(ජයන්ත සමරකෝන්)
වැලිකඩ බන්ධනාගාරායේ කාන්තා රැඳවියෝ 25 දෙනෙක් පමණ අද පෙරවරු 6.00 සිට එහි වහලය මතට නැගී විරෝධතාවයක නියැලුනේ තමන් එතෙක් විඳි පහසුකම් අහිමිවූ නිසා බව බන්ධනාගාරයේ ඇතුළත තතු දන්නෝ කියති.
මත්කුඩු චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන මෙම කාන්තා රැඳවියන් පිරිස ඉල්ලීම් ගණනාවක් මුල් කරගෙන මෙම විරෝධතාව ආරම්භ කර තිබිණි.
බදුල්ලට මාරු කරන ලද හිටපු ප්‍රධාන ජේලර්වරිය නැවත ලබා දීම,සිර කුටි මාරු කිරීම නතර කිරීම , සීමාවකින් තොරව ආහාර ගෙන ඒමට ඉඩ ලබා දීම සහ නඩු කටයුතු කඩිනම් කිරීම මෙම විරෝධතාවයේ ඉල්ලීම් වේ.
වැලිකඩ බන්ධනාගාරයේ සිටි කාන්තාවන් 300ක් පමණ පසුගියදිනවල අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට මාරු කර යැවූ අතර එම හිස් වූ වාට්ටුවලට රිමාන්ඩ් කාන්තාවන් මාරු කිරීම ඉකුත් 11 වැනිදා ආරම්භ වූ අවස්ථාවේදී බන්ධනාගාර කාන්තා නිලධාරීන් හා රැඳවියන් අතර ගැටුමක් හට ගෙන තිබුණි.
මෙම ගැටුම සංසිඳවීමට පැමිණි බන්ධනාගාර නිලධාරීන්ට කාන්තා රැඳවියන් හූ කියා දැඩි විරෝධතාවයක් ද පළ කර තිබේ.
මේ වන විටත් කාන්තා රැඳවියන් 20ක් පමණ මාරුවෙන් මාරුවට වහලය මතට නගින අතර ඔවුන් බැස්සවීමට නොහැකිව ඇත.තත්ත්වය පාලනය කිරීම සඳහා බොරැල්ල පොලිසියෙන් කණ්ඩායමක් යොදවා තිබේ.
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද
කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත
කාලයක සිට පොලොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොලක් වටලා, සූදු ක්‍රීඩාවේ යෙදී සිටි සිවිල් ආරක්ෂක බටයකු ඇතුළු දහත
මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
බන්ධනාගාර විරෝධතාවයේ පසුබිම් කතාව
rohana Tuesday, 14 August 2018 01:37 AM
යකෝ මේක මාර වැඩක්නේ. හිට්ලර් ආවානම් හරි මේ වෙලාවට.
ruwan Tuesday, 14 August 2018 01:56 AM
නලවන්නේ නැතුව දