ප.ව.8.35 - ‘ආණ්ඩුව රට ඒකාධිපතිත්වයක් කරා ගෙන යනවා‘ - මහින්ද
(නාලක සංජීව දහනායක)
වර්තමාන ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කරමින් රට ඒකාධිපතිත්වයක් කරා ගෙනයමින් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ලෝටස් වටරවුමේ පැවැති ජනබලය උද්ඝෝෂණයේ සත්‍යග්‍රහයෙන් පසු ජනතාව අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වු හිටපුජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.
‘‘අවුරුදු 25 කට පස්සේ පළාත් පාලනමැතිවරණයක් ගේන්න පුලුවන් වුණා මට. මම යුද්දය ඉවර කරලා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරපු නිසයි අද අගමැතිතුමාටත්, ජනාධිපතිතුමාටත් උතුරට ගිහින් එන්න පුළුවන්වෙලා තියෙන්නේ.‘‘
ප.ව.8.10 - සත්‍යග්‍රහයෙන් පසු හිටපු ජනපති ලෝටස් පාරට පැමිණේ
හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ලෝටස් පාරේ සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයට මීට ටික වේලාවකට පෙර පැමිණියේය.
පන්දම් දල්වාගෙන පැවැති සත්‍යග්‍රහය නිමාවීමෙන් පසු හිටපු ජනපති පැමිණෙන තුරු විරෝධතාකරුවෝ බලා සිටියහ.
හිටපු ජනාධිපතිවරයා පැමිණෙන විට රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීති ඝෝෂා පවත්වමින් හිටපු ජනපති පිළිගත්හ.
(ඡායාරූප ඉෂාන් සංජීව සහ ජයමාල් චන්ද්‍රසිරි)






ප.ව.8.00 - සත්‍යග්‍රහයෙන් පසු පන්දම් නිවා දමයි
‘අතේ තියෙන පන්දම් නිවන්න. පන්දම්වලින් අනවශ්‍ය දේවල් කරන්න එපා. ‘ යැයි සංවිධායකයෝ ඉල්ලති. සත්‍යග්‍රහයෙන් පසු පිරිත් දේශනයක් ද පැවැත්විණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම ස්ථානයට පැමිණෙන තුරු විරෝධතාකරුවෝ බලා සිටිති.
ප.ව.7.55 - සත්‍යග්‍රහයෙන් පසු සෙත් පිරිත්
ලේක්හවුස් ආයතනය අසලින් ලෝටස් පාර අවහිර කරගෙන පැවැති සත්‍යග්‍රහයෙන් පසු ස්වාමීන්වහන්සේලා සෙත් පිරිත් දේශනා කළහ.ප.ව.7.55 - සත්‍යග්‍රහයෙන් පසු සෙත් පිරිත්
ලේක්හවුස් ආයතනය අසලින් ලෝටස් පාර අවහිර කරගෙන පැවැති සත්‍යග්‍රහයෙන් පසු ස්වාමීන්වහන්සේලා සෙත් පිරිත් දේශනා කළහ.
ප.ව.7.35 - ලෝටස් පාර හරස් කර සත්‍යග්‍රහය අරඹති
(ශිරාන් රණසිංහ)
කොළඹ ලෝටස් පාර අවහිර වන අයුරින් තාවකාලික වේදිකාවක් ඉදි කළ උද්ඝෝෂකයෝ ඉටිපන්දම් දල්වා සත්‍යග්‍රහය ඇරැඹුහ.
රාත්‍රී 8 ට පමණ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් එම ස්ථානයට පැමිණිමට නියමිතව ඇත.
(ඡායාරූප ඉෂාන් සංජීව සහ ජයමාල් චන්ද්‍රසිරි)



ප.ව 6.20 - අරලියගහ මැදුරේ ආරක්ෂාව තරකෙරේ
අරලියගහ මන්දිරය අවට ආරක්ෂාව තර කර ඇතැයි පොලිසිය කියයි.
පොලීසිය , පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කැරලි මර්දන භටයෝ ආරක්ෂාවට කැඳවනු ලැබ සිටිති.
ජල ප්රහාරක රථ ද ඒ අසල දැක ගත හැකිය.




(356)
ප.ව.6.05 - කොළඹට එන පාරවල් 5 ක් වහයි
(ඉන්දිකා රාමානයක සහ නිමල කොඩිතුවක්කු)
ජනබල පෙළපාළිය නිසා මාර්ග කිහිපයක් අවහිර වී ඇති බව පොලිසිය කියයි.
ලේක්හවුස් වටරවුම, චිත්තම්පලම් ගාඩිනර් මාවත, ලෝටස් පාර, හිල්ටන් වටරවුම, ඕල්කට් මාවත සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති බව පොලිස් මුලස්ථානය කියයි.
ප.ව.5.51 - යන තැන තවම තීරණයක් නෑ
(ශිරාන් රණසිංහ)
විවිධ ප්‍රදේශවලින් පැමිණි පිරිස් ලේක්හවුස් වටරවුම අසල රැස්ව සිටියත් ඊළඟට සිදු කරන්නේ කුමක්ද යන්න තවමත් නොදන්නා බව ඔවුහු කියති.
ලේක් හවුස් වටරවුමේ සිට ඊළඟට යන්නේ තොකනකටදැයි තවමත් තීරණයක් නැති බව දැනගන්නට තිබේ.
පැය තුනක පමණ සිට ඔවුහු ලේක්හවුස් වට රවුම අසල රැස්ව සිටිති.
ප.ව 5.30 - ලේක්හවුස් වට රවුම අවහිරවේ
ජන බල රැලියට සහභාගී වන පිරිස් පෙළපාළිවලින් පැමිණ ලේක් හවුස් වටරවුමට රැස්වීම නිසා ඒ අවට අවහිර වී තිබේ.
ලේක්හවුස් වටරවුම හරහා ගමනාගමනය මුළුමනින්ම බිඳවැටී ඇති අයුරු දැක ගත හැකි විය.

(ඡායාරූපය -ලහිරු හර්ෂණ)
ප.ව.4.45 - පෙළපාළි ලේක්හවුස් වටරවුමට ළඟාවේ
විවිධ පැතිවලින් ජන බල රැලියට ආ පෙළපාළි කොළඹ ලේක්හවුස් වටරවුමට ළඟ විය.


(ඡායාරූප -ලහිරු හර්ෂණ )
ප.ව 4.15 - මහින්ද සහ ගෝඨා කොටුවෙන් ජන බලයට එක්වෙති
(නාලක සංජීව දහනායක සහ ශිරාන් රණසිංහ)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභට රාජපක්ෂ මහතා පිටකොටුව බෝධිය අසලින් ජන බල රැලියට යන පාගමනට සම්බන්ධ වූහ.
කොටුව බෝධිය අසලට පැමිණි හිටපු ජනාධිපතිවරයා මුලින්ම එම ස්ථානයේ ඇති විහාරස්ථානයට ගියේය.


(ඡායාරූපය - ලහිරු හර්ෂණ)
ප.ව. 4.00 - ‘‘ලංකාවෙම පොලිසි කොළඹට කැඳවලා‘‘ - නාමල්
නිමල කොඩිතුවක්කු
අද කොළඹට මුලු ලංකාවේම පොලීසි කැඳවා ඇති බවත් යුද සමයේදීවත් මෙතරම් පොලීසියක් කොළඹ නොසිටි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
සාමකාමී ජනබල රැලියක් පැවැත්වීමට සියලු කටයුතු සුදානමින් තිබියදීත් ආණ්ඩුවයි, පොලීසියයි, මංගල සමරවීරයි මේ රැලියට බය වී ඇති බවද හෙතෙම සඳහන් කළේය.
(356)
ප.ව. 3.28 - සාකච්ඡාවෙන් පසු මහින්ද ඇතුළු පිරිස විජේරාමයෙන් පිටත්වෙති
නිමල කොඩිතුවක්කු
ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ සාකච්ඡාවෙන් පසු හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන,උදය ගම්මන්පිල සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඇතුළු පිරිස කොළඹට පැමිණීමට පිටත්වූහ.



(ඡායාරූප -චතුර කොඩිකාර)
(356)
ප.ව 3.10 - හවස 5ට රැලිය ඇරැඹේ
(නිමල කොඩිතුවක්කු )
රැලිය සඳහා දිවයිනේ නන් දෙසින් පැමිණෙන පිරිස් සවස 5 වන විට කොටුව ලේක්හවුස් වටරවුමට පැමිණීමට සැළසුම් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
ප.ව. 2.55 - පෙළපාළි දෙකක් ඇරැඹේ
(ඉන්දිකා රාමනායක)
විරෝධතාවයට සහාගී වීම සඳහා මාලිගාවත්ත පී ඩී සිරිසේන ක්‍රීඩාංගනයේ හා විහාරමහාදේවි උද්‍යානයේ සිට පෙළපාළි දෙකක් කොළඹ කොටුව දෙසට ගමන් කරීම ආරම්භ විය.



(ඡායාරූප -නිමන්ති රණසිංහ )
ප.ව.2.50 - නාමල් බෝගහ හංදියට පැමිණෙයි
විරෝධතාවට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තු නාමල් රාජපක්ෂ කොළඹ කොටුවේ බෝගහ හංදියට පැමිණියේය.
ප.ව.1.52 - ඒකාබද්ධයේ නායකයන්ගේ රැස්වීමට ගෝඨාභයත්
විජේරාමයේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ රැස්වීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද පැමිණියේය.

