( මහින්ද නිශ්ශංක )
දුම්රිය රියදුරු නියාමක,ස්ථානාධිපති හා දුම්රිය පාලකවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 70 ක්ට වඩා වැඩි පාඩුවක් සිදු වී ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ආචාර්ය විජය සමරසිංහ මහතා පැවසීය.
වැඩ වර්ජන කාලය තුළ මගී ප්‍රවේශපත් නිකුත් නොකිරීම, භාණ්ඩ හා පාර්සල් ප්‍රවාහනය සිදු නොවීම, තැපැල් දුම්රිය ධාවනය නොවීම, මගී ආසන වෙන් කළ දේශිය හා විදේශිය මගීන් සඳහා මුදල් ගෙවීම හා වායු සමනය කළ ලංගම බස් රථ යෙදවීම නිසා මෙම පාඩුව සිදු වී ඇති බවද ඒ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්ජනය කරලා රට ප්‍රපාතයට දාමින් ජනතාවට වදදුන් අමනයින්ගෙන් මේ මුදල කපාගන්න.
කරුණාකර මෙම පාඩුව අපහසුතාවට පත් මහජනයා පිට නොපටවා වර්ජකයන්ගේ මෙම මස වැටුපෙන් අය කරගැනීමට කටයුතු යොදන්න.
දුම්රිය වර්ජනයෙන් කෝටි 7 ක පාඩුවක්? අහිංසක මිනිස්සු රටේ තත්වය තේරුම් ගන්න බැරි හරක්. රට ගැන නොහිතා දේශපාලනයට වහල්කම් කරන්නන්ගෙන් පිරි රටක්.
ඒවා අයකරගන්න තමයි බෝනස් උසස්වීම් කියලා තියෙන්නේ... ඒවා කපලා අය කරගන්න. ඒවාත් ජනතාවට ගෙවන්නද කියන්නේ?
පාඩුව ජනාධිපතිවරයාගෙන්ම අය කරගත යුතුයි. මොකද විසඳුමක් දෙන්න... එයා දවස් හතරක් ගත්ත නිසා...
ජනාධිපතිතුමනි, මේ පාඩුව නීච වර්ජකයන්ගෙන් අඩු කරගන්න..
බයවෙන්න එපා... මහජනතාව වන අපි ගෙවන්නම් ඕවා බදු වලින්
පාඩුව, වර්ජනයට සම්බන්ද වූවන්නේ වැටුපෙන් අයකර ගත යුතුයි...
දුම්රිය දෙපාර්තමේන්තුව අධික වශයෙන් ලබන පාඩුවේ අඩුවීම තමා වෙලා තියෙන්නේ.. හරියට ගණන් හදලා බලන්න..
ඉතා ඉහළ වැටුපක් ලැබුණත්, වැඩ වර්ජනය කළ සියලු දෙනාගෙන් මේ පාඩුව අය කරගත යුතුය.
අපි ස්ට්‍රයික් කළේ නැහැනේ. ඒ ගොල්ලන්ගෙන්ම අය කර ගන්න ඕනේ... අපි මේ රුපියල් 1000ක් හොයා ගන්නේ පුදුම දුකක් විඳලා. ලක්ෂ ගණන් පඩි අරන් තවත් දඟලනවා. කඩේ යනවා.
ජනපති හම්බවෙලා නෝන්ඩිය මකාගෙන පරණ විදිහටම වැඩ...
මේක පට්ටපල් බොරුවක්... නෙට් ප්‍රොෆිට් එක හදලා පෙන්වන්න.
ඕක මොකක්ද? අපේ දේශපාලකයින් කරන හොරකම් එක්ක....
වර්ජන කාලයේ ධාවනය වූ දුම්රියන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කලේ උප දුම්රිය ස්ථානාධිපතිවරු සේවය කල ස්ථාන වලින් පමණි. ඔවුන් නිහඬ සේවයක් කරන බව පහැදිලියි. දුම්රියන් පිළිබඳ තොරතුරු පවා තම පෙෳද්ගලික දුරකතනයෙන් විමසා දුම්රිය මගීන් වන අපට දැනුම් දුන්නා. ඔවුන් ස්ථිර සේවකයෝ නොවෙයි මම හිතන විදිහට. හැමදාම සේවයේ නිරත වෙනවා.
මේගොල්ලො වැඩට ආවා කියලා අර හමුදාවෙ අය දුම්රිය පදවන්න ඉන්දියාවෙදි පුහුණු කරන එක නවත්වන්න එපා. මේගොල්ලො ආයෙමත් එකපාරම නවතියි..
වැඩට ආවෙ නැති උනාට ඒ දවස්වලටත් ඇති කාල දීමනා ඉල්ලයි. නැත්නම් ආයෙත් නවතියි.
හමුදා අනු ඛණ්ඩයකට වහාම මෙම පුහුණු කිරීම් කරන්න.
ඕකත් මහලොකු දෙයක්ද? ඩියුටි ෆ්‍රී කාර් දෙකක ගාණනේ
අනිවාර්යයෙන්ම මේ පාඩුව වෘත්තිය සමිතියෙන් ඉල්ලා අධිකරණයේ නඩු පැවරිය යුතුයි. අනික රජයක් හැටියට සිත සිතා සිටින්නේ නැතිව නැවත වර්ජනයක් කළහොත්, මාස තුනකට පමණ ඉන්දියාවෙන් රියදුරන් ගෙන්වා අපේ හමුදාවද යොදා දුම්රිය ධාවනය කළහොත්,මේ අය අමතක නොවන පාඩමක් ඉගෙන ගනීවි. ගෙවල්වල අඹු දරුවෝද පාඩමක් උගන්වාවි. පසුව අලුත් සේවකයන් ලෙස රැකියාවට බඳවා ගැනීමට හැකියි. එදාට,ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති නිදහසෙන් අයුතු ප්‍රයෝජන ගන්නා දේශපාලන කල්ලිද පාඩමක් ඉගෙන ගනීවි.
දැන්ම ඉඳලා හමුදා නිලධාරීන් පිරිසක් රහසිගතව ඉන්දියාවට යවලා ඔවුන්ට දුම්රිය රියදුරු පුහුණුවක් දෙන්න. අනිවාර්යයෙන් මේගොල්ලෝ ලබන අවුරුද්දෙත් අපිව ප්‍රාණ ඇපයට අරන් වැඩි පඩි ඉල්ලලා වර්ජන කරනවා එතකොට මේ ටික එලියට යවලා පුළුපුලුවන් විදිහට අපි දුම්රිය ටික ධාවනය කරගමු ,
මෙකී පාඩුව වර්ජනය මෙහෙයවපු වෘත්තීය සමිතියේ සාමාජිකයන්ගෙන් අයකර ගන්න. පූර්ව දැනුම්දීමකින් තොරව වර්ජනයකර, දෙපාර්තමේන්තුවට ආදායමක් ලබා දෙන, මගී ජනතාව අපහසුතාවයට පත් කිරීම සම්බන්ධයෙන් මගී සංගම් එක්වී, මොවුන්ට විරුද්ධව නීත්‍යානුකුලව කටයුතු කරන්න. අන්ත දූෂිත දෙපාර්තමේන්තුවක් වශයෙන් පාඩු ලබන දුම්රිය දෙපාර්තමේන්තුව වහාම පුද්ගලීකරණය කරන්න!
කෝච්චි දිව්වත් පාඩුයි. ස්ට්‍රයික් කළත් පාඩුයි. විකුණමු.
මෙවැනි වර්ජන නිසා ගමනාගමන අපහසුතාවයට පත් ජනතාවට නියාමක නිලනිවාස ලබාදෙනු !
මේ තරම් එඩිතරව වර්ජනය දිගටම කරනව කියපු අය මොකද එක පාරටම පොලොන්නරුවට ගිහින් සාකච්චා කරල වර්ජනය නැවත්තුවේ ?
මෙයාලටත් කාර් පර්මිට් දෙනවානම් හොඳයි.
දුම්රිය දෙපර්ත්තුමේන්තුව පාඩුව වර්ජකයන්ගේ පඩියෙන් කපාගත යුතුයි. මගීන් අසරණ කල අයට මොන පඩි වැඩි කීරීමක්ද ? වහාම දුම්රිය අත්‍යවය සේවාවක් කල යුතයි. හමුදා සෙබළුන්ට දුම්රිය රියදුරු පුහුණුව ලබාදිය යුතියි. ලෝකයේ නිදාගන්න එකට සහ දුම්රිය ප්‍රමාදවී ගමනාන්තයට යාමට බටා අතිකාලදෙන එක ආයතනය දුම්රිය දෙපාර්තමෙන්තුවයි.