සාකච්ඡාව ජනාධිපති මැදුර දෙසට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්, ඇමති, සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර මේ වන විට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබේ. මෙම සාකච්ඡාව මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී පැවැත්වෙන බවද දැනගන්නට ඇත. 16 February 2018
සාගල නිතීය හා සාමය අතහරී නීතිය සහ සාමය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවට තමන් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට දැනුම් දුන් බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන භාර අමාත්‍ය සාගල රත්නායක මහතා සිය ෆේස්බුක් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් කියයි. 15 February 2018
අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණ නියෝගය මගහරී බැඳුම්කර වංචා විමර්ශන සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කරනු ලැබ සිටින අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දීමට දිවයිනට පැමිණ නැතැයි වාර්තා වේ 15 February 2018
අගමැති තනතුරට නිමල් සිරිපාල ද සිල්වා යෝජනා වෙයි ඒකාබද්ධ විපක්ෂයේ සහය ඇතිව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බහුතර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් පවතින බව වාර්තා වේ. නව ශ්‍රීලනිප ආණ්ඩුවේ අගමැති තනතුරට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා යෝජනා වී තිබේ. 14 February 2018
ග්‍රෑන්ඩ්පාස් ගොඩනැගිල්ලක් කඩා වැටී හතක් මරුට ග්‍රෑන්ඩ්පාස් වල පැරණි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් හයදෙනෙක් මියගොස් තිබේ. ඒ අතර කාන්තාවන් තිදෙනෙකුද වේ. තුවාල ලබූ පිරිස කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. 14 February 2018
ආණ්ඩුවේ ඉදිරිගමන ගැන තීරණයක් ගන්න කමිටුවක් පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඇතිව තිබෙන දේශපාලන කැළඹීම අද සවස එහි උච්චතම අවස්ථාවට එළඹ තිබිණ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් ඇමතිවරුන් අතර පැවැති රැස්වීම අවසන් වූයේ වත්මන් ආණ්ඩුවේ ඉදිරි ගමන පිළිබඳ තීරණයක් ගැනීම සම්බන්ධයෙන් කමිටුවක් පත්කිරීමට එකඟ වීමෙනි. 13 February 2018
දේශපාලන අර්බුදය උග්‍ර අතට හැරෙයි පළාත් පාලන මැතිවරණයෙන් පසු ඇති වී තිබෙන අර්බුදකාරී දේශපාලනය තත්ත්වය තවදුරටත් උග්‍ර වෙමින් තිබේ. ආණ්ඩුවේ පැවැත්ම සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් ඇති වී තිබෙන මොහොතක අද (13) දිනයේදී සාකච්ඡා වට කිහිපයක්ම පැවැති අතර මේ වනවිට තවත් සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබේ. 13 February 2018
එජාපය ආණ්ඩුවක් පිහිටවීමේ උත්සහයක එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක් පිහිටවීම සඳහා මේ වන විට උත්සහයක නිරතව සිටින බව ඇමති මනෝ ගනේෂන් මහතා පැවසීය. 13 February 2018
උඩවත්ත කැලෙත් විකුණාගෙන කන්න යයි වන සංරක්ෂණ ආඥා පනතේ සඳහන් නොවන ආකාරයේ ඉඩම් හුවමාරු ක්‍රමයක් මඟින් මහනුවර නගර මධ්‍යයේ පිහිටි උඩවත්ත රක්ෂිත වනාන්තරයේ කොටසක් ප්‍රසිද්ධ හෝටලයකට පවරා දීමට මේ වනවිටත් පිඹුරු පත් සකස් කරමින් සිටින බව වාර්තා වේ. 13 February 2018
ජනපති - අගමැති තීරණාත්මක සාකච්ඡාවක මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබෙන බව ආරංචි මාර්ග කියයි. 12 February 2018
