
ලොව විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය ලෙස සැලකෙන ඊජීප්තුවේ මහා කෞතුකාගාරය නිල වශයෙන් විවෘත කර ඇත.
1992 දී සැලසුම් කරන ලද මෙම කෞතුකාගාරයේ ඉදිකිරීම් 2005 වසරේ දී ආරම්භ කර ඇත. ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක මුදලක් වැය කරමින් 2023 වසරේ එහි ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර තිබුණි.
අද (1) දිනයේ, විවෘත වූ මෙම කෞතුගාකාරය තුළ පූර්ව රාජවංශික යුගයේ සිට ග්‍රීක සහ රෝම යුග දක්වා රටේ ඉතිහාසයේ ආවරණය වන කෞතුක වස්තු ලක්ෂයකින් පමණ සමන්විත වන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ඊජීප්තුවේ තුතන්කාමන් රජුගේ සොහොන සම්පූර්ණයෙන් පළමු වරට ප්‍රදර්ශනය කිරීම සඳහා ද මෙම කෞතුකාගාරයේ දී කටයුතු යොදා ඇති බව සඳහන් වෙයි.
එලැඹෙන නොවැම්බර් 4 වනදා සිට නරඹන්නන් සඳහා විවෘතව වන ඊජීප්තු මහා කෞතුකාගාරය වාර්ෂිකව මිලියන 08ක පමණ පිරිසක් නරඹනු ඇතැයි අපේක්ෂා කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd