රන්ජන්ගේ විඩීයෝ පට පරික්ෂා කර නඩු පවරයි ඇතැම් විනිසුරුවරුන් දුෂිත බවට ප්‍රකාශයක් කිරිමත් අධිකරණයට අපහාස කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහි සිද්ධියේ විඩීයෝ පට පරික්ෂා කිරිමෙන් පසු ඔහුට එරෙහිව නඩුවක් පැවරීමට ඇති හැකියාව සොයා බලන බව නිතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 22 January 2018
කතරගම ආරක්ෂාවට එස්.ටී.එෆ් - 100 ක් අත්අඩංගුවට කතරගම වෙඩි තැබීමට ප්‍රදේශවාසීන් විරෝධය පළ කිරීමට පටන් ගැනීමත් සමඟ ප්‍රදේශයේ සහ පොලිස් ස්ථානයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ඇතැයි පොලිසිය කියයි. 21 January 2018
ඌව මහඇමති අධ්‍යාපන ඇමති ධූරයෙන් තාවකාලිකව ඉවත් වෙයි ඌව මහඇමති චාමර සම්පත් දසනායක මහතා සිය පළාත් අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් තාවකාලිකව ඉවත් වන බව ප්‍රකාශ කර ඇත. 21 January 2018
උදයංගගේ දේපළවලට එරෙහිව තහනම් නියෝග රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට අයත් දොම්පේ ප්‍රදේශයේ ඉඩම් දෙකක් පැවරීම, උකස් කිරීම හා විකිණීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද(19) අත්තනගල්ල ඉඩම් රෙජිස්ට්රාර්වරයාට නියෝගයක් නිකුත් කළේය. 19 January 2018
පර්පචුවල් අයුතු ලාභය අයකර ගත හැකියි - අගමැති පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ රුපියල් බිලියන 12ක මුදල් තමා ඇමැති ධුරය දරන ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේ ඇති මහ බැකුව මේ වන විටත් රඳවාගෙන ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. 18 January 2018
හිටපු නිතිපතිට සොලිසිටර් ජනරාල්ට ලෙකෝ ලේකම්ට නඩු හිටපු නිතිපති හා අගවිනිසුරු වන මොහාන් පිරිස් හා හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් හා වර්තමාන අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී නාවස් සහ හිටපු ලංකා විදුලිබල පෞද්ගලික සමාගම (ලෙකෝ) හිටපු ලේකම් එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩස්ට යන අයට අල්ලස් කොමිසම අද (18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී නඩු පැවරිණි. 18 January 2018
ජනපති ඔපරේෂන් II අරඹයි ‘‘හොරුන්ව හිරේ යවන්න අපේ සල්ලි විනාශ කරපු කෝටි දහස් ගණනක් හොරුන්ගෙන් අපහු ගන්න මම අද ඔපරේෂන් ටු ක්‍රියාත්මක කරලයි ආවේ‘‘ යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(17) ඇල්පිටිය නගරයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැලිය අමතමින් පැවසීය. 17 January 2018
මත්පැන් චක්‍රලේඛය හකුලා ගත්තැයි සමනලී ඇතුළු 11ක් උසාවි යති කාන්තාවන්ට මත්පැන් හල්වල සේවය කිරීම හා මත්පැන් මිලදී ගැනීමට තිබූ තහංචි ඉවත් තරමින් මංගල සමරවීර ඇමැතිවරයා නිකුත් කළ ගැසට් නිවේදන දෙක අවලංගු කිරීමට ගත් තිරණයෙන් සම අවස්ථා අයිතීන් උල්ලංඝනය වී ඇතැයි කියමින් ටෙලි හා සිනමා නිළි සමනලී ෆොන්සේකා ඇතුළු විවිධ ආගම් සහ ජාතීන්ට අයත් කාන්තාවන් 11දෙනෙකු විසින් මුදල් අමාත්‍යවරයාට සහ එම අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(17) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී. 17 January 2018
බැඳුම්කරය ගැන තීරණය 22 දා බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති කොමිසමේ වාර්තාව සහ බරපතල වංචා දූෂණ පිළිබඳ විමර්ශන වාර්තාව පිළිබඳව ගන්නා ඉදිරි පියවර ලබන 22 වැනිදා රැස්වෙන පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කරන බව කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කරයි. 17 January 2018
වික්ටර් රත්නායකගේ බිරිය යළි රිමාන්ඩ් රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත්ව සිටි ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ හෂිනි අමේන්ද්‍රා මේ මස 26 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කිරීමට තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් මහී විජේවීර මහතා අද(17) නියෝග කළේය. 17 January 2018