ප.ව.1.52 - ඒකාබද්ධයේ නායකයෝ විජේරාමයේදී රැස්වෙති
ඒකාබද්ධ විපක්ෂයේ ජනබල රැලිය සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් එහි පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් විජේරාමයේ පිහිටි හිටපු ජනපතිගේ නිවසේදී පැවැත්වේ.
ප.ව 1.50 - ජන බල රැලිය ලේක්හවුස් වටරවුමේ
ඒකාබද්ධ විපක්ෂයේ ජනබල රැලිය අද සවස කොළඹ ලේක්හවුස් වටරවුමේදී පැවැත්වෙන බව එහි නියෝජිතයෝ කියති.




(ඡායාරූප- ජයමාල් චන්ද්‍රසිරි )
ප.ව.1.45 - පොදු ජන නීතීඥ සංගමයත් ජන බලය රැලියට
නිමන්ති රණසිංහ
ඒකාබද්ධ විපක්ෂය අද (05) කොළඹ දී පවත්වනු ලබන ජන බල විරෝධි රැලියට සමාගමීව ශ්‍රී ලංකා පොදුජන නීතීඥ සංගමයය මගින් අරඹනු ලැබු පාගමන ගත් අලුත්කඩේ උසාවිය අසලින් මීට සුළු මොහොතකට පෙර ඇරැඹිණි.
ඔවුහු කොළඹ ලේක්හවුස් වටරවුම අසළට පැමිණිමට නියමිතය.


ප.ව.1.29 - විරෝධය දක්වන්න කොළඹ එද්දී පිරිසක් නිවාඩු දමා ගමට යති
(ශිරාන් රණසිංහ)
ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරනු ලබන විරෝධතාවයට සහභාගීවීම සඳහා දිවයිනේ ජනතාව සතර දෙසින් කොළඹ කරා ඇදෙමින් සිටින බව ඒ ඒ ප්‍රදේශවලින් වාර්තා වේ.
මොවුන් කොළඹ කොටුව ප්‍රදේශයට පැමිණීමට දැනට සැලසුම් කර ඇතැයි ද ඇතිවන තත්ත්වය අනුව එකතුවන ස්ථානය වෙනස්වීමට හැකි බව ද ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙක් කියා සිටියේය.
අද(05) කොළඹට රැස්වන ජනතාව හා ඔවුන්ගේ විරෝධතා පෙළපාලි නිසා ඊයේ(04) සවස දුර බැහැර ප්‍රදේශවල බොහෝ පිරිසක් පෞද්ගලික නිවාඩු දමා ගම්බිම් වලට ගොස් තිබිණි.
අද(05) ඇතැම් රාජ්‍ය හා පුද්ගලික කාර්යාලවලට පැමිණි සේවකයින්ගේ අඩුවක් ද පවතින බව ඒ ඒ ආයතනවල ප්‍රකාශකයෝ සඳහන් කළහ.
මේ වනවිට කාර්යාලවල බොහෝ අය වරු නිවාඩු දමා ගම්බිම් වලට යෑමට පටන්ගෙන ඇතැයි ද වාර්තා වේ.
ප.ව 1.18 - ඇමරිකානු තානාපති කාර්යාලයෙන් අවවාදයක්
ඒකාබද්ධ විපක්ෂය කොළඹදී පවත්වන විරෝධතාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු ජාතිකයන් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි.
විශාල ජනතාවක් එක්වන ස්ථාන මගහරින ලෙසත් ඇමෙරිකානු තානාපති කාර්යාලය ඇමෙරිකානු ජාතිකයන්ට උපදෙස් දී තිබේ.

ප.ව12.59 - ජල ප්රහාරක රථ 6 ක් සුදානමින්
ඉන්දිකා රාමනායක
ජනබල විරෝධතාවය නිමිත්තෙන් ආරක්ෂාව වෙනුවෙන් කොළඹ නගරයේ ස්ථාන රැසක පොලිස් ජල ප්රහාරක රථ 6 ක් සහ කැරලි මර්දන කණ්ඩායම් සහ විශේෂ කාර්ය බළකා කණ්ඩායම් ස්ථාන ගතකර ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.
ජනධිපති ලේකම් කාර්යලය, අරලියගහ මන්දිරය, ජනාධිපති නිල නිවෙස, කුරුදුවත්ත, කොටුව, පාර්ලිමේන්තුව යන ප‍්‍රදේශවල මෙම ජල ප්රහාරක රථ ස්ථාන ගතකර ඇති බවද පොලිස් ආරංචි මාර්ග කියයි.
මෙම ජල ප්රහාරක රථ වලට අමතරව කැරලි මර්දන කණ්ඩායම්, අතිරේක පොලිස් කණ්ඩායම් , විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම් ද ස්ථාන ගතකර ඇති බවත් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටි කොටුව ප‍්‍රදේශයට ද විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
ඡායාරූප - ළහිරු හර්ෂණ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරුන්ගේ රස්තියාදුව!
උතුරේ කට්ටිය සිංහලයෝ එපා කියල උද්ඝෝෂණය කළා ආණ්ඩුව නිදාගෙන හිටියේ. දැන් සිංහලයෝ ඇහැරුනාම බැටන් පොලු කඳුළු ගෑස් ජල ප්‍රහාර ඔක්කොම සූදානම්. කාටද මේ රටේ වැඩි අසාධාරණේ වෙන්නේ.
මහින්ද ඇතුළු නඩය තාම රට කන එක නවත්තල නැනේ. අද දවසේ රටේ පලදායිතාව බින්දුවයි නේ. ඒ විතරද, පාසල් ළමයින්ගේ අද දවසේ ඉගෙනීමත් ඉවරයි නේ.
සබන් දෙන්නේ නැද්ද? ජලය විතරද දෙන්නේ? සබනුත් දෙන්න තිබ්බ... අනේ අපේ සල්ලි ඔය.. දැන් ඔතනට අද මිනිස්සු කී දාහක් රැස් වෙනවද? අද වැඩ කරන සතියේ දවසක්. රටේ වැඩ කරන ජනතාව කී දෙනෙක් ඉන්නවද ඔතන බලන්න? කාර්යක්ෂම තාවය කොච්චර අද දවසේ රටේ පහලට යනවද? ලංකාවට ගොඩ ඒමක් නැහැ. අපි හැමදාම සංවර්ධනය වෙමින් පවතින බෝර්ඩ් එක එල්ලන් ඉමු.
ජලබල විරෝධතාවයේ උදෑසන තත්ත්වය; බස් 1782 ක සැලසුම අවුල්වී ඇත. ඊයේ රාත්‍රීයේ උතුරෙන් බස් 16 ක්ද නැගෙනහිරින් බස් 30 ක්ද කොළඹ බලා පිටත්ව ඇත.එම බස් රථ මේ වන විට මග ගමන් ගනිමින් තිබේ. දක්ෂිණ අධිවේගයට තවම බස් රථ කිසිවක් ඇතුළු වී නැත. කොළඹ රාත්‍රිය ගතකිරීමට ඉන්නේ දාහයි. එම පිරිසට කාන්තාවක් සහභාගී කර නොගන්නැයි උපදෙස් දී තිබේ. නාරාහේන්පිට අභයාරාමයේ 50,000 කට කෑම ද, පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙනේ තවත් 50,000 කට කෑම ද සූදානම් කිරීම පවරා තිබේ. රාත්‍රියේ දැල්වීමට පන්දම් 1000 ක් ද සූදානම් කර තිබේ.පාසැල් ඇරෙන වේලාවට ලිප්ටන් වටරවුම අවහිර කිරීමට සැලසුම් කර තිබේ. ඒකාබද්ධය සෝන්ඩර්ස් පෙදෙස, කැම්බල් පාර්ක්, විහාරමහා දේවී උද්‍යානය සහ ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගනය සඳහා අවසර ලබා ගැනීමට අයැදුම් කර තිබිණ. අද උදෑසන වන විට සැලසුම අනුව සෙනග ප්‍රධාන වශයෙන් කොටුවට සහ පිටකොටුවට ගෙන්වා ගැනීමට තීරණය කර ඇත. එතැනින් අරලියගහ මැදුර දක්වා ගමන් කිරීමට සූදානම් වේ."උපක්‍රම නෑ. උපායශීලී බවක් නෑ.ඒක අපි කිව්වට පිළිගන්නේ නෑ" යනුවෙන් ඊයේ පුජ්‍ය බෙන්ගමුවේ නාලක ස්වාමින් වහන්සේ කල ප්‍රකාශය බොහෝදෙනෙකුගේ සිත් අවුල් කිරීමට හේතුවී ඇත.
භීෂණය : අලුත්ම භීෂණය නාමල් භීෂණය වේ. කොළඹ පාසල් ළමයින්ගේ සමහර දෙමාපියන් දරුවන් පාසල් එවීමට බිය විය. සේවා ස්ථානවල සමහර ගැහැණු සේවකයින් පස්වරු නිවාඩු දැමීම දැනටමත් සිදුවී තිබේ. ඇමෙරිකාව විසින් මෙහි සිටින අයට කොළඹ නගරයේ සෙනග අතරට නොයන ලෙස දැනුම් දී ඇත. පෙර පැවතී භීෂණය ජේ.වී.පී එල්.ටී.ටී වේ. ප්‍රතිඵලය ඔවුන්ගේ මරණය රට ආර්ථිකය කඩා වැටීම, නාමල් ගේ අනාගතය? ත්‍රස්තවාදී ද? ප්‍රජාතන්ත්‍රවාදය? මෙය රජයට විරුද්ද උද්ඝෝෂණයට එහා ගිය ජනයා බිය වද්දන සහ ආර්ථිකය කඩා දමන ත්‍රස්තවාදයයි. ජනයා බිය වද්දන අයට රටේ නිතිය අනුව දඩුවම් කල යුතු නොවේද? එහෙත් සිරිසේන සහ රනිල්ගේ උපාය කුමක්දැයි බල සිටිමු.
