(අජන්ත කුමාර අගලකඩ)
රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා අලුතින් වැටුප් කොමිසමක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
මේ සඳහා මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් අද (14) ඉදිරිපක් කරන ලද කැබිනට් සංදේශයට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
මෙම නව වැටුප් කොමිසන් සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලබන අතර එහි නිර්දේශ මාස දෙකක් ඇතුළත ලබාදීමට නියමිතව ඇතැයි පැවැසේ.
රාජ්‍ය අංශයේ වැටුප් හා සේවක සංඛ්‍යා සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසන් සභාවට අමතරව මෙම නව වැටුප් කොමිසම පත් කෙරේ.
රාජ්‍ය අංශයේ සේවකයින්ගේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක චක්‍රලේඛ සම්බන්ධයෙන් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම නව කොමිසන් සභාවට පැවරෙනු ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ සියලුම අයතනවල වැටුප් විෂමතා සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමිෂන් කොමිෂන් කොමිෂන් අවසානයේ වරදක් කරපු කෙනෙක් නෑ
ඕකත් තව එක කොමිසන් සභාවක් විතරක් වේවී.
නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් පට්ටා හතක්
පඩි වැඩිවීමක් කරන්න තිබුනෙ කොමිසමක් දාලම තමයි. රටේ නැති ප්‍රශ්න ඇති කරගෙන තියෙන්නෙ ඒකෙන්. කොටසින් කොටසට පඩි වැඩි කරන්න ගිහිල්ලා වැඩවර්ජන රැල්ලක් ඇතිවන එක වලක්වන්න බැහැ.
රාජ්‍ය අංශයේ ආපහු පඩි වැඩිකරන එකට, බදු ගෙවන අපි විරුද්දයි. ඔය කට්ටියට කොච්චර දීමනා දෙනවද ,ඒත් දවසට පැය කීයද හරියට වැඩක් කරන්නේ ?
මේ කොමිසම යහපාලනයේ සුපිරි ප්‍රෝඩාවක්. මගේ සොච්චම් දැනුමට අනුව නම් 2016 රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛයේ සමහර ප්‍රතිපාදන තාමත් ක්‍රියාත්මක වී නැහැ. එහෙම තියෙද්දී මොකටද තවත් කොමිෂන් පත් කරන්නේ? තාම කොමිසමේ සාමාජිකයෝ පත් කරලත් නැහැ. මේකට කාර්යාලයක් ආරම්භ කරලා සම්පුර්ණ වශයෙන් රාජකාරී කටයුතු පටන් ගන්නම මාස 2 = වැඩ කරන දින 21*2 = 42 ට වඩා යනවා. කොමිසමේ කාලය වාර 2ක් හෝ 3ක් අනිවාර්යයෙන්ම දීර්ඝ කරන්න වෙනවා. පුර්වාදර්ශ එමටයි. රටට අයස්කාන්ත මනස්කාන්ත නිදහස ලැබිලා දශක 7 කටත් වැඩියි තාම බැරිවුනා රාජ්‍ය පරිපාලන යේ කොඳු නාරටිය වන රාජ්‍ය සේවකයනට විධිමත් වැටුප් ව්‍යවුහයක් සකසල සේවකයා තෘප්තිමත් කරන්න. කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න වෙන්නේ 2020 පත් වෙන රජයකට තමා.
2015 අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප මාසෙකට රුපියල් 10000/- ක් වැඩිවුණා. ඊට පස්සේ ඒක 4.2:1 අනුපාතෙට හැදුවට පස්සේ හැමෝගෙම වැටුප මාසෙකට 10000/- සිට 60000/- පමණ දක්වා වැඩි කලා නමුත් මේ වැඩිවීම 2016 සිට 2020 දක්වා අවුරුදුපතා ක්‍රමිකව වැඩිවෙන විදියටයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් අලුත් ක්‍රමයක් නිර්දේශ කලොත් මේ ඔක්කොම අවුල් වෙනවා. ආණ්ඩුවටත් ඕන කරන්නේ 2016 හදපු වැටුප් වැඩිවීමේ ක්‍රමය අහෝසි කරලා ඊළඟ අවුරුද්දේ දෙන්න තියෙන වැඩිවීම ටිකක් වැඩිකරලා එතැනින්ම වැටුප් වැඩිවීම නතර කරන්න.
මන්තිරියන්ගේ පඩිවැඩි කිරීමයි රජයේ සේවකයින්ගේ පඩිවැඩි කිරීමට වඩා දෙයක් මුන් මේ අවුරුදු 3 ට කලාද. අපිට ඍජු බදු ගැසුවේ වක්‍ර බදු අඩුකරනවා කියලානේ බලනකොට කරන්නේ මුන්ගේ පඩිවැඩි කර ගැනීමනේ. මේඝ ගර්ජන දෙවියනේ මංගල වෙලාවක් බලා මෙයාගේ ඔලුවටත් වඩින්න
රාජ්‍ය අංශයේ මිනිස්සු බහුතරයක් උද්ගෝෂණ නොකර නිහඩව විශාල සේවයක් ඉටු කරනවා. සුළුතරයක් තම වෘත්තිය ස්වාභාවය ඉත්තෙක් කරගෙන වැඩි වැටුප් ඉල්ලනවා. දුම්රිය වගේ සේවා වල කොච්චර කොමිෂන් දදා වැටුප් වැඩි කලත් වැඩක් නෑ. ඒවගේ සේවා එක්කො පුද්ගලිකරණය කරන්න ඕන. රාජ්‍ය සේවයේ කියල මහ කැත විදියට උද්ගෝෂය කලේ දුමිරිය විතරයි. ඒකට චූන් වෙලා වැටුප් කොමිසන් දැම්ම කියලා මේ ප්‍රශ්නෙ විසදෙන්නේ නෑ. තම වෘත්තීය ඉත්තෙක් නොකරගෙන ලොකු පොඩි හැම මිනිහගෙම සේවය අගය කරන ඒකට ගරු කරන මානසිකත්වයක් ඇති මිනිස්සු රටක බිහිවෙන්න ඕන. හැම සේවකයෙකුටම තම මූලික අවශ්‍යතා ටිකවත් ඉටු කරගන්න පුළුවන් මාසික වේතනයක් ලැබෙන විදියට රාජ්‍ය පරිපාලන ක්‍රමයක් සකස් වෙන්න ඕන. එහෙම නැතුව අට පාස් දියවන්නාවේ කට්ටිය මාසෙට කෝටි ගනන් හම්බ කරනද්දි දහදුක් විදලා ඉගෙන ගෙන එක එක විභාග පාස්වෙලා රස්සාවට ගිහිං හිඟන පඩියට තමන්ගේ සේවය ලබාදෙන අතරෙ දියවන්නාවේ නිකං ඉදන් අපේ බදු වලින් සැප විදින මේ රටේ මොන කොමිසම ආවත් වැටුප් විෂමතා වලට උද්ගෝෂණ නවත්වන්න බෑ.
මේකට බදු ගෙවන අපි විරුද්දයි.අපි රජයේ තැනකින් වැඩක් කරගන්න ගියහම මුන්ගේ තියෙන රෙස්පට්.පඩි වැඩි කරන එක නෙමෙයි කරන්න ඕනේ සේරම පුද්ගලීකරණය කරන එක
2004 දී ලිපිකරු සේවය අහෝසිකර කළමණාකාර සහකාර සේවය ඇතිකළා. එහිදී ලිපිකරු අධිපංතියට වැටුප් වැඩිකලේ නැහැ. ඉන්පසුව 2006 වැටුප් වැඩිවීමේදි අධිපංතියේ අයට ලොකු අසාධාරණයක් වුණා. ඒ ගැන පුද්ගලිකව ඉල්ලීම් කල පිරිසකට පමණක් වැටුප් සකස්කළා. අනෙක් අයට කිසිවක්ම නැහැ. ඒ ගැනත් සලකා බැලීමට අලුත් කොමිසමට බලය පවරන්න.