පුෂ්පකුමාර ජයරත්න
වයඹ පළාත් සභා මැතිවරණයේ දී සතොස මුදල් අවභාවිතා කළැයි චෝදනාවට ලක්ව සිටින පසුගිය රජයේ වෙළඳ ඇමැති ලෙස කටයුතු කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනකු නඩුව අසා නිමවන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද (3) නියෝග කළාය.
මෙම නඩුව අඛණ්ඩව විභාගයට ගන්නා ලෙස ද එතෙක් විත්තිකරුවන් රිමාන්ඩ් බාරයේ තබන ලෙස විනිසුරුවරිය නියෝග කළාය.
මෙලෙස රිමාන්ඩ් බාරයට පත් වුයේ හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පෞද්ගලික ලේකම් මොහොමඩ් ෂකීර් සහ සතොස සභාපති නලීන් ප්‍රනාන්දු යන තිදෙනාය.
නඩුව විභාගයට ගත් අද (3) එවකට සතොස ගණකාධිකාරී බෝතේජු නැමැති අයකු විසින් සාක්කි දෙනු ලැබීය.
කුරුණෑගල යන්තම්පලාව සතොස ශාඛාවෙන් ලබාගත් භාණ්ඩ තොගයක් සඳහා රාජ්‍ය මුදල් අවභාවිතා කළැයි මොවුන්ට එරෙහිව නීතිපති චෝදනා ගොනුකර ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.