ඇමෙරිකාව අලුත් යුද්ධයක් නිර්මාණය කිරීමට සැරැසෙනවා යැයි වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ චෝදනා නගයි. ඇමෙරිකාවේ උදහසට ලක්ව සිටින මදුරෝ මෙසේ චෝදනා කළේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට හමුදාවට අයත් විශාලත යුද නෞනාව ලෙස සැලකෙන යූ.එස්.එස්. ජෙරල්ඩ් ආර්. ෆෝඩ් වෙනිසියුලාව අසල කැරිබියානු දූපත් ආසන්නයට යැවීමට අණ දීමත් සමඟය.

කැරැකස් අගනුවර පැවැති මාධ්‍ය හමුවකදී, වෙනිසියුලා ජනාධිපති මදුරෝ, ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් අමතමින් යුද්ධය එපා, ඕනෑ සාමය යැයි දිගින් දිගටම අවධාරණය කිරීමට ද අමතක කළේ නැත. වෙනිසියුලා ජනාධිපතිවරයා මෙසේ අවධාරණය කළේ ඉංග්‍රීසියෙනි. ලෝකයට තවත් යුද්ධයක් අවශ්‍ය නොවන බවත්, තමනව් ඇමෙරිකාව සමඟ සැමවිටම සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවත් මදුරෝ එම මාධ්‍ය හමුවේ දී පැවැසුවේය.

මේ වනවිට ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ගේ අණ පරිදි ඇමෙරිකන් නාවික හමුදාව සහ ගුවන් හමුදාව වෙනිසියුලාවට අයත් බෝට්ටු සහ කුඩා නෞකා පහර දී විනාශ කරමින් සිටී. ඒ ඒවායින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සිදුවන බවට චෝදනා නගමිනි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට රැකවරණය සපයන බවට ද වෙනිසියුලාවට ට්‍රම්ප් චෝදනා නගා ඇත. ට්‍රම්ප් පවසා ඇත්තේ, යූ.එස්.එස්. ජෙරල්ඩ් ආර්. ෆෝඩ් නෞකාව කැරිබියානු දූපත් අසලට යවා ඇත්තේ ද මත්ද්‍රව්‍ය ප්‍රවාහන කටයුතු නැවැත්වීමට යැයි ට්‍රම්ප් පැහැදිලි කර ඇත.

වෙනිසියුලාවේ ජනාධිපති නිකලස් මදුරෝ ට්‍රම්ප්ගේ දිගුකාලීන සතුරකු ලෙස සැලකෙන ඇමෙරිකන් හමුදාවට අයත් බී2 බෝම්බ හෙලන ගුවන් යානා වෙනිසියුලාව අසල ගුවන් සීමාවේ සැරිසරන බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත. කෙසේ නමුත් තමන් කිසිම අවස්ථාවක එවැනි බෝම්බ හෙලන ග්‍රවන් යානා වෙනිසියුලාව අසලට යවා නොමැති බව ඇමෙරිකන් ජනාධිපතිවරයා පැහැදිලි කර ඇත.