භ කරමින් රෝමයේ වතිකානයට පැමිණීමෙන් පසුවය
ඊයේ (23) දිනයේ චාල්ස් රජ සහ කැමිලා පාකර් බිසව පාප්තුමා සමඟ විශේෂ දේව මෙහෙයකට ද සහභාගී විය. බ්‍රිතාන්‍ය රාජකීයකු මේ අයුරින්, පාප්තුමා සමඟ විශේෂ දේව මෙහෙයකට සහභාගී වූයේ වසර 500 කට පසුව වීම විශේෂත්වයකි.
එංගලන්ත පල්ලියේ ප්‍රධානියා ලෙස සැලකෙන්නේ චාල්ස් රජුය. දේව මෙහෙය පැවැත්වූයේ වතිකානයේ සිස්ටයින් දෙව් මැදුරේය. 1534 දී අටවන හෙන්රි රජු රෝමයෙන් වෙන් වූ දා සිට, ඉංග්‍රීසි රාජාණ්ඩුවක් සහ කතෝලික පාප් වහන්සේ නමක් ඇතුළත් වූ පළමු ඒකාබද්ධ දේව මෙහෙය මෙය ලෙස සැලකකයි.
කතෝලික පල්ලිය සහ එංගලන්ත පල්ලිය අතර ඇති ප්‍රධාන වෙනස නම් ඇංග්ලිකන්වරුන් පාප් වහන්සේ ක්‍රිස්තියානි ඇදහිල්ලේ ප්‍රධානියා ලෙස හඳුනා නොගැනීමය. ඒ වෙනුවට, එංගලන්ත පල්ලියේ ප්‍රධානියා වන්නේ බ්‍රිතාන්‍යයේ රජුය. එංගලන්ත පල්ලියේ ඉහළම ශ්‍රේණියේ පූජකවරයා වන්නේ කැන්ටබරිහි අගරදගුරුතුමාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd