(පුෂ්පකුමාර ජයරත්න)
පොල්ගහවෙල සහ රඹුක්කන අතර පිහිටි පනලිය දුම්රිය ස්ථානය අසන්නයේදී අද (06) පස්වරු 6.30ට පමණ එකම මාර්ගයේ ගමන් ගත් දුම්රිය දෙකක් ගැටීමෙන් එම දුම්රිය වල ගමන් ගත් මගීන් 32කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.
කොළඹ සිට සවස 4.35ට මහනුවර බලා ධාවය වූ සීඝ්‍රගාමී දුම්රියක් සහ ඊට පසුපසින් පැමිණි රඹුක්කන බලා ධාවනව වූ කාර්යාල දුම්රියක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
පනලිය දුම්රිය ස්ථානයට ආසන්නව මහනුවර බලා ධාවය කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව නැවැතී තිබියදී එම දුම්රිය යතා තත්ත්වයට පත්කර ධාවනය කරවන තෙක් මහනුවර බලා ධාවනය වූ දුම්රිය නවතා තිබියදී ඊට පසුපසින් පැමිණි දුම්රිය එහි ගැටී අනතුර සිදුවී ඇති බව පොල්ගහවෙල පොලිසිය කියයි.
අනතුර හේතුවෙන් මහනුවර බලා ධාවනය වූ දුම්රියේ පිටුපස දුම්රිය නියාමක මැදිරිය දෙකට කැඩී හානීයට ලක්ව තිබූ අතර ඊට පසුපසින් පැමිණි කාර්යාල දුම්රියේ මැදිරි දෙකකටද හානී සිදුවී එම මැදිරි පීලි පැන ඇති බව පොලිසිය කියයි.
මෙම අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රිය මාර්ගයේ සංඥා නිසි පරිදි ක්‍රියාත්මක ඇති අතර අනතුරින් තුවාල ලැබූ 25 දෙනෙකු ප්‍රතිකාර සඳහා පොල්ගහවෙල දිසා රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුරින් තුවාල ලබා බරපතල තත්ත්වයෙන් පසු වූ 5 දෙනකු කුරුණෑගල රෝහලට මාරු කර යවා ඇති බව පොලිසිය කියයි.
කොළඹ කොටුවෙන් රාත්‍රී 8 ට බදුල්ල බලා පිටත් වීමට තිබූ තැපැල් දුම්රියද මේ හේතුවෙන් තාවකාලිකව නවතා ඇති බව දුම්රිය පාලක මැදිරිය කියයි.
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ
ඡායාරූප - නේරංජලා අතපත්තු
අනතුරින් තුවාල ලැබූ රෝගීන්
අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග
ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩ
කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප
විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
දුම්රිය දෙකක් ගැටී 32 කට තුවාල - දුම්රිය ගමනා ගමනයට බාධා
sarath Monday, 06 August 2018 03:51 PM
කට්ටිය ස්ට්‍රයික් කරයිද? මෙච්චර අතිරික්තයක් ඉන්න දුම්රිය දෙපාර්තමේන්තුවේ අනතුරක්? ඕවර් ටයිම් බැලුවොත් හැම එකාගෙම මාසේට ලක්ෂ ගණන් අතිකාල දීමනා...
Sam Monday, 06 August 2018 03:57 PM
බලන්නකෝ රියදුරු මහත්තයා බේරෙන හැටි සිග්නල් වැරදියි කියලා..
wije Monday, 06 August 2018 05:11 PM
මම මේ නොදන්නා කමට අහන්නේ එතකොට නුවර යන දුම්රිය කාර්මික දෝෂයක් නිසා නැවතිලා කියලා පිටිපස්සෙන් ආපු දුම්රියට සංඥාවක් ලැබිලා නැත්ද?
Kumar (Gulf) Monday, 06 August 2018 08:55 PM
එකත් එකටම කඩාකප්පල් කාරීන්ගේ වැඩක් මේක.
lalith Tuesday, 07 August 2018 12:26 AM
ඔය සිග්නල් වලට වැඩ හොඳ නැතිද අර රාළහාමිලා අතේ තියෙනවා වගේ පණිවුඩ හුවමාරු යන්ත්‍ර දුන්නනම් නියමක වරුන්ටයි රියදුරු මහත්වරුන්ටයි. පාරේ කැඩිලා නතර උනාම අහල පහල එන සේරම කොච්චි වලට අපි පාරේ හිටලා ඉන්නවෝ කියන්න. අඩු තරනේ ජංගම දුරකතනයක්වත්?
Udaya Tuesday, 07 August 2018 01:05 AM
සිග්නල් හරියට වැඩ කලා නම් හැප්පුනේ කොහොමද.?
vipula Tuesday, 07 August 2018 02:36 AM
මාර්ග සංඥා දිහා බලන්නේ නැහැ කියන එක පැහැදිලියි. ඊ ලගට එන දුම්රිය රියදුරුගේ දුරකථන අංකය නැද්ද අනේ කෝල් එකක් දෙන්න. මේවට මහා ලොකු තාක්ෂණයක් ඕනේ නැහැ. ඔලුව තියෙන්න ඕනේ .
Nimalee Tuesday, 07 August 2018 02:56 AM
මේ සම්බන්දයෙන් මොකද කතා නැත්තේ? කරමුද හොද වර්ජනයක් ? ඔහු ජනතාවගෙන් සමාව ගත යුතුයි .
Kavinda Herath Tuesday, 07 August 2018 03:13 AM
ප්‍රවාහන ඇමති ඉල්ලා අස්වීම සුදුසුයි
ලුම්බිණි Tuesday, 07 August 2018 03:50 AM
අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රිය මාර්ගයේ සංඥා නිසි පරිදි ක්‍රියාත්මක උනා නම් වැරදි කරුවා වෙන්නේ රියැදුරා නේද?
Nana Tuesday, 07 August 2018 04:44 AM
2018 හොඳම විහිළුව.
Darshana Tuesday, 07 August 2018 04:45 AM
අඩු තරමින් ඔය දුම්රිය රියදුරන් ගාව ජංගම දුරකතනයක් වත් තිබුනේ නැද්ද.?
d.upul Tuesday, 07 August 2018 05:12 AM
අපි හරි දියුණුයි.
වීර Tuesday, 07 August 2018 05:15 AM
අපි හැමදාම බලාගෙන ඉන්නේ නවීන ලෝකයට ගැලපෙන පරිදි දුම්රිය සේවය නවීකරණය කරයි කියල. දුම්රියේ යන්නේ අහිංසක මහජනතාව. ඔය යල්පැනපු සංඥා ක්‍රම අතහැරලා අනාගතේ ගැන හිතල දුම්රිය සේවය නවීකරණය කරන්න.
rohan Tuesday, 07 August 2018 05:17 AM
අනතුරක් වුනහම එක කොහොමද විහිළුවක් වෙන්නේ කරුනකර කියනවද ඔයාල වගේ කට්ටිය නිසා තම මේ සමාජය අද පිරිහීමට ලක්වෙලා තියෙනේ කෙනෙකුගේ විපත තවකෙනේකුට විහිළුවක් ජිවිත හානියක් නැති එක ගැන අපි සතුට වෙන්න ඕනේ තුවාල ලැබූ සියලුම අයට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා
Nimali Tuesday, 07 August 2018 05:24 AM
අවම වසයෙන් ගල් බෝතලයක්ක්වත් වැටිලා තිබුනේ නැත්ද ? බුරු රියදුරු සංගමය මොකද කියන්නේ වර්ජනය කරමුද ?
uddika Tuesday, 07 August 2018 07:07 AM
ඔය හරියේ වෙන්නේ ස්වයන්ක්‍රීයව සංඥා ක්‍රියාත්මක වෙන එක. එතැනදී රියදුරු අනුකුලතාවය දක්වන්න ඕනා ඉදිරියෙන් දුම්රියක් නවතා ඇතිවිට ඊට පසු පසින් ඇති සංඥා කුලුනේ පෙන්වන්නේ රතු බල්බය. ඒ සංඥා කුලුනට පෙර සංඥා කුලේනෙන් පෙන්වන්නේ කහ බල්බය ඒ කියන්නේ 0-40 දක්වාවූ වේගයකින් යන්න කියලා, නමුත් බොහෝ රියදුරන් එය අනුගමනය කරන්නේ නැහැ. එවිට දඩාස් තමා ඉතින්. අඩුගානේ කවුරු හරි කෙනෙක් ඉන්න තිබ්බා රතු කොඩියක්වත් අරගෙන ඉදිරියෙන් අනුතුර අවම කරන්නවත්. වැදිලා තියෙන හැටියට දුම්රියේ තිරිංග ක්‍රියාත්මක වෙලා තියෙනවා පසු පසින් ආ දුම්රියේ.
ජනිත් අංජන Wednesday, 29 December 2021 10:51 AM
ගාඩ්ලාට, ඩ්‍රයිවර්ලාට මොකුත් වුණේ නැද්ද?