පස්වරු 2.30
බන්ධනාගාර වහළය මත රැදී සිටින රැදවියෝ ඉන් බස්සවා ගැනීමට බන්ධනාගාර ඉහළ නිලධාරී උත්සාහ දැරූවද අද (14) සවස 2.20 වන විටත් රැදවියෝ එයට එකඟ වී නොමැත.
සිය ඉල්ලීම් ඉටු කරන තුරු පහළට නොබසින බවට සටන් පාඨ කියමින් ඔවුහු තවමත් එහි රැදී සිටිති.
මේ හේතුවෙන් බන්ධනාගාරය අවට පැය 24 පුරා ආරක්ෂාව තර කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
රැඳවියන් බිමට බැස මේ පිළිබඳව සාකච්ඡාවකට පැමිණෙන්නේ ඒ සඳහා අවස්ථාව සලසා දෙන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝල මහත්මිය ද මේ වන විට අදාල අංශ දැනුවත් කර තිබේ.
එමෙන්ම ඔවුන් බිමට බසින තුරු කිසිඳු සාකච්ඡාවකට සහභාගී නොවනන බවද අමාත්‍යංශයේ ලේකම් මංගලිකා අධිකාරී මහත්මිය සඳහන් කළාය.
මේ අතර කාන්තා රැඳවියන් වහළයට නගින තුරු නිලධාරීන් ඒ පිළිබඳව බලා සිටියාද, මේ පිටුපස වෙනත් යම් සංවිධානාත්මක පිරිසක් සිටින්නේද යන්න සම්බන්ධවද පරීක්ෂණයක් අරඹා තිබේ.
මේ වන විට බන්ධනාගාරය අවට වනාතමුල්ල, සීවලී පටුමග ආශ්‍රිත ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබේ. බොරැල්ල පොලීසිය, බන්ධනාගාර පරිශ්‍රය වටා මුර සංචාර සේවාවක්ද ක්‍රියාත්මක කර තිබේ.
එමෙන්ම මෙම ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන් කිසිඳු කාන්තා රැදවියෙකු නඩු කටයුතු අධිකරණයට රැගෙන යාමට මෙම දින දෙක තුළ නොහැකි වු බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
පෙ.ව 9.31 - වැලිකඩ උද්ඝෝෂණය ගැන සොයන්න විශේෂ නිලධාරියෙක්
( දිල්රුක්ෂි ග්‍රේරු සහ ජයන්ත සමරකෝන්)
වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ කාන්තා රැදවියන් ආරම්භ කළ උද්ඝෝෂණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කිරීම සඳහා අධිකරණ අමාත්‍යංශය මගින් විශේෂ නිලධාරියකු පත්කර තිබේ.
සිය මුලික අයිතිවාසිකම් ඉල්ලමින් කාන්තා රැදවියෝ ඊයේ (13) උදෑසන මෙම උද්ඝෝෂණය ඇරැඹුහ.
මෙම රැඳවියන් වහලය මතට නැග උද්ඝෝෂණයේ යෙදෙන තෙක් එහි කාන්තා නිලධාරිනියන් කුමක් කළේද යන්න මෙහිදී විශේෂයෙන් සොයා බලන බවද අමාත්‍යාංශයේ ලේකම් මංගලිකා අධිකාරි මහත්මිය පැවසුවාය.
මෙම තත්ත්වය වළක්වන්නට මෙතෙක් එම කාන්තා නිලධාරින් අපොහොසත්වීම ගැටළුවක් බවද එම කාන්තා රැඳවියන් වහලයෙන් බසින තෙක් ඔවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කිරිමට අමාත්‍යාංශය සුදානම් නැතැයි ද ලේකම්වරිය කීවාය.

- රඳැවියෝ ගහ ගනිති - හතරක් රෝහලේ
- වහලය උඩ නැඟි රැඳවියන්ට ඇමතිනිය තදින් හිටී
- ඇමැතිනිය බන්ධනාගාර ලොක්කන්ගේ තටු කපයි
- රැඳව්යෝ තවමත් වහළය මත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිනිය තදින් ඉන්න ඕන තවත් කට්ටියක් ඉන්නවා. ඒ තමයි, මොවුන් අවුරුදු ගණන් රිමාන්ඩ් එකේ ඉන්න සලස්වන කට්ටිය. ඒ කියන්නේ, කලට වෙලාවට නඩුවේ පරීක්ෂණ ඉවර කරන්නේ නැති, පුළුවන් තරම් නඩුව කල් දාන්න කටයුතු කරන, හිර දඬුවම් නියම නොවී හිර දඬුවම් විඳින්න සලස්වන වගකිව යුත්තෝ. ඒ වැඩේ නම් මේ කපේදී බැරි වෙයි.
හිරගෙවල් සියලු සිතුම් පැතුම් ඉෂ්ට කරන රජ මාලිගාවල් නොවිය යුතුයි. !
ඇමතිනිය ගන්නන් දාන්නේ හිරකරලා ඉන්න කාන්තාවන්ට. පුළුවන් නම් දුෂිතයනට තදින් ඉදල පෙන්නන්නකො
මේ වරදට නැවත දඩුවම් දිය යුතුයි.
මේ ඔක්කොම වෙන්නේ දුෂිත නිලධාරීන් නිසා.
මඩුවලිගය නැද්ද මෙයාලට පොඩි සංග්‍රහයක් කරන්න?
මේ අයගේ අනිකුත් ඉල්ලීම් කෙසේ වෙත්තත්, නඩු කල් යවමින් වසර ගණන් රිමාන්ඩ් භාරයේ සිටීමට සිදුවීම ගැන විරුද්ධ වීම සාධාරණ ඉල්ලීමක් යයි සිතමි. නීති පද්ධතියේ ප්‍රමාදයක් නිසා යම් කෙනෙක් මාස 6 කට වඩා රිමාන්ඩ් භාරයේ සිටීමට සිදුවුනොත්, එයට සාධාරණ පිලියමක් ලෙස, එම තැනැත්තා නිදහස් විය යුතු යයි නීති සම්පාදනය කල යුතුයි.
මේ රටට වැඩදායි මිනිස්සු නෙමේ අපරාධ කරලා හිරේ ගිය අය. මෙයාලා නැති උනා කියල රටට ලාබයක් මිසක් කිසිම පාඩුවක් නෑ එක නිසා ගණන් එපා. මෙයාලව දැක්කේ නෑ වගේ තම තමන්ගේ එදිනෙදා වැඩ කරගෙන යන්න. බඩගිනි වුනාම එක්කෙනා දෙන්නා බැහැලා ඒවි.
මෙය නරක අාදර්ශයක් වහාම අවම බලය පාවිච්චිකර බිමට ගෙන වෙනත් සිරගෙවල් වලට යැවිය යුතුය
මේ අයට වහලට නගින්න ඉනිමගක් සැපයු අය ලවාම ඔවුන් පහලට බස්ස ගන්න බැරිද? මහල් නිවාසවල මෙවැනි හදිසි තත්වයක් ඇතිවූ අවස්ථාවලදී "ගිනි නිවන හමුදා භටයන්" භාවිතා කරන ක්‍රමය මෙහිදී අත්හදා බැලීම කාලෝචිත වෙන්නත් පුළුවන්. බන්ධනාගාරය තුල තිබෙන වැහි පීලි වලට දැලක් සවිකර, ගිනි නිවීමට යොදන අධිපීඩන නළයක් ඔවුන්ට එල්ල කර, වහල දිගේ පහලට රූටා, දැලට වැටෙන්න සලස්වන්න. එකෙක් දෙකෙක් දැලට වැටෙනකොට අනෙක් අය ඉනිමගක් මගින් සාමකාමිව පහලට එනවා නියතයි ! උත්සහ කරලා බලන්න, ප්‍රතිපලය සහතිකයි.