(පුෂ්පකුමාර ජයරත්න)
පොල්ගහවෙල සහ රඹුක්කන අතර පිහිටි පනලිය දුම්රිය ස්ථානය අසන්නයේදී අද (06) පස්වරු 6.30ට පමණ එකම මාර්ගයේ ගමන් ගත් දුම්රිය දෙකක් ගැටීමෙන් එම දුම්රිය වල ගමන් ගත් මගීන් 32කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.
කොළඹ සිට සවස 4.35ට මහනුවර බලා ධාවය වූ සීඝ්‍රගාමී දුම්රියක් සහ ඊට පසුපසින් පැමිණි රඹුක්කන බලා ධාවනව වූ කාර්යාල දුම්රියක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
පනලිය දුම්රිය ස්ථානයට ආසන්නව මහනුවර බලා ධාවය කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව නැවැතී තිබියදී එම දුම්රිය යතා තත්ත්වයට පත්කර ධාවනය කරවන තෙක් මහනුවර බලා ධාවනය වූ දුම්රිය නවතා තිබියදී ඊට පසුපසින් පැමිණි දුම්රිය එහි ගැටී අනතුර සිදුවී ඇති බව පොල්ගහවෙල පොලිසිය කියයි.
අනතුර හේතුවෙන් මහනුවර බලා ධාවනය වූ දුම්රියේ පිටුපස දුම්රිය නියාමක මැදිරිය දෙකට කැඩී හානීයට ලක්ව තිබූ අතර ඊට පසුපසින් පැමිණි කාර්යාල දුම්රියේ මැදිරි දෙකකටද හානී සිදුවී එම මැදිරි පීලි පැන ඇති බව පොලිසිය කියයි.
මෙම අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රිය මාර්ගයේ සංඥා නිසි පරිදි ක්‍රියාත්මක ඇති අතර අනතුරින් තුවාල ලැබූ 25 දෙනෙකු ප්‍රතිකාර සඳහා පොල්ගහවෙල දිසා රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුරින් තුවාල ලබා බරපතල තත්ත්වයෙන් පසු වූ 5 දෙනකු කුරුණෑගල රෝහලට මාරු කර යවා ඇති බව පොලිසිය කියයි.
කොළඹ කොටුවෙන් රාත්‍රී 8 ට බදුල්ල බලා පිටත් වීමට තිබූ තැපැල් දුම්රියද මේ හේතුවෙන් තාවකාලිකව නවතා ඇති බව දුම්රිය පාලක මැදිරිය කියයි.
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ









ඡායාරූප - නේරංජලා අතපත්තු
අනතුරින් තුවාල ලැබූ රෝගීන්




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටිය ස්ට්‍රයික් කරයිද? මෙච්චර අතිරික්තයක් ඉන්න දුම්රිය දෙපාර්තමේන්තුවේ අනතුරක්? ඕවර් ටයිම් බැලුවොත් හැම එකාගෙම මාසේට ලක්ෂ ගණන් අතිකාල දීමනා...
බලන්නකෝ රියදුරු මහත්තයා බේරෙන හැටි සිග්නල් වැරදියි කියලා..
මම මේ නොදන්නා කමට අහන්නේ එතකොට නුවර යන දුම්රිය කාර්මික දෝෂයක් නිසා නැවතිලා කියලා පිටිපස්සෙන් ආපු දුම්රියට සංඥාවක් ලැබිලා නැත්ද?
එකත් එකටම කඩාකප්පල් කාරීන්ගේ වැඩක් මේක.
ඔය සිග්නල් වලට වැඩ හොඳ නැතිද අර රාළහාමිලා අතේ තියෙනවා වගේ පණිවුඩ හුවමාරු යන්ත්‍ර දුන්නනම් නියමක වරුන්ටයි රියදුරු මහත්වරුන්ටයි. පාරේ කැඩිලා නතර උනාම අහල පහල එන සේරම කොච්චි වලට අපි පාරේ හිටලා ඉන්නවෝ කියන්න. අඩු තරනේ ජංගම දුරකතනයක්වත්?
සිග්නල් හරියට වැඩ කලා නම් හැප්පුනේ කොහොමද.?
මාර්ග සංඥා දිහා බලන්නේ නැහැ කියන එක පැහැදිලියි. ඊ ලගට එන දුම්රිය රියදුරුගේ දුරකථන අංකය නැද්ද අනේ කෝල් එකක් දෙන්න. මේවට මහා ලොකු තාක්ෂණයක් ඕනේ නැහැ. ඔලුව තියෙන්න ඕනේ .
මේ සම්බන්දයෙන් මොකද කතා නැත්තේ? කරමුද හොද වර්ජනයක් ? ඔහු ජනතාවගෙන් සමාව ගත යුතුයි .
ප්‍රවාහන ඇමති ඉල්ලා අස්වීම සුදුසුයි
අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රිය මාර්ගයේ සංඥා නිසි පරිදි ක්‍රියාත්මක උනා නම් වැරදි කරුවා වෙන්නේ රියැදුරා නේද?
2018 හොඳම විහිළුව.
අඩු තරමින් ඔය දුම්රිය රියදුරන් ගාව ජංගම දුරකතනයක් වත් තිබුනේ නැද්ද.?
අපි හරි දියුණුයි.
අපි හැමදාම බලාගෙන ඉන්නේ නවීන ලෝකයට ගැලපෙන පරිදි දුම්රිය සේවය නවීකරණය කරයි කියල. දුම්රියේ යන්නේ අහිංසක මහජනතාව. ඔය යල්පැනපු සංඥා ක්‍රම අතහැරලා අනාගතේ ගැන හිතල දුම්රිය සේවය නවීකරණය කරන්න.
අනතුරක් වුනහම එක කොහොමද විහිළුවක් වෙන්නේ කරුනකර කියනවද ඔයාල වගේ කට්ටිය නිසා තම මේ සමාජය අද පිරිහීමට ලක්වෙලා තියෙනේ කෙනෙකුගේ විපත තවකෙනේකුට විහිළුවක් ජිවිත හානියක් නැති එක ගැන අපි සතුට වෙන්න ඕනේ තුවාල ලැබූ සියලුම අයට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා
අවම වසයෙන් ගල් බෝතලයක්ක්වත් වැටිලා තිබුනේ නැත්ද ? බුරු රියදුරු සංගමය මොකද කියන්නේ වර්ජනය කරමුද ?
ඔය හරියේ වෙන්නේ ස්වයන්ක්‍රීයව සංඥා ක්‍රියාත්මක වෙන එක. එතැනදී රියදුරු අනුකුලතාවය දක්වන්න ඕනා ඉදිරියෙන් දුම්රියක් නවතා ඇතිවිට ඊට පසු පසින් ඇති සංඥා කුලුනේ පෙන්වන්නේ රතු බල්බය. ඒ සංඥා කුලුනට පෙර සංඥා කුලේනෙන් පෙන්වන්නේ කහ බල්බය ඒ කියන්නේ 0-40 දක්වාවූ වේගයකින් යන්න කියලා, නමුත් බොහෝ රියදුරන් එය අනුගමනය කරන්නේ නැහැ. එවිට දඩාස් තමා ඉතින්. අඩුගානේ කවුරු හරි කෙනෙක් ඉන්න තිබ්බා රතු කොඩියක්වත් අරගෙන ඉදිරියෙන් අනුතුර අවම කරන්නවත්. වැදිලා තියෙන හැටියට දුම්රියේ තිරිංග ක්‍රියාත්මක වෙලා තියෙනවා පසු පසින් ආ දුම්රියේ.
ගාඩ්ලාට, ඩ්‍රයිවර්ලාට මොකුත් වුණේ නැද්ද?