( සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු )
කිරි පැකට් පිළිබඳ ප්‍රශ්නයකට කොළඹ දිස්ත්‍රික් එජාප මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු අතර සිදු වු බහින් බස් වීමකින් අද (07) පස්වරුවේදී මැතිසබය උණුසුම් විය.
මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විගණකාධිපතිවරයාගේ වැටුප් වැඩිකිරීමට අදාල යෝජනාව පිළිබඳව පැවැති විවාදයේදී අදහස් දක්වමින් සිටියදීය මෙම උනුස්ම් තතත්වය ඇති විය.
මෙහිදී නැඟි සිටි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.
‘අපේ උද්ඝෝෂණයට ආපු ජනතාවට මුජිබර් මන්ත්‍රීතුමා පරණ කිරිපැකට් දීලා පිරිසක් ඒවා බීලා ලෙඩ වුණා.මේක කළේ මෙතුමා මේවා ජරා වැඩ.
මුජිබර් රහුමාන් මහතා
‘බොරු චෝදනාවක් .අපි ගෑනු වැඩ කරන්නේ නැහැ.එයාලා තමයි ඒවා කරන්නේ.කරන දෙයක් අපි කරන්නේ එළිපිටමයි.හැංගි හොරා වැඩ නැහැ.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා
මෙතුමා එතනට ඇවිත් තියෙන්නේ බීමතිනුයි.
රහුමාන් මහතා
මම අරක්කු බොන්නේ නැහැ.හැබැයි ඔබතුමානම් බීලා ෂැංග්‍රිලා හෝටලයේ හිටියා කියලා ආරංචියි.
(ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කෑ ගසති.)
රහුමාන් මහතා
අරාබි වසන්තයක් කරන්න ආපු අය අරක්කු වසන්තයක් කළා. ලැජ්ජයි. කොළඹ වටලනවා කිව්වට වැටලුවාද?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතන කෑ ගහන මන්ත්‍රීලාගෙන් ඡන්ද 1000 තමන්ගේ පක්ෂෙන් ගන්න බැරි කට්ටිය තමයි වැඩිපුර ඉන්නේ. ඒ අයට මහින්ද නැතිදාට මොනවා වෙයිද කියල හිතා ගන්න වත් බැහැ.
ගරු කතානායකතුමනි, පහුගිය දවස් දෙක තුනෙහි පාර්ලිමේන්තුවේ ඝනපූර්ණය රැකගන්න බැරිවුණා. ජනතාවට අදාල නොවන මේවගේ අනවශ්‍ය කාලගෝට්ටි අනෙක් දවස්වල ඇහෙන්නේ නැහැ. මේක එක අතකින් ජනතාවගේම වැරැද්ද නූගතුන් පාර්ලිමේන්තු යැවීමේ විපාකයයි...
රනිල් නැතිදාට අනිත් අයටත් එහෙම තමයි රෝහණ..
කිරි පැකට්වලට වස මිශ්‍ර කරලා දීපු එක ගැන වාර්තා නොකරන්නේ ඇයි..?
කිරි පැකට්වලටත් වස දාලා දීලා තමයි මේ අය මේ සුදනන් වගේ කතා කරන්නේ..
හොඳ වැඩේ, පෙරේතකමට අනුන්ගෙන් කන්න යන එවුන්ට. තමන්ගේ මහන්සියෙන් වැඩක් නොකර, පිනට කාලා,ආතල් ගන්න යන ඔය වගේ එවුන්ට අවුරුද්දක් වත් බඩ යන බෙහෙතක් දුන්නා නම් තමයි වඩා හොඳ.
කිරි බොන විට ඔබ මත්පැන් සහ මත්පැන් පානය කරන්නේ ඔබ රෝගාතුරවීම හා පාචනය ඇති කරයි. මෙම දේවල් නොදන්නා නිසා ඔවුන් බොරුවක්වත් කරන්නේ කෙසේද
මෙය අරක්කු බොන්නේ නැති එක ඇත්ත වෙන්න පුළුවන්. අරක්කු වගේද විස්කි...
ෂා බැරිද ඔය කියන ජාතියේ කිරිපැකට් දවසට 225 ගානේ අවුරුද්ද පුරාවටම දියවන්නාවට දෙන්න. හැමදාම වැසිකිලි කතා කියකියා එතන නාස්ති කරන මහජන මුදල්වලින් නියඟයෙන් දුක්විඳින අයට සහන සලසන්න පුළුවන්. රට සංවර්ධනය කරන්න පුළුවන්.
250 යේ බල වැඩ. සපලයි වැඩි වෙන කොට ඔහම දේවල් වෙනවා. මේවා දුප්පත් කම නිසාද එහෙම නැතිනම් ඉල්ලන් කන්න ගියාද කියල ඒ කට්ටියම තමයි දන්නේ.
චිත්‍රා ,පිස්සකුට තවකෙකුව පිස්සෙක් ලෙස පේන එකේ වරදක් මම දකින්නේ නැහ