ශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හා මෙරටින් බිහි වූ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයකු වන කුමාර් සංගක්කාර මහතා 2020 දී දේශපාලනයට පිවිසෙන බවට පසුගිය සමයේදී පුවත්පත්වලත්, සමාජ මාධ්‍යවල වල බොහෝ පුවත් පළ විණි.
නමුත් එම පුවත්පත් ප්‍රතික්ෂේප කළ කුමාර් සංගක්කාර මහතා පවසා සිටිනුයේ තමන් නැවත වරක් දේශපාලනයට නොපිවිසෙන බවයි.
ඒ බව සඳහන් කරමින් කුමාර් සංගක්කාර මහතා නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ මෙසේ දැක්වෙයි.
“මම දේශපාලනයට පිවිසෙන බවටත් 2020 දී ජනාධිපතිවරණ අපේක්ෂකයකු වන බවටත් විවිධ පුවත් හා වාර්තා පළ වී තිබෙනවා. මා ඒ සියල්ල දැඩි සැළකිල්ලකින් යුතුව කියෙව්වා.
මහජනතාව මෙන්ම මාධ්‍යය ද ඒ සම්බන්ධයෙන විවිධ අදහස් උදහස් පළ කර තිබුණා. ඒ සම්බන්ධයෙන් විවිධ මතවාද තිබුණා. ඇතැම් පිරිස් මා දේශපාලනයට සුදුස්සෙකු බවත් ජනාධිපති අපේක්ෂකයා වීමට සුදුසුම පුද්ගලයා බවත් සඳහන් කර තිබුණා. ඇතැම් පිරිස් මගේ චරිතය සහ විශ්වාසනීයත්වය ප්‍රශ්න කර තිබුණා. මා විවිධත්වයකින් යුතු ඒ සියලු අදහස් උදහස් අගය කරනවා.
එය සියලු කටකතා, වාර්තා හා පුවත්වලට තිත තැබීමට කාලය එළැඹ ඇතැයි මා සිතනවා. ඒ නිසා මා නැවතත් ස්ථීර වශයෙන් කියා සිටිනවා. දේශපාලනයට පැමිණීමට මට කිසිදු අවශ්‍යතාවක් හෝ වුවමනාවක් නැහැ. ඒ ගැන මගේ අපේක්ෂාවක් හෝ බලාපොරොත්තුවක් ද නැහැ. මා දේශපලානයට සම්බන්ධ වී නැහැ. ඉදිරියේදී සම්බන්ධ වෙන්නෙත් නැහැ. මම එය දැඩි විශ්වාසයෙන් යුතුව කියනවා. එය ස්ථීරයි.
දේශපාලනය සහ මහජන සේවය ඉතා වගකීමෙන් කර යුතු භාරදූර රාජකාරීයක්. මහජන වගකීම් හා යුතුකම්, මහජන සේවය සෑමවිටම මහජනතාවගේ විශ්වාසය මෙන්ම වගවීම සහ විශ්වාසනීයත්වය හා බැඳී තිබෙනවා. ඡන්දයකින් තේරී පත්වූ හෝ පත්කළ සියලු රාජ්‍ය සේවකයන් කෙරෙහි මා තුළ විශාල ගෞරවයක් තිබෙනවා.
ඔවුන් සියලු දෙනා යහපත් සහ ගෞරවනීය අරමුණක් ඇති ක්ෂේත්‍රයට පැමිණි අය. ඔවුන් සියලු දෙනාම රටේ යහපත උදෙසා කැප වී සිටිනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තෙ සුද්දෙක් සංගට කිව්වා නම් එංගලන්තේ පාර්ලිමේන්තු ඡන්දෙට ඉල්ලන්න කියලා, එහෙනම් හරි රෙස්පෙක්ටබල් විදියට කන් දෙක උල් කරගන කැමති වෙන්නේ... උපන් රටට ආදරයක් නැති මිනිස්සු...
අවංක, කොන්ද පණතියන, දුෂණය පිටුදකින, තමා ගැන තමාටම ආඩම්බර විය හැකි කිසිවෙකුට ලංකාවේ දේශපාලනය කල නොහැකි බව ඔබ මනාව අවබෝධ කරගෙන තිබෙන බව වැටහෙනවා. ඔබට ජය....!!!
ඔබතුමා හංසයාගේ උගුලට අසු වෙන්න එපා. තමන්ගේ කීර්ති නාමය ආරක්ෂා කරගන්න.
අපරාදේ ඔයා විතරයි අඩු වෙලා තිබුනේ.
ආදරණීය සංගක්කාර සොයුර! පසු ගිය දිනවල ඔබ ගැන සමාජ මාධ්‍ය ජාලවල බොහොම ලොකු උනන්දුවක් තිබුණා ඔබ දේශපාලනයට ඇතුල් වෙන්න උනන්දුවක් දක්වන බවට නන් අයුරින් ඉඟි පලවෙලා. නමුත් ඔබ ඒ සියලු ඉඟි ඛණ්ඩනය කරමින් ගත් අතිශය බුද්ධිමත් තීරණය වෙනුවෙන් සොයුර, මගේ හිස්වැස්ම ඉවත් කරමින් ඔබට ආචාර කරමි!!! තව ද මා දුටු, ඇසූ ඔබගේ බුද්ධියේ නිම්වළලු ප්‍රසාරණය කළ මුල් අවස්ථාව ඔබ එංගලන්තයේදී පැවැත්වූ සර් කොලින් කවුඩ්රි දේශනයයි. මේ ඒහා සමානම දෙවන අවස්ථාවසේ දකිමි. ඔබට විශ්ව ශක්තියේ බලයෙන් ජය, සතුට හා සාමය උදාවේවා!!!
ඇත්තෙන්ම කෙනෙකුට තමන්ට පුළුවන් මොනවද? බැරි මොනවද? කියන කාරණය හඳුනා ගන්න පුලුවන් නම් එවන් මිනිසෙකුගේ ජීවිතය ගොඩක් දුරට සාර්ථක වෙනවා. එය ස්වභාවධර්මය විසින් මිනිස් සත්වයාට ලබා දී ඇති යම්කිසි වරප්‍රසාදයක්. අවාසනාවකට දියවන්නා ඔයේ ඉන්න සීලාචාර අම්බරුවන් රෑනට " නම් එම වරප්‍රසාදය ශරීරගත වෙලා නැහැ.
ක්‍රීඩාවෙන් කලාවෙන් හා වෙනත් අංශ වලින් දේශපාලනයට පැමිණි බොහෝ අය දේශපාලනයෙදී අනාගත්තා විතරක් නොවේ තමන්ගේ කීර්තී නාමයටද හානී කරගත්තා. එයට හේතුව මෙරට සම්ප්‍රදායික දේශපාලනය තුළ ඔවුන් පාවිච්චි උනේ ඡන්ද ආකර්ෂණය කරන ඡන්ද මැෂින් විදියට පමණයි. ඡන්දයෙන් පස්සේ ඔවුන් හොද්දට දැම්ම කරපිංචා නැටී ගානට මේ අය වැටෙනවා.ඒ විතරක් නොවේ දේශපාලනයේ තියෙන කැපිලි කෙටිලි වලට ඔරොත්තු දෙන්න බැරි උනාම අන්තීමට දේශපාලන කනත්තට විසි වෙනවා.මේ බව තේරුම් අරගෙන වෙන්න ඇති සංගා දේශපාලනයට නොඑන්න තීරණය කර ඇත්තේ.
ඉතින් අපිට මොකද? ක්‍රීඩකයෙක් වශයෙන් අපි ඉහලින්ම පිලිගන්නවා. හැබැයි දේශපාලකයෙක් විදහටනම් ඔය අනිත් අම්බරුවො රැලේ කෙනෙක් කියලයි හිතන්න වෙන්නෙ.. කවුරු ආවත් එකයි.
මේකට කියන්නේ "ඉම්රාන් ඛාන්.. ගේ උණය කියලයි.. " ඉක්මනට මෙයාව දොස්තර කෙනෙකුට පෙන්නුවා නම් හොඳයි.
අපේ රටේ දේශපාලකයකුට තිබිය යුතු කපටි ගතිගුණ ඔක්කොම මෙයාට හොඳට පිහිටලා තියනවා. දැන් නැතිවුනත් පස්සේ හරි ඒවි...
එන්න ඉන්න හොර කල්ලිකාරයන්ට, කුඩුවලට සම්බන්ධ අයට ඉඩ නොදී මෙය අභියෝගයක් ලෙස බාරඅරන් රටට නායකත්වයක් දෙන්න.
ඔබ අපිට ඉතාම වටිනා පුද්ගලයෙක්. ඒ නිසා දේශපාලනයට ඇවිත් නම කැතවෙනවා දකින්න අපි කැමති නැහැ. අපේ රටෙන් බිහිවූ විශිෂ්ටයෝ කිහිප දෙනෙක්ම දැන් බලුවෙලා... වනජීවීන් බවට පත්වෙලා ඉන්නවා ඔබට පෙනෙනවා ඇති. ඔබට මුදල් ඇතිතරම් තියෙන බවත් අපි දන්නවා. ඒ නිසා දේශපාලනයට ඇවිත් හොරෙක් වෙන්න ඕනෙත් නැහැ. ඔබට දිර්ඝායුෂ සහ නිරෝගිබව ප්‍රාර්ථනය කරනවා.
රවී කරුණානායක මැතිතුමා ලස්සන කතාවක් කියලා තිබුණා. "එයා (සංගක්කාර) එනවා නම් මම යනවා ක්‍රිකට් ගහන්න" කියලා. මොන තරම් ලස්සනට ප්‍රශ්නේ විග්‍රහ කරලා තිබුණද එතුමා.
මේ රටේ ඉන්න අමනයින්ට නායකත්වය දෙන්න, සංගක්කාර වගේ මහත්වරු හොඳ වැඩියි. රටේ ඉන්න අමන මුර්ගයින්ට සාපේක්ෂව, ඔවුන්ට ගැලපෙන නායකයින් රටේ බිහිවෙලා තියෙද්දී, ආයේ මොනවටද මේ සංගක්කාර ගැන කතා කරන්නේ?
එනකන් බලාගෙන ඉන්නේ!
මේක කැහි ගෑනි දීලා හොටු ගෑණි ගන්න වැඩක්. සංගා හදන්නේ අන්තිමට යෙහෙළිව ජනාධිපති කරන්න මොකද යෙහෙලි සිරිමාවෝ වගේ අන්තිම දක්ෂ කාන්තාවක් හැබැයි ආගමේ
ආධ්‍යාත්මික වශයෙන් පොහොසත් දේශයක් භෞතික සංවර්ධනය අත්පත් කරගන්නේ ස්වභාව ධර්මය සමඟ අත්වැල් බැඳ ගනිමිනි. මුළු හදවතින්ම ,අකම්පිතව මහා කැපවීමක් කල හෙළයේ අහිත රජ දරුවන් තැනු මගේ ආදරණිය මාතෘ භුමිය පක්ෂ දේශපාලනයත්, සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයත් විසින් ලෝකයේ අන්ත දුෂිත රටවල් හතරෙන් එකක් බවට ස්ථානගත කර ඇත. වහල්බව සංකෘතියේ අංගයක් බවද, සුරාකෑම , අල්ලස, හොරකම පාලකයාගේ ආවේනික අයිතියක් බව තහවුරු කලේ තට්ටු මාරු පක්ෂ දේශපාලනයි. පරිපුර්ණ මිනිස් ජිවිතයක් සහිත සමාජයක් පිලිබඳ අනාගතකාමය අතුරුදහන් කර, ඒ වෙනුවට අතිතකාමයෙන් ජනතාව දක්කාගෙන යන ආත්මලාභී නරුම මිනිස් අහිනක අතරමන් වීමට සංගක්කාර නම් විශිෂ්ට ක්‍රීඩකයා අකමැතිවීම මහත්මා හැඩරුව පෙන්වන සාධකයකි. සංගා, ඔබ සරල සන්සුන් එහෙත් ප්‍රබල මිනිසෙකි. උපන් දේශය වෙනුවෙන් ලබාදුන් ගෞරවය සහ කිර්තිය ප්‍රමාණවත්ය. එබැවින් ඔබේ ආත්ම ගරුත්වයට ලන්සු තබන්නට , එසේත් නැත්නම් තවත් වසර පහකට රට කොල්ලකෑමට ජරාජීර්ණ දේශපාලකයින්ට අවස්ථාව ලබා නොදෙන්න.
මොහුට ගැලපෙන්නේ එංගලන්තයේ ශ්‍රී ලංකා තානාපති වගේ එකක්... ලංකාව ගැන හොඳ ප්‍රතිරූපයක් වගේම හොඳ සම්බන්ධයක් ඇතිකරන්න මොහුට පුළුවන් වෙයි. මුරලි, ජයසූරිය හොඳයි ඉන්දියාවේ තනාපතිකමට... පාකිස්තානයටත් ක්‍රිකට් ක්‍රීඩකයෙක්ම හොඳයි. ඔය දැනට ඉන්න දේශපාලන හෙන්චයියන්ට වඩා මොවුන්ට ඔය රටවල හොඳ පිළිගැනීමක් තියෙනවා.
අර්ජුන, අරවින්ද ඉන්න කාලේ ඒගොල්ලගෙන් පස්සේ ක්‍රීඩකයින් හදලයි ගියේ. ඒත් ඔබතුමායි, මහේලයි එහෙම කළේ නැහැ. ඔබතුමා දේශපාලනයට ආවත් ඒ ටිකම තමයි. පුද්ගලයෙක් විදිහට ඔබතුමා ගොඩක් සාර්ථක වුණත් අපි දැන් හැමදාම වගේ මැච් බලලා දුක් විඳිනවා.
"ඔවුන් සියලු දෙනා යහපත් සහ ගෞරවනීය අරමුණක් ඇති ක්ෂේත්‍රයට පැමිණි අය. ඔවුන් සියලු දෙනාම රටේ යහපත උදෙසා කැප වී සිටිනවා." සංගක්කාර මහත්තයෝ නිකන් දේශපල්කින් ගැන වැරදි අර්ථකතන දෙන්න එපා... ඔබ තුමා නිකන් කටට එන පලියට ද දොඩවන්නේ...පෙනෙන්නේ නැද්ද අපේ රටට බහුතරයක් දෙසපළුවන් කරලා තියෙන වැඩ...
මා දකින විදියට නම් ඔබට ව්‍යාපාර සම්බන්ද වෙළඳ දැන්වීම් වගේ දේවල් තමයි වඩා සුදුසු ........
කළණි (වෙත) සන්නාලිය විසින්රන්වන් මුතු පබළු වලින් හැඩවැඩ දමලා ලස්සන කරලා රන්වන් පාටින් දිලිසෙන සළුව වියා නිම කර " සංගා" ට පෙරවූ එම සළුව චිතාකර්ශනීයයි .
මහත්තයෝ ක්‍රිකට් ක්‍රීඩාවත් මහත්වරුන් අතින් ගිලිහී යන බව පෙනෙනවා. දේශපාලනය මහත්වරුන් අතින් ගිලිහී ගිහිල්ලා බොහොමකල්. ලංකාවේ දේශපාලනය ඔබලා වැන්නවුන්ට සුදුසු නැත. හැබැයි එංගලන්තය, නවසීලන්තය වනිරටක දේශපාලනය කරන්න ලැබුනොත් කන්දෙක උල්කර උස්සා කැමතිවන්න. ඔබ මේ ගොඩට අයිති කුරුල්ලෙක් නොවේ. එමනිසා මෙගොඩේ ලගින්න සූදානම් වෙන්න එපා.
සරත් ෆොන්සේකා මහතා දේශපාලනයට ඇවිත් කලින් තිබ්බ ගෞරවය නැති කරගත්තා. ඔබත් කැමති නම් ඇවිත් වෙනස බලන්න. අපේ රටේ දේශපාලනය කරන්න උවමනා වන්නේ නුගත් කම පමණි.
පොහොට්ටුවෙන්ද ඉල්ලන්නේ උඩින්ම දිනනවා.
ඔබතුමා හංසයාගේ උගුලට අසු වෙන්න එපා. තමන්ගේ කීර්ති නාමය ආරක්ෂා කරගන්න.
පෙර උදාහරණ ඕන තරම් ගාමිණී ෆොන්සේකා සනත් ජයසුරිය මාලිනි ෆොන්සේකා අර්ජුන රණතුංග සුසන්තික ජයසිංහ රවින්ද්‍ර රන්දෙනිය සරත් ෆොන්සේකා මේ ඔක්කොම යම් දක්ෂ තාවයක් තිබුන අය. ඔවුන්ට දේශපාලනය බැරි බව ක්‍රියාවෙන්ම ඔප්පුකරල තියනවා. සංගක්කාරත් තවත් එක අයෙක් පමණයි. ලොවින් අයෙක් එක දෙයකට වෙයි සමත කියුවේ කට කහනවට නොවේ. සංගක්කාර සංදර්ශන නැතුව දන්න දේ කරගෙන ඉන්න
එක්තරා කියමනක් තියෙනවා මෙහෙම. 1. යමෙක් නොදන්නේද, නොදන්නා බව නොදන්නේද, ඔහු පල් මෝඩයෙකි. 2. යමෙක් නොදන්නේද, නොදන්නා බව දන්නේද, ඔහු ශිෂ්‍යයෙකි. 3. යමෙක් දන්නේද, දන්නා බව නොදන්නේද, ඔහු නින්දේය, 4. යමෙක් දන්නේද, දන්නා බව දන්නේද, ඔහු බුද්ධිමතෙකි. සංගා, ඔබ ඔය කියන 4 වැනි කාණ්ඩයේ ඉඳලා 1 වැනි කාණ්ඩයට නොඑන්න තීරණය කිරීමම ඔබ 4 වැනි කාණ්ඩයේ කෙනෙක් බව ඔප්පු කරන සාධකයක්!
ඔබ වැනි මිනිසෙක් මේ රටේ දැනට තියන දේශපාලන ජරා ජීර්ණ මඩ වලට බහිනවාට මම නම් කොහෙත්ම කැමති නැහැ. ඔබ ගත් තීරණය ගැන සන්තෝසයි. පළාතේ එන්න එපා. හොඳ නම ආරක්ෂා කරගන්න. දේශපාලුවෙකු ලඟින් ඉන්නවත් එපා. ඔබට මෙහෙ දේශපාලුවකු වීමට අවශ්‍ය කෙප්ප කෙලිය, කොමිස් කෙලිය, පගා කෙලිය, පාතාල ජොලිය, ටෙන්ඩර් කෙලිය .පිල්ලි ගැහිල්ල, ජිල්මාට් දැමිල්ල , `දේශානු රාගය`, කන්ට සුත්‍රය ආදී මෙකී නොකී සුදුසුකම් ඇති කියා මා සිතන්නේ නැහැ! ක්‍රීඩකයෙකු වශයෙන් ඔබෙන් සිදුවී ඇති සේවය හොඳටම ඇති!