මෙම උද්ඝෝෂණ නාටකයෙන් පෙනෙන දේ නම් මහින්දගේ අධික බල තණ්හාවයි.
එතකොට මහින්ද අගමැති වෙලා විමල් වීරවංශ නිවාස ඇමති වෙලා , බැසිල් ආර්ථික සංවර්ධන ඇමති වෙලා, නාමල් ක්‍රීඩා ඇමති වෙලා, ගම්මන්පිල බුද්ධ ශාසන ඇමති වෙලා, ජී ඇල් මුදල් ඇමති වෙලා, දිනේෂ් ප්‍රවාහන ඇමති වෙලා, පාදෙණිය සෞඛ්‍ය ඇමති වෙලා, වාසු රාජ්‍ය භාෂා ඇමති වෙලා, බදුර්දීන් වනජීවී ඇමති වෙලා තොන්ඩමන්, රවුෆ් හකීම් වගේ දේශප්‍රේමීන් එක්ක රට දියුණු කරන කොට බඩු මිල අඩුවෙලා, පඩි වැඩිවෙලා අපිට සතුටින් ඉන්න පුළුවන් නේද? හුරේ හුරේ ජනබලේට හුරේ.... ඩෝප් හිදෙන්නම වතුර හෙම ගහනවා නෙවෙයි ඔන්න....!
ඒ එදානේ දැන් රට කන්නේ කවුද ?
මෙවන් උද්ඝෝෂණ මගින් රටේ සිටින නිකමුන් ගණන පිලිබඳ අදහසක් ලබා ගැනීමට හැකිය.
මම නම් මේක දකින්නේ ගමේ ඡන්ඩියෙක් කසිප්පු ගහල හන්දියට ඇවිත් සරම උස්සගෙන කෑගහල හූ හඬ මැද්දේ පල්ලම් බහිනවා වගේ. මහින්ද කියන්නේ අසහාය නායකයෙක්. විමල් ,ගම්මන්පිල මහින්දානන්ද ,රෝහිත, සහ නාමල් යන දේශපාලන අන්ධබාලයෝ කියන දේ අහල තමන්ගේ ප්‍රතිරූපය බිංදුවට දාගන්නවා. ඔය සෙට් එක හලලා එන්න .ජනතාව අයෙමත් ඔබව රජ කරවී ..
පව් මේ සේරම... ඡන්දෙදි තමන්ට ඕන එකාට කතිරෙ ගහල දිනවනව ඇරෙන්න, බෝතලෙටයි බත් පැකට් එකටයි කොලඹ ඇවිල්ල ආණ්ඩු පෙරලන්න පුළුවන් කියල හිතන මේ වගේ එවුන් එක්ක කොහොමද බොල රටක් දියුණු කරන්නෙ
මේකේ තියෙන ප්‍රතිචාර වලින් පෙනෙනවා දැන් දැන් පොහොට්ටුවත් මිනිස්සුන්ට එපා වේගෙන එන බව
මහින්ද හදන්නේ මෙවැනි දේකරලා තමන් කරපු හොරකම් වහගන්න මෙයට බලයට එන්නදෙන්න නරකයි...
මෙයාලගේ බෙලි වලට වැටිලා තියන තොණ්ඩු .. එන්න .. එන්නම තද වෙනවා .. ! තොණ්ඩුව තද වෙන්න .. වෙන්නම .. මෙයාලත් කස්සල්ලට සහ නොසන්සුන්භාවයට පත්වෙනවා . . !
අපි අවදානයෙන් ඉන්න ඕන හේතුව මේ හැමදෙයක්ම විපක්ෂේ කරන්නේ ඒ අයගේ හොරකම් වහ ගන්න, දැන් ජොන්ස්ටන් හිරේ නාමල් හෙට අනිද්දා යනවා ඊට පස්සේ ගෝඨාභය ඊට පස්සේ බැසිල් ,විමල්, ගම්මන්පිල ,කළුතර රත්තන් මුන් ඔක්කොම පෝලිමේ යන්න ඉන්නේ හිරේ ඉතින් ඒවා වහගන්න තමි මේ ඔක්කොම, බුද්ධියෙන් පක්ෂ පාට නැතුව හිතන්න.
හොරු , හොරුවෙනුවෙන් පෙළපාලි යති.........
පොහොට්ටුවේ හැමෝම මෙතන අදහස් දක්වන්නෙ නෑනේ නන්දන..මේකෙ තියෙන අදහස් වලින් විතරක් ඒක තීරණය කරන්න බෑ..ඡන්දයක් තියන්න කියන්නකො බලන්න .අන්න එදාට දැන ගන්න පුළුවන් ඇත්ත තත්ත්වය මොකක්ද කියලා
අනේ එහෙනම් මහින්ද රජෝ හොර මැරකම් නොකර මේ සිල් රකින ආණ්ඩුව ම ආයෙත් බලයට ගේමු හොඳේ ..
මුන් දෙගොල්ලොම කරන්නේ එක. ගමේ ඉන්න එවුන්ව පක්ෂ වලට කලා බේද කරලා, නගරයට වෙලා සුර සැප විඳිනවා. ඔවුන් එකෙක්වත් විශ්වාස කරන්ට එපා.
මෙවැනි විහිලු වැඩ දිනපතාම, වසර පුරාම සිදුවෙනවා නම් කොච්චර විනෝද ද? ප්‍රශ්න විසඳගන්න උද්ගෝෂණයක් කරනවට වඩා, වඩා විනෝදයට රැලේ යන විහිළුකාරයෝ සිටින රටක් ලෙස ලෝකෙටම ප්‍රදර්ශනය කරන්න හොඳ අවස්තාවක් මේක.
අපි මහින්ද සමගයි... අපිත් යනවා රැලියට. ඔයාලත් එන්න.
මහින්ද වටා ඉන්න අය මේ ආණ්ඩුව පත්වූදා ඉඳන්ම වර්ජන ගර්ජන..
කට්ටියට කියක් දීලා ගෙන්නුවද දන්නේ නෑ. 2020 හොර බොරු නැති අලුත් කෙනෙක් එන්න ඕන. මං නං කියන්නේ සංගක්කාර 2020 ජනාධිපති උනොත් වෙනසක් දකින්න පුළුවන්, සංගා හොර බොරු නැති කෙනෙක්. ඒක රටම දන්නවා. සංගාව කොහොම හරි 2020 ජනාධිපති කරමු.
මේ අය එන්නේ රට ගැන හිතලවත්, ජනතාව ගැන හිතලවත් නෙවෙයි. මේ අයගේ වාසියට
මේ සේරගේම උත්සාහය ආණ්ඩුව පෙරලීම නොවේ. ඒක වෙන්නේ නැති බව ඒගොල්ලෝ දන්නවා. ඒ වෙනුවට නාමල් රාජපක්ෂ නායක කිරීම සහ හොරු බේරීම සඳහා නඩුකාරයන්ට මානසික බලපෑම් කිරීම තමයි මේ ඒකායන අරමුණ.
අපි මේවට කලබල විය යුතු නැහැ. මේ අයට මේ හැමදේටම ඉඩ දෙන්න ඕනේ. එතකොට තමයි ජනතාව නියම ඇත්ත දකින්නේ. මේ නඩය එදා ඉඳලම කලේ අහිංසක, දුප්පත් මිනිස්සූ අන්දපු එක. අද කරන්නෙත් ඒක, බලය තිබුන කාලේ කරපු දේවලට, පාරවල් හදන්න බැංකු වලින් ගත්ත ණය, ශ්‍රී ලන්කන් එක විනාෂ කරලා දාලා කරපු ණය වලට අදටත් වන්දි ගෙවන්නේ මේ රටේ ජනතාව. ඒත් මේ ආණ්ඩුව එක හරියට තවම මිනිස්සුන්ට පැහැදිලි කරලා නැහැ. කොහොම වුනත් අදටත් ඔය හොරුන්ගේ වටේ ඉන්නේ එදා හරි හරියට හොරා කාපු අයම මිසක් පොදු ජනතාව නෙමේ. ඉස්සෙල්ලා නාමල් ඇතුළු පිරිස තමන්ට ඇති චෝදනා වලින් නිදහස් වෙලා එන්න ඕනේ. වෙන රටක එහෙම නම් මේ වගේ අයට දේසපාලනය තියා ප්‍රජා අයිතියවත් හිමිවෙන්නේ නැහැ. ඒත් අපේ රටේ ඕනෑම කෙනෙකුට මහජන නියෝජිතයෙක් ලෙස පෙනී ඉන්න පුළුවන්.
"විරෝධය දක්වන්න කොළඹ එද්දී පිරිසක් නිවාඩු දමා ගමට යති" ගෙදර ගිහිල්ලා ඇඳන් යට රිංගලා ඉඳලා හෙට මෙතැන ලියාවි ජනබලය සාර්ථකයි කියලා
වෙස්මුණු දාගෙන තමයි එන්න වෙන්නේ. වෙස්මුණු දාගත්ත කලඑළි මංගල්ලයක් මට පේන විදිහටනම්.
