(විනීතා එම් ගමගේ)
‘‘වහලය උඩ නොවෙයි කොහේ නැග්ගත් බන්ධනාගාගරය තුළ සිදුවෙන නීති විරෝධී වැඩ මම නතර කරනවා’’ යැයි බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය.
බන්ධනාගාර වහලය උඩ නැග සිටින කාන්තා රැදවියන් පිළිබඳ ගත යුතු පියවර පිළිබඳ උපදෙස් බන්ධනාගාර අධිකාරිවරයාට දුන් බවත් ඇය පැවැසුවාය.
අද බන්ධනාගාර වහළය මත නැගී උද්ඝෝෂණය කරන අයට වෙඩි නොතබන බැවින් බිය විය යුතු නැතැයි ද අතුකෝරල මහත්මිය කීවාය.
ඇමතිනිය මේ අදහස් පළ කළේ නිවිතිගල උඩ තුත්තිරි පිටිය පාලම සඳහා මුල් ගල තැබීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිලිතුරු දෙමිනි. එහි දී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේ ද කීවාය.
‘‘මම සිද්ධිය දැක්කේ නැහැ. අද ඉන්නේ රත්නපුරේ. අද ඉතින් ඕන කෙනෙකුට තමන්ට කැමති විදිහට උද්ඝෝෂණ කරන්න පුළුවන්. ඒකට අයිතිය තිබෙනවා. 2012 නොවැම්බර් 12 දා ඝාතනය වුණා වගේ රැඳවියන් ඝාතනය වෙන්නේ නැහැ. කල්පනාකාරිව ඉවසිල්ලෙන් ප‍්‍රශ්නවලට මුහුණ දෙනවා.
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද
කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත
කාලයක සිට පොලොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොලක් වටලා, සූදු ක්‍රීඩාවේ යෙදී සිටි සිවිල් ආරක්ෂක බටයකු ඇතුළු දහත
මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
වහලය උඩ නැඟි රැඳවියන්ට ඇමතිනිය තදින් හිටී
dayarathna Monday, 13 August 2018 01:25 PM
මේ කාන්තාවනුත් බන්ධනාගාරේ අවි ගබඩාව කඩාගෙන වෙඩි තිබ්බොත් ඔබතුමිය මොකද කරන්නේ? එදා වුනේ උද්ගෝෂණයක් නෙවෙයි. රැඳවියන් අතට අවි ලැබුණොත් සිල් රැකලා හරිද? ....සියලු නින්දා අපහාස යුද්ධය නිමකිරීමට එඩිතර නායකත්වයක් දුන් ගෝඨාභය මැතිතුමාට.
erdiMonday, 13 August 2018 02:22 PM
දයාරත්න අපිට ඔබට තණකොළ තියෙන තැන් පෙන්වන්න පුළුවන්. හැබැයි කවන්න බැහැ. බන්ධනාගාර ඝාතන ගෝඨාභයගේ ම්ලේච්ඡත්වය මෙහෙමයි කියලා බහුතරයක් දැනගත්තත් සමහරු වඳිනවා.
samanMonday, 13 August 2018 03:23 PM
දයාරත්න ඔබේ කොමෙන්ටුව දැකලා "සභාවේ හිනා"
DayarathnaTuesday, 14 August 2018 04:04 AM
ඔබ ඔය කියන ගෝඨාභයගේ නායකත්වයෙන් යුද්ධය පරාජය කරනකොට හොදයි. ඔබත් අද පවුල සමග නිදහසේ පාරේ බැහැල යනවා නේද? නිකම් පාට කන්නාඩි දාගෙන ගුණමකු වෙන්න එපා එර්දි.
athuraTuesday, 14 August 2018 04:28 AM
ඔබ නොදන්නවා හෝ දැනගෙන නොදන්නවා සේ හිටියට එදා වුණ දේ දන්නෝ සහසුද්දෙන් දන්නවා.දැන් එතකොට මහින්ද මහත්මය නෙමෙයිද යුද්දෙට නායකත්වය දුන්නේ.
Asanka Monday, 13 August 2018 01:25 PM
ඔබතුමිය ඔහොම කීවට ජනාධිපතිතුමා වහාම මේ අයට අවශ්‍ය ලෙස වැඩකටයුතු සලස්වල දෙයි. අර දුම්රිය වර්ජනයේදී අපි දැක්කනේ එතුමා ගත්තේ කාගේ පැත්තද කියලා..
dasaMonday, 13 August 2018 01:48 PM
ඔබ හරි අසංක. අපේ ජනාධිපතිතුමා කුමක් කරයිද කව්ද දන්නේ...? ඔය ටෝක් දීපු අැමැතිවරුන්ගේ කලිසම් ගැලෙව්වා වගේ...
dewaMonday, 13 August 2018 02:07 PM
එ් කියන්නේ එයත් කියයි ඔයගොල්ලන් වහලයෙන් බැහැලා එන්න මම ඔයාලට ගෙදර යන්න දෙන්නම්... ගිහිල්ලා සුපුරුදු දේම කරගෙන යන්න...
ravi Monday, 13 August 2018 01:40 PM
මේ හැම දෙයක්ම මේ තරම් දුර දිග යනකම් ඔහේ බකන් නිලාගෙන හිටිය බන්දනාගාර නිලධාරින් ගැනත් සැලකිලිමත් විය යුුතුයි නේද?
සතයපාල Monday, 13 August 2018 01:51 PM
මෙයාලගේ වහලය මත රැඳීසිටීමේ අයිතිවාසිකම රකින්න කවුරුවත් වහලයෙන් බිමට බස්වන්න උත්සාහ කරන්න එපා. වතුර, කෑම නැතිව දවසක් හිටියම මෙයාලට අයිතිවාසිකම් එපා වෙයි.
jayatissa Monday, 13 August 2018 02:46 PM
බන්ධනාගාරවල සිදුවන දූෂණ නවත්තන්න එඩිතරව ඉන්නවා නම් ඔබතුමියට තව තවත් ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
Nandalal DE SILVA - France Monday, 13 August 2018 07:12 PM
අපේ ඉඩමේ පලතුරු ගස් ගොඩක් තියෙන නිසා නිතරම පලතුරු කෑම සඳහා වඳුරෝ, රිලවු එනවා. කාල බඩවල් පුරෝගෙන යනවා මදිවට උන් රංචු පිටින් අපේ වහලට නැගල පාර්ටි දමනවා. අපි නම් උන් එලවන්නවත්, මස් පිණිසවත් වෙඩි තියන්නේ නැහැ. රත්තිඥ පත්තු කරලා තමා උන් එලවා ගන්නේ.
ruwan Tuesday, 14 August 2018 01:59 AM
ඔබ තුමියට ධෛර්යය ලැබේවා...
pala Tuesday, 14 August 2018 03:58 AM
රැඳවියන් බන්ධනාගාර නිලධාරීන් සමග කරන අක්‍රමිකතා සොයා බැලිය යුතු අතරම ඔවුන්ගේ සනීපාරක්ෂාව ගැනත් බලධාරීන් සොයා බැලිය යුතුය. වැලිකඩ බන්ධනාගාරය තුල ඉතා අඩු පහසුකම් යටතේ ඉතා විශාල රැදවියන් පිරිසක් තබා ඇත.
sumith Tuesday, 14 August 2018 04:08 AM
මට මතක් වෙන්නේ කවුන්සිලේ කියපු කතාව
Uditha Tuesday, 14 August 2018 04:11 AM
මුළු රටටම දැඩි නීති මාලාවක් අවශ්‍ය කාලයක්... මිනිස්සු පිරිහිලා... වර්ජනය කරන එක කලාවක් කරගෙන... අහිංසක අසරණ මිනිස්සු බිල්ලට දීල හිතුන ගමන් වර්ජනය කරන්න දෙන මිනිස්සු හුරු වෙලා... සෞදි වගේ රටවල් වල තියන දෙදි නීති රටට ගෙන එන්න ඕන.. අපේ ලංකාවේ මිනිස්සුන්ට බත් පැකට් එකක් දීල රුපියල් 1000 අතට දුන්න ගමන් ඔක්කොම හරි ...දුෂණය වංචාව හෙම තැනම... ඉතාමත් කලකිරීමක් ඇති වෙනවා මේ දේවල් මෙහෙම වෙද්දී...
palitha Tuesday, 14 August 2018 05:52 AM
ඔබ තුමියට ශක්තිය ධෛර්යය ලැබේවා...මොවුන් සිරගත වෙලා තියෙන්නේ උදේ හවස පිරිත් අහල නෙවෙයි නේ. කිසිම තීරණයක් ආපස්සට ගන්න එපා, මරණ දඬුවම ඇතුළු අනිත් සියලු දඬුවම් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න .