කෙන්යාවේ සංචාරකයන් රැගත් කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි 11 දෙනාම ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි.

ගුවන් යානය අනතුරට පත්වූයේ එය ක්වාලේ නමැති පළාතය ඔබ්බෙන් පියාසර කරද්දීය.

යානය මසායි මාරා වනෝද්‍යාන නැරැඹීමට සංචාරයකයන් රැගෙන යමින් තිබුණු බව ද පැවැසෙයි. යානය අනතුරට පත්වූයේ ඇයිදැයි යන්න සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් වාර්තා වී නැත.