පුෂ්පකුමාර ජයරත්න
වයඹ පළාත් සභා මැතිවරණයේ දී සතොස මුදල් අවභාවිතා කළැයි චෝදනාවට ලක්ව සිටින පසුගිය රජයේ වෙළඳ ඇමැති ලෙස කටයුතු කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනකු නඩුව අසා නිමවන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද (3) නියෝග කළාය.
මෙම නඩුව අඛණ්ඩව විභාගයට ගන්නා ලෙස ද එතෙක් විත්තිකරුවන් රිමාන්ඩ් බාරයේ තබන ලෙස විනිසුරුවරිය නියෝග කළාය.
මෙලෙස රිමාන්ඩ් බාරයට පත් වුයේ හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පෞද්ගලික ලේකම් මොහොමඩ් ෂකීර් සහ සතොස සභාපති නලීන් ප්‍රනාන්දු යන තිදෙනාය.
නඩුව විභාගයට ගත් අද (3) එවකට සතොස ගණකාධිකාරී බෝතේජු නැමැති අයකු විසින් සාක්කි දෙනු ලැබීය.
කුරුණෑගල යන්තම්පලාව සතොස ශාඛාවෙන් ලබාගත් භාණ්ඩ තොගයක් සඳහා රාජ්‍ය මුදල් අවභාවිතා කළැයි මොවුන්ට එරෙහිව නීතිපති චෝදනා ගොනුකර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මෙහෙමනේ වැඩ වෙන්න ඕන.
මම හරිම කැමතියි මේ විදියට නඩු දිගටම අහනවට - ජය වේවා.!
තව කී දෙනෙක් ඉන්නවද ඊට කලින් යවන්න. අමතක කරන්න ඵපා මහ බැංකුව.
සාමාන්‍ය පෙළ වත් පාස් නැතිව වෙළඳ ඇමැතිකම් කරලා රටට කරපු හරිය හොඳටම ඇති, ඒවට වන්දි ගෙවන්න දැන් ඉතිං යන්න මහ උළු ගෙදරට...
කිසිම විරුද්ධත්වයක් නැත. දඬුවම් කොරන්න.
එතකොට රනී, රවී ඇතුළට දාන්නේ නැද්ද?
මේ සිද්ධිය දිහා බැලුවම පෙනෙන්නේ නීතිපති හරහා ප්‍රබල දේශපාලන මැදිහත් වීමක් සිදුවී ඇති බවය. මහින්ද පිලේ මුදල් පොම්පාගාරය මොහුය බන්ධනාගාරගත කිරීමෙන් 5 වෙනිදාට තිබෙන විරෝධතාවය වැළැක්වීමේ උත්සාහයක් ගන්නා බව පෙනෙන්නට ඇත. මෙම පුද්ගලයා මහජන මුදල් අවබාවිතා කළ බවට චෝදනා ඇතිබව මුළු රටම දන්නා කාරණයකි. මොහු මෙම චෝදනාවට වැරදි කරුවෙකු ලෙස හැඟෙන නමුත් එය තීරණය කලයුත්තේ ගරු අධිකරණය විසින්ය. තමාගේ ප්‍රතිවිරුද්ධ පුද්ගලයින් මර්ධනය සඳහා පාලකයන් විසින් ගරු අධිකරණය යොදා ගැනීම හෙලා දැකිය යුතුවේ. යහපාලන රජය සිදුකරන්නේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ කලාමෙන් නීතිය අවබාවිතා කිරීමයි. කම්කරුවාට සහ අගමැතිවරයාට එක හා සමානව නීතිය ක්‍රියාත්මක වීම සිහිනයක් පමණි.
අනේ අපේ බැසිල්, වීරවංශ මහත්වරුන්ගේ නඩුත් ඔහොම අහමුකෝ...
ඡන්දයක් ලඟ ලඟ එන හැඩයි.. මෙගා නාට්‍යයේ තවත් කොටසක්... හෙට බන්ධනාගාර රෝහලේ... අනිද්දා ඇප..
කොහොම කරත් ඔය තීන්දුව නෙවෙයිනේ.. අවසානයේදී හැමෝම සතුටින් විසිර ගියා...
හොර පාස්පෝර්ට් කාරයවත් ඔය ගමන්ම තල්ලු කළානම් තනිවටත් එක්ක....
එ්කාබද්ධයේ ජනබල මෙහයුමත් ළඟ. එකාබද්ධයේ ඉන්න අනිකුත් හොරුන්ටත් මේක අනතුරු ඇඟවීමක්...
මෙයා කතා කරන්නේ සුදු පිරුවට ඇඳගෙන ඉන්න කෙනෙක් වගේ... ඒ වුණාට කරලා තියෙන්නේ හොරකම්... ඒ වගේම කතා කරන්න දන්නෙත් නැහැ ඒවත් කුණුකතා තමයි..
අවුරුදු තුනකට කලින් වෙන්න තිබුණ දේ දැන්නේ සිද්ධ වෙන්නේ. එදා මේවගේ වැඩ සිද්ධ උනානම් අද තියෙන ජන බලය ගොඩ නැඟෙන්නේ නැහැනේ. දැන් හොඳටම පරක්කු වැඩි මගේ හිතේ.
ගොඩක් හොඳයි.. නාමල්, විමල්, ගම්මන්පිලලා වගේ අනෙක් අය නැත්තේ ඇයි?
බය වෙන්න එපා අද හවසටම මේ අය අසනීප වෙනවා කෙලින්ම යන්නේ රෝහලට
සදාකාලිකවම නම් මේ අය ඇතුළට දාන්න ඕනේ... කරන්නේම ජරා වැඩමයි. ඉස්කෝලේ ගිහින් නැහැ. නීතියට ස්තුතියි..!!!
මේ එතකොට අපේ සකල සබ්බයම නැති කොරල මහා බැංකුවම කොල්ල කාපු එකත් අපේ සල්ලි වලින් පිටරටවල හෝටල් හදපු එංගලන්තයේ මාලිගාවල් ගත්තු නොනලගේ ඒවත් මේ වගේම කරනවා නම් අපිට ජයවේවා.!
හාම්පුතාට වූ අකරතැබ්බයට කම්පා වෙන රැල දැක්කාම තනි ඇහැට ඇඬෙනවා දෝරේ..
ගොඩක් හොද වැඩක් මුන්ව අනිවර්යෙන් හිර කරලා දේපල රජ සන්තක කරන්නද ඕන ..ප්‍රසිද්ධ හොරු ලිස්ට් එක ... ගොඩක් ඉන්නවා , කිසිස්ම මාධ්‍යකට බැරිද මේ මිනිස්සු ගැන හරියට විස්තර හොයල එලියට දන්නා . මොකද දැන් මේ දේශපාලක කාලකන්නි හම්බ කරන්නේ මුන්ගේ දෙවෙනි පරම්පරවටයි.දැන් මුන් මුන්ගේ ළමයින්ගේ ළමයින්ට ලංකාවෙන් පිට දේපල ගන්නවා , ලංකාවෙන් පිට යවල උගන්න්නනවා . බහුතරයගේ වයස දැන් 60 ට වැඩි ..
දැන්වත් අලුත් දවසකට, නවලොවකට ඉර පායයිද?
නඩුව අසා නිමවන තුරු ජොන්ස්ටන් ඇතුළු තිදෙනා ගෙදර ගෙනත් තියා ගත්තත් අපිට කමක් නැත. වැරදිනම් දෙන්න පුළුවන් ඉහලම දඬුවම දෙන්න. ඒ ජොන්සන් එක්ක තිබෙන තරහට නොවෙයි යහ පාලකයින් සමග තිබෙන තරහට. මොකද යහපාලකයින්ට මේක ඩබල් වෙලා පොළිය සමග ලැබෙනවා බලන්න ඕනේ නිසා.
නීතිය සාධාරණ වේගෙන එනවා වගේ දැනෙනවා. එ්ත්, කියන්න බෑ බලමු " නාගානන්ද කොඩිතුවක්කු " මැතිතුමාටත් වැඩ ඉතිරිවේවිද කියලා.. ගරු " මේනකා විජේසුන්දර " මැතිතුමියනි, ඔබතුමියට බොහොම ස්තුතියි.
කියලා වැඩක් නැහැ... ලියන අදහස් පට ගාලා පලවෙනවා.
"අවුරුදු තුනකට කලින් වෙන්න තිබුණ දේ දැන්නේ සිද්ධ වෙන්නේ. එදා මේ වගේ වැඩ සිද්ධ උනානම් අද තියෙන ජන බලය ගොඩ නැඟෙන්නේ නැහැනේ. දැන් හොඳටම පරක්කු වැඩි මගේ හිතේ." මෙන්න තවත් හොඳ කතාවක්. එදා මේවගේ වැඩ සිද්ධ උනානම් අද බදු ගහන්නේ නැද්ද? පැට්‍රොල් මිල වැඩිවෙන්නේ නැද්ද,? මහබැංකුව මංකොල්ල කන්නේ නැද්ද? ගෑස්මිල වැඩිවෙන්නේ නැද්ද? කොටින්ම අපිට කෙලවෙන්නේ නැද්ද? හොරු ඇල්ලුවා කියලා රටේ සංවර්ධනයක් ඇතිවෙන්නේ හෝ රැකීරක්ෂා ඇතිවෙන්නේ නැත. රටක් දියුණුවෙන්න ආර්ථිකය ගොඩ නගන්න ඕනේ කෝ මුන් ඒවා කලේ නැහැනේ. කොටි ගණන්වල කාර් ගෙන්න ගත්තා. අපිට බදු ගහල උන්ගේ හා රජයේ සේවකයින්ගේ පඩි වැඩි කළා. දැන් ඔබලාට හොඳයිද?
බොහොම හොඳ තීන්දුවක්. බරපතල දඬුවම් දෙන්න.
පවු අනේ. ජනතාවගේ යහපතට එතනෝල් ටිකක් වත් සප්ලයි කරපු පින්වතාට මෙහෙම කරන එක හරිද මන් අහන්නේ! අපි ගලේබණ්ඩාර කෝවිලේ පොල් ගහමු!
සුමන් කල්යාන් මහත්මයා, නාගානන්ද මත්මයා තවම ව්‍යවස්තාව හදලත් ඉවර නෑ අපටනම් බයවෙන්න දෙයක් නෑ. බයවෙන්ඩ ඕන අය දැන්ම වෙඩිමුර තියාගන්ඩ හදනවා. අපි කලබලයක් නොකර බලාගෙන ඉඳිමු. ඕන වෙලාවට අපි අපෙ යුතුකම හරියට ම කරමු. කල්පනාවෙන්, ඉවසීමෙන් එතෙක් බලාගෙන ඉමු.
ජනපතිවරණ සමයේ සතොස භාණ්ඩවලට අදාළ රාජ්‍ය මුදල් අවභාවිතයද , නැතිනම් මහා බැංකු කොල්ලය යි කියන සිද්ධියද ප්‍රථමයෙන් සිදුවුණේ ? ? ? ? ?
අපට නම් බයවෙන්න දෙයක් නෑ. මෙහෙම කීවේ කොහොමද.