බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නගරයේ උතුරු දෙසින් ක්‍රියාත්මක සන්නද්ධ අපරාධ කල්ලියක් ලෙස ප්‍රසිද්ධ, ‘රෙඩ් කොමාන්ඩ් ගෑන්ග්’ කල්ලියේ සාමාජිකයන්ට එරෙහිව බ්‍රදීල පොලිසිය දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කළේය.

එම මෙහෙයුම අතරතුරේ සිදුවුණු වෙඩි හුවමාරුවලින් 64 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 80 දෙනකු පොලිස් අත්අඩංගුවට පත් වුණු බවත් පැවැසෙයි. අපරාධ කල්ලියට එරෙහිව සිදු කළ එම පොලිස් මෙහෙයුමට, පොලිස් නිලධාරීන් 2,500 කට වැඩි පිරිසක් යෙදවිණි.

අපරාධ කල්ලි සාමාජිකයන්ට එරෙහිව සිදු කළ මෙම මෙහෙයුම සිදු කළ ආකාරය සම්බන්ධයෙන් පමණක් නොව, මෙහෙයුම අතරතුරේ 64 දෙනකු මියයෑම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සුරැකීමේ කාර්යාලය කනස්සල්ල පළ කර ඇත.