කැබිනට් රැස්වීමේදී එජාප මන්ත්‍රීන්ට ජනපතිගෙන් දෝස්මුරයක් එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මැති ඇමැතිවරුන් තමන්ට විරුද්ධව කරන ප්‍රකාශවලට දැඩි විරෝධය පළ කළ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(16) පැවැති කැබිනට් රැස්වීමෙන් නැගිට ගොස් ඇතැයි වාර්තාවේ. 16 January 2018
මත්පැන් චක්‍රලේඛය අකුලා ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය කාන්තාවන්ට මත්පැන් අලෙවි කිරීම හා මත්පැන් අලෙවිසල් රාත්‍රී 10 දක්වා විවෘතව තැබීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය ඒකමතිකව කැමැත්ත පළ කළ බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය. 16 January 2018
කන්කසන්තුරේ වරාය දියුණු කරන්න ඉන්දියාව සමඟ ගිවිසුමක් කන්කසන්තුරේ වරාය දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාව අතර ඉකුත් ද ගිවිසුමට අත්සත් තැබිණි. ගිවිසුමට අනුව කන්කසන්තුරේ වරාය දියුණු කිරීම සඳහා ඉන්දියාවෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 45.26ක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 6.9ක) ණය සහනයක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය. 16 January 2018
බැඳුම්කර නඩුදාන්න විශේෂඥ කණ්ඩායමක් බැඳුම්කර වංචාවට සම්බන්ධිත පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීම සඳහා අල්ලස් කොමිසමේ විශේෂඥ කණ්ඩායමක් විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව පිලිබඳව අධ්‍යනය කරමින් සිටින බව ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් අනාවරණය වේ. 16 January 2018
‘අපේ පිහිටෙන් ජනාධිපති වෙලා අපිටම කෙළිනවා‘ - මරික්කාර් කියයි ‘‘දැන් මේගොල්ලො හිතන් ඉන්නෙ මහින්ද රාජපක්ෂගෙන් ආප්ප කාලා ඇවිල්ලා මහින්ද රාජපක්ෂට කෙළියා වගේ අපේ පිහිටෙන් ජනාධිපතිවෙලා ඊළඟ ඡන්දෙදි අපට කෙළින්න‘‘යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ගොතටුව මාණික්කමුල්ලේ පැවැති ජනහමුවකදී පැවැසීය. 15 January 2018
ජනපති ධුර කාලය අවුරුදු පහයි වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 න් පසුව හමාරවිය යුතු බව තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ජනාධිපති කාර්යාලයට දැනුම්දී ඇතැයි රජයේ නිල නොවන ආරංචි මාර්ගවලින් පැවසෙයි.ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීරණය ඊයේ (14) සවස ජනාධිපති කාර්යාලයට දැනුම් දී ඇතැයි රජයේ ඉහළ පෙළේ දේශපාලන අංශ ආරංචි මාර්ගවලින් කියැවුණි. 15 January 2018
බැඳුම්කර වාර්තාවේ පිටපතක් අල්ලස් කොමිසමට භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාවේ පිටපතක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට යවා ඇතැයි වාර්තා වේ. 14 January 2018
මංගලගේ චක්‍රලේඛය නවත්වන්න ජනපතිගෙන් උපදෙස් මත්පැන් අලෙවිසැල් පෙ.ව 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබීමටත් කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමටත් කටයුතු කරමින් මුදල් ඇමැතිවරයා නිකුත් කළ චක්‍රලේඛය වහාම වලංගු කිරීමට උපදෙස් දුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි. 14 January 2018
තෛපොන්ගල් සැමරුම මරණ දෙකකින් කෙළවර වෙයි වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේදී අද (14) අලුයම සිදු වූ මෝටර් රථ අනතුරකින් තරුණයන් දෙදෙනෙක් මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව වව්නියාව පොලීසිය පවසයි. 14 January 2018
මහීපාල හේරත් මහින්දට එකතුවෙයි සබරගමුවේ හිටපු මහා ඇමැති මහීපාල හේරත් මහතා කැගල්ලේ නිදහස් මාවතේ පැවැත්වෙන පොදු ජන පෙරමුණු වේදිකාවට මීට සුළු වේලාවකට පෙර ගොඩ වෙමින් එම පක්ෂයට එක් විය. 13 January 2018