ලක්ෂ නවයක් ගෙනෙනවා කියලා කිව්වට කන්න බොන්න දීලා ප්‍රවාහන පහසුකම් සපයලා ලක්ෂයකටත් අඩු සෙනගක් බොහෝම අමාරුවෙන් කොළඹට රැස් කරවාගෙන. හිතු තරම් සෙනග රැස් කර ගන්න බැරීවීමට දැන් හේතු හැටියට කියයී ආණ්ඩුවේ උදව්ව මදී බවට. ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ කරන්න ආණ්ඩූවෙන්ම උදව් ඉල්ලන ලෝකයේ එකම විපක්ෂය මේ ඒකාබද්ය විතරමය. මේකෙන් වුනේ කිසිම විනයක් නැති සංවර බවක් නැති හා සංවිධානයක් නැති උද්ඝෝෂකයෝ රැළක් කොළඹ පාරවල් වල හිස් වතුර බෝතල් ග්රොසරී බෑග් හිස් කිරි පැකට් හා සටන් පුවරු දමා අපවිත්‍ර කිරිම පමණයි. ඒකාබද්ධයේ නායකයො වසර දහයක් මේ රට පාලනය කර රටට කල අපරාධ හා සැහැසීකම් වරින් වර මේවැනී උද්ඝෝණ හා විරෝධතා හරහා ජනතාවට නැවත නැවතත් මතක් කර දීම පිලිබදව නම් අප ඔවුන්ට කෘතඥතාව පලකර සිටිය යුතුය.
"ඒ පැත්තට ගිහින් ප්‍රතිවිරෝදතාවයක් පෙන්නුවද? " කොයි කාලේද ඉපදුනේ. අර අරයා වගේ කියන්න එපා මම පුංචි එකා කාලේ සීයාගේ අතේ එල්ලිලා විරෝදතා පෙළපාලිවල ගියේ කියලා එහෙනම් අහගන්න 1950,1953,1956,1958,1981,1983.... තව තිබෙනවා... ඔය කාලවල අපි ප්‍රතිවිරෝදතාවය පෙන්වූවා. 2009 නියමෙටම පෙන්වූවා.
මේ අය එන්නේ රට ගැන හිතලවත්, ජනතාව ගැන හිතලවත් නෙවෙයි. මේ අයගේ වාසියටලු එතකොට ඉන්න අය ඉන්නේ කාගේ වාසියටද ?
මෙව්වා ඔක්කොම මුහුණ දීමට තියන නඩු , චෝදනා වලට බයේ කරන දේවල් .
අනේ මෙහෙම දේශපාලකයෝ. ජන ජීවිතය අඩාල කරන ඇවිත් තමයි, ජනතාවට සේවය කරන්න.
අපේ අය නම් හරිම නිර්මාණශීලියි... මේකට දාපු නම නියමෙට ගැලපෙනවා
ජනබලේ පෙන්නුවනේ, දැන් ගෙදර ගිහිහ් නිදාගන්න පව් නොදී.
අනේ රවි මේවා කරා කියලා නඩු වලක්වන්න පුළුවන්ද? කවුරුවත් කියන පලියට නිකන් මෝඩ කතා කියන්න එපා. නඩු තියෙනවා නම් නඩු අහලා තීන්දු තීරණ දෙන්න ඕන. අවුරුදු තුනක් ගිහිල්ලත් මේ අයට තාම එක නඩුවක් අහලා තීන්දුක් දෙන්න පුළුවන් උනාද? කතාව විතරයි
ආණ්ඩුව පෙරලුනා. අයියෝ සල්ලි
ඒකාධිපතිය කව්ද? හීන පේනවා වගේ
ඒ කාලේ පුදුම ප්‍රජාතන්ත්‍රවාදයක්නේ තිබුනේ
පැමිණ ඇති ජනකාය ගැන ගණන් බලන කෙනෙකුට පෙනෙයිද දන්නේ නැහැ ලක්ෂ එකකට වැඩිය හිටියා කියලා.
ඕනේ නම් වැඩිම වුනොත් ආණ්ඩුවේ නාමපුවරුව පමණක් මාරු වේවි, නමුත් අලුත් කැබිනට් එකේ වාඩිවෙන පුද්ගලයන්ගෙන් 50% ම පසුගිය අවරුදු 10-15 ඔය තනතුරුම දරපු පුද්ගලයන්, අලුත් ආණ්ඩුව පත්වෙලා මාස 2-3 කින් තව පරණ මිනිස්සු රොත්තක්ම ඕකට පනිවි, ඔවුන් පරණ පුරුදු හොරකම් කරමින්, බොරු කියමින්, තමන්ගේ සහ තම පිරිසගේ වත් පොහොසත්කම වැඩි කරගනීවි, පරණ විදිහටම වැඩ කරාවී එතකොට රට ඉදිරියට යන්නේ කොහොමද
පුතාට රජකම දෙන්න සමහරු පුදුම වෙහෙසක්නේ දරන්නේ. අපිට ඕන තරම් මේ රටේ උගත් බුද්ධිමත් තරුණයෝ ඉන්නවා රට භාර දෙන්න.
අන්තිමට කරපු දේකුත් නැහැ. උන දේකුත් නැහැ. නිකම්ම නිකම් හිස් දෙයක් පමණයි. මීට වඩා නරකද වැඩකට ඇති දෙයක් කළා නම්.
ආණ්ඩුව පෙරලුවාද? හූ ..හූ!!
ඔය ලඟ ඉන්න පවිත්‍රා දේවි කිව්වේ 6 වැනිදා ආණ්ඩුව අරගෙනයි ගෙදර එන්නෙ කියල. දැන් ඔහේද අගමැති ?
මැතිතුමනි ඒකාධිපති කියන්නේ එක් අයෙක් පවුලේ අය සමග දිගටම බලයේ සිටීම කියලා මම නම් අහලා තියෙන්නෙ. දිගටම බලයේ ඉන්න උත්සාහ කිරීමත් ඒකාධිපතිතවය කියලයි අපි හිතන්නෙ
මහින්දට මතක නැති වෙන ලෙඩේ වැඩිවෙලා වගේ ඒකාධිපති පාලනයක් ගැන කියවන්නේ.
මෙයාගේ කාලේ තිබුණ ප්‍රජාතන්ත්‍රවාදය ගෙන අටුවා ටීකා අවශ්‍ය නැහැ. ෆොන්සේකාව අත් අඩංගුවට ගත් හැටි,වතුර ඉල්ලලා උද්ඝෝෂණ කළ අයට සලකපු හැටි, වෙළඳ කලාපේ උද්ඝෝෂකයින්ට, මීගමුවේ උද්ඝෝෂකයින්ට සැලකුවේ ඉතාම සාධාරණ විදියටනේ..තමන් හිටපු පක්ෂෙන් ඡන්දෙ දිණුවට පස්සේ පොහොට්ටුව අටවා ගත්තේ ප්‍රජාතන්ත්‍රවාදය නිසා බව දැන් අමතක වෙලා. විෂ්ණු දෙවියන්ටත් බටකොළ කන්න උනාලු අපල කාලේ. කවුද හිතුවේ පිටකොටුවේ පයින් යන්න වෙයි කියල ඇවිත් මීටර් 100ක් වත් ගියාද? ඉන්පස්සේ වාහනේට නැගල ගියා මිසක්. අර මෝඩ තකතිරුවෝ අවුවේ වේලි වේලි මහා පාරේ බඩ ගෑව.
දැන් ආණ්ඩුවට විරෝධතාව දැක්වුවනේ. කවුරුත් දැකබලා ගත්ත. දැන්වත් අර ජවිපෙන් ගේනන යන රටට හානිකර 20වන ව්‍යවස්ථා සංශෝධනය පරාජය කරන්න එක්කාසු වෙලා වැඩ කිරීමයි කළ යුත්තෙ. පුද්ගල ප්‍රතිරූප පුම්බන මේ වගේ ප්‍රදර්ශනවලට වඩා විපක්ෂයේ වැදගත් කාර්ය භාරය එයයි.
අනේ මන්ද නටපු විධියට නම් රටේ ප්‍රශ්ණ ඇති බවක් පෙනුනේ නැහැ. කට්ටිය මාර ජොලියෙන් බජව් දැම්මා නැටුවා මම හිතුවේ ආණ්ඩුවට සතුට පළකළා කියලා.
හැමෝම දිනුම්. අපි පරාදයි....
හොරා කාපු සල්ලි ඉවරවේගෙන යනවා ඇති.. අායිමත් හොරාකන්න ආණ්ඩු පෙරලන්න කසිප්පුකාරයන් ගෙන්වාගෙන මහරජානෝ සිහින මවනවා..
ලංකාවේම අනගතය කාලා දානවා. මේ උද්ඝෝෂණයේ ඉන්නේ ඔක්කොම අරක්කු බෝතලේට, බත් පාර්සලේට එකට ණයට කහින රැලක්.. මේ අය නෙමේ නියම ජනතාව නියෝජනය කරන්නේ... ලංකාවේ අනුවණ ජනතාව.. එජාපයේ කියලා වෙනසක් නැහැ. ඔක්කොම එකයි.. මිනිස්සුන්ව අමු අමුවේ රවට්ටනවා.. පුළුවන් අය රට දාලායනවා… රටට ආදරේ අය චාටර් කාගෙන රටේ ඉන්නවා.
කරුණාකරලා පේරාදෙනියෙන් මෙහාටත් කටුගස්තොටින් මෙහාටත් එවන්න එපා. අපිට හැන්ද වෙනකොට ගෙවල් වලට යන්න ඕනේ.