
ලොව විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය ලෙස සැලකෙන ඊජීප්තුවේ මහා කෞතුකාගාරය නිල වශයෙන් විවෘත කර ඇත.
1992 දී සැලසුම් කරන ලද මෙම කෞතුකාගාරයේ ඉදිකිරීම් 2005 වසරේ දී ආරම්භ කර ඇත. ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක මුදලක් වැය කරමින් 2023 වසරේ එහි ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර තිබුණි.
අද (1) දිනයේ, විවෘත වූ මෙම කෞතුගාකාරය තුළ පූර්ව රාජවංශික යුගයේ සිට ග්‍රීක සහ රෝම යුග දක්වා රටේ ඉතිහාසයේ ආවරණය වන කෞතුක වස්තු ලක්ෂයකින් පමණ සමන්විත වන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ඊජීප්තුවේ තුතන්කාමන් රජුගේ සොහොන සම්පූර්ණයෙන් පළමු වරට ප්‍රදර්ශනය කිරීම සඳහා ද මෙම කෞතුකාගාරයේ දී කටයුතු යොදා ඇති බව සඳහන් වෙයි.
එලැඹෙන නොවැම්බර් 4 වනදා සිට නරඹන්නන් සඳහා විවෘතව වන ඊජීප්තු මහා කෞතුකාගාරය වාර්ෂිකව මිලියන 08ක පමණ පිරිසක් නරඹනු ඇතැයි අපේක්ෂා කෙරේ.
2025 දෙසැම්බර් මස 30
127
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
753
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලොව විශාලතම පුරාවිද්‍යා ඊජිප්තුවේ