මහින්ද මහ මැතිවරණයක් ඉල්ලයි පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව තමන් ඉතා කඩිනමින් මහ මැතිවරණයක් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි. පළාත් පාලන ආයතන සඳහා පැවැති මැතිවරණයෙන් පසුව බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවාව (බී.බී.සී) විසින් කරන ලද විමසුමකදී මහින්ද රාජපක්ෂ මහතා ඒ බව පවසා තිබේ. 12 February 2018
මහින්දලාගේ පොහොට්ටුවට දැවැන්ත ජයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහයෝගය හිමි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ 2018 පළාත් පාලන මැතිවරණයේදී අති විශිෂ්ට ජයක් කරා ගමන් කරමින් සිටී. මේ වන විට ප්‍රතිඵල ප්‍රකාශයට පත්කරන ලද 290 කට ආසන්න පළාත් පාලන ආයතනවලින් ආයතනය 230 කට වැඩි ප්‍රමාණයක බලය හිමිකරගැනීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමත් වී තිබේ. 11 February 2018
දිස්ත්‍රික්ක 12කින් පොහොට්ටුව පෙරට පළාත් පාලන මැතිවරණයේදී සමස්ත සභික ධුරවලින් පහෙන් එකක සංඛ්‍යාවක ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී තිබේ. 11 February 2018
අම්බලන්තොට ප්‍රාදේශීය සභාව පොහොට්ටුවට 2018 පළාත් පාලන මැතිවරණයේ පළමු නිල ප්‍රතිඵලය අද (11) මධ්‍යම රාත්‍රී 12.06 ට නිකුත් කෙරිණි. 11 February 2018
මියගියැයි කී පුරවැසියා පත්‍රිකාවත් සමග ඡන්ද මධ්‍යස්ථානයේ මෙවර පළාත් පාලන මැතිවරණය සදහා තමන්ට ලැබී ඇති ඡන්ද පත්‍රිකාවේ “ අදාළ ඡන්ද හිමියා මියගොස් ඇති බව වාර්තා වී ඇත “ යනුවෙන් සටහන් කර තිබීම නිසා තමන් අපහසුතාවයට පත්වු බව මහනුවර උඩුනුවර අප්පල්ලාගොඩ ගම වෙලම්බඩ පදිංචි මොහමද් රාසික් මුහම්මද් නාසීර් මහතා කියයි. 10 February 2018
ගාමිණීපුර ජනතාව ඡන්ද වර්ජනයක හැටන් ගාමිණීපුර ප්‍රදේශයේ ඡන්ද දායකයින් විශාල පිරිසක් පළාත් පාලන මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරිමේ වර්ජනයක නියැලි සිටි. 10 February 2018
නිල් බලකායේ පැරණි සාමාජිකයෝ ඇමති මහින්ද අමරවීර එක්ක ගැටෙති එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා සමඟ මහින්ද රාජපක්ෂ යුගයේ ක්‍රියාත්මක වූ නිල්බලකායේ සාමාජික පිරිසක් අතර අද (09) උණුසුම් වචන හුවමාරුවක් සිදුවී තිබේ. 09 February 2018
ඡන්ද පෙට්ටි ගෙනයාමට දරුවන් යොදාගනී පළාත් පාලන මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි රැගෙන යෑම සඳහා කුඩා දරුවන් සහභාගි කරවාගෙන තිබිණි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 295 ක් තිබෙන අතර ඒවායේ ප්‍රධාන මධ්‍යස්ථානය ලෙසින් ඇත්තේ පුලතිසිපුර විද්‍යාපීඨ මධ්‍යස්ථානයයි. 09 February 2018
ඇලොසියස් - පලිසේන දෙදෙනාගේ ඇප නියෝග 16 දා බැඳුම්කර සිද්ධියට අදාල රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පපෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමුහයේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සහ ප්‍රධාන නිලධාරි කසුන් පලිසේන යන සැකකරුවන් සම්බන්ධයෙන් ඇප නියෝගය ලබන 16 වැනි දා ලබා දෙන බවට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (9) දැනුම් දුන්නාය. 09 February 2018
2022දී ගෙවීමට ඇති ණය සේවා පිරිවැයවල වටිනාකම ඩො.බි. 21 - අගමැති වසර 2022 වනවිට ශ්‍රී ලංකාවට ගෙවීමට ඇති ණය සේවා පිරිවැය වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 21ක් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (8) පැවසීය. 08 February 2018
යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයට ලංකාවත් යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයට ශ්‍රී ලංකාවද ඇතුළත් වීමේ දැඩි අවධානමක් පවතින බව යුරෝපා පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය අද (08) වාර්තා කළේය. 08 February 2018
හිටපු ජනපති අතිරේක ලේකම්ට ඇප ජනාධිපති ලේකම් කාර්යාලයට වාහන මිලදී ගෙන රජයේ මුදල් ලක්ෂ 175 ක් වංචා කිරිමේ සිද්ධියට අදාලව රිමාන්ඩ් බාරයේ සිටි හිටපු ජනපති අතිරේක ලේකම් කේ.ඩී.ගුණරත්න මහතා ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (8) නියෝග කළාය. 08 February 2018
ජනපති නියමයෙන් බි්රගේඩියර් පි‍්‍රයංක යළි සේවයේ බි්රතාන්යයේ ලන්ඩන් අගනුවර ශි‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිටදි උද්ඝෝෂයේ නිරත පිරිසකට අතින් ‘‘ ගෙළ සිද දමන ’’ ආකාරය නිරූපණය කිරීමේ සිද්ධිය මුල්කරගෙන රාජකාරි කටයුතු වලින් ඉවත්කර සිටි ශි‍්‍ර ලංකා 07 February 2018
කාන්තාවට අතවර කරන්න ගිය පෙදරේරුවා පොරෝ පහරින් මරුට ගලෙන්බිදුණුවැව දුටුවැව ප්‍රදේශයේ නිවසක පදිංචි 57 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ නිවසට අද (7) අලුයම පෙදරේරුවකු (39) ඇතුළු වී ඇයට අතවර කිරිමට තැත් කිරිමේදි ඇය විසින් එල්ල කරන ලද පොරෝ පහරකින් ඔහු මිය ගොස් ඇතැයි ගලෙන්බිදුණුවැව පොලිසිය කියයි. 07 February 2018
මන්ත්‍රීවරු රැසක් දූෂණ වංචා විවාදය මගහරිති පාර්ලිමේන්තුවේ දී අද (06) පැවති බැඳුම්කර හා බරපතල දූෂණ වංචා පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තා පිළිබඳ විවාදයට සහභාගිවීම සඳහා පැමිණ සිටියේ මන්ත්‍රීවරුන් අඩු සංඛ්‍යාවකි. 06 February 2018
වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කිරීමට විරෝධය වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ අවම ප්රමිතීන් ඇතුළත් ගැසට් නිවේදනයට විරෝධය දක්වන අතර එය අහෝසි කරන්නැයි සෞඛ්‍ය ඇමතිවරයාට බලකර සිටින බව වෛද්‍ය පීඨ ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි. 06 February 2018
මාලේ හිටපු ජනපති ඇමරිකාවෙන් - ඉන්දියාවෙන් සහය ඉල්ලයි වත්මන් ජනාධිපති අබ්දුල්ලා යමීන් ධුරයෙන් ඉවත් කිරීමට සහාය වන්නැයි මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලා ඇත. 06 February 2018
සියලුම පාසල් 9 වැනි දා වසයි පළාත් පාලන මැතිවරණ හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් මේ මස 9 වැනි සිකුරාදා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 06 February 2018
දුම්රිය පාපුවරුවේ ගිය පිරිසක් ලොරියක වැදී බිම - 4ක් මරුට කොළඹ සිට දකුණු කළුතර බලා ධාවනය වෙමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රියක පාපුවරුවේ ගමන් ගත් පිරිසක් අද පස්වරුවේ ලුනාව පාලන අසල නවතා තිබූ ලොරියක ගැටීමෙන් සිවු දෙනෙකු මියගොස් තවත් හය දෙනකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව අඟුලාන පොලිසිය කියයි. 05 February 2018
ඇලෝසියස් - පලිසේන 16 දා තෙක් රක්ෂිත බන්ධනාගාරයට බැඳුම්කර වංචාවට අදාළ සැකපිට අත්අඩංගුවට ගෙන සිටි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ නියෝගය මත පෙබරවාරි 16 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. 05 February 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026