ආදිවාසියෝත් මැතිවරණ පොර පිටියට මෙවර පවත්වන පළාත් පාලන මැතිවරණය සදහා මයියංගනය දඹාන ආදිවාසී ජනතාව වෙනුවෙන් හේනානිගල ආදිවාසී පරපුරේ තරුණියක් තරග වදින බවත් ඉදිරියේදී පවත්වන සියලු මැතිවරණ වෙනුවෙන් රට පුරා සිටින ආදිවාසී ජනතාව නියෝජනය වෙන පරිදි උගත් තරුණ තරුණියන් පාර්ලිමේන්තුවට වැවීම තම බලාපොරොත්තුව බවත් දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ කියති. 13 January 2018
ඕනෑම වේලාවක ගෙදර යන්න සූදානම් - ජනපති ධූරකාලය පිළිබඳව ශේෂ්ඨාධිකරණයෙන් විමසා සිටියේ වඩාත් හොඳ ශ්‍රී ලංකාවක් හැදීමේ සිහිනයක් තිබෙන නිසා මිස බලයේ රැඳී සිටීමේ උවමනාවෙන් නොවන බවත් අද වුනත් ගෙදර යන්න තමන් සූදානම් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෙවර පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවැත්වු මාතර දිස්ත්‍රික් ප්‍රථම ජනරැලියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ පැවසීය. 12 January 2018
ඇඟිලි සලකුණු යන්ත්‍ර ඉවතට - හෙද වර්ජනය අවසන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද හෙදියන් දින 10ක් පුරා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද(12) අවසන් කෙරිණි. 12 January 2018
මගුල් ගෙදරට මස් සොයා ගැබ්බර මුවදෙනක මරයි මංගල උත්සවයක් සඳහා අවශ්‍ය මස් සපයා ගැනීමට තබ්බෝව අභය භූමියේ දඩයමේ ගොස් ගැබ්බර මුව දෙනක් වෙඩි තබා ඝාතනය කර නවීන පන්නයේ යතුරු පැදියකින් තබ්බෝව වැව් පිටියෙන් ප්‍රවාහනය කරමින් සිටි තිදෙනෙක් අද (12) අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජිවී නිලධාරින් පවසයි. 12 January 2018
ජනපතිගේ ධූරකාලය ගැන නීති විශාරදයෝ මත ගැටුමක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වසර 06ක කාලයක් සියධුරයේ කටයුතු කිරීමට හැකියාව ඇතැයි නීතීපති, ජනාධිපති නීතීඥ ජයන්ත ජයසුරිය මහතා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේදී පැවසීය. 11 January 2018
ශ්‍රේෂ්ඨාධිකරණ මතය ජනපතිට තම ධුරය දැරිය හැකි කාලය පිළිබඳ මතයක් ප්‍රකාශ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ මතය ඉදිරියේ දී ජනාධිපතිට දන්වා යවන බව ශශ්රේෂ්ඨාධිකරණය අද (11) තීන්දු කළේය. 11 January 2018
හිටපු ඇමැති විමල්ට අධි චෝදනා අමාත්‍යවරයකු ලෙස සිටිය දී සිය වත්කම් සහ ආදායම් වලින් සොයා ගත නොහැකි රුපියල් මිලියන 75 කට අධික මුදල් හා දේපල වල හිමිකරුව සිටිම සම්බන්ධයෙන් හිටපු ඇමැති විමල් වීරවංශ මහතාට එරෙහි අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් ඔහුට බාර දෙන ලදී. 11 January 2018
පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ගුටි කෙළ ගනිති රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අද(10) පාර්ලිමේන්තුවේ දී බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරද්දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු ඔසවමින් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අතර පක්ෂ විපක්ෂ දෙපිරිස අතර ගුටිබැට හුවමාරුවක් ද සිදුවිය. 10 January 2018
පාර්ලිමේන්තුව උණුසුම් වෙයි - සභාව කල් තැබේ බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමේ අවශ්‍යතාවය මතුකිරීම හේතුවෙන් අද(10) විශේෂ සැසිවාරයක් ලෙස පාර්ලිමේන්තුව කැඳවූ අතර රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් කිරීමේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සබා ගැබේ කලහකාරී ලෙස හැසීරීම හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩ් 10කට කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා තීන්දු කළේය. 10 January 2018
ධුරකාලය ගැන ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි ජනාධිපතිවරයා ලෙස තමාට කටයුතු කළ හැක්කේ වසර හයක් ද එසේ නැතිනම් වසර පහක් ද යන්න පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විමසා ඇත. 09 January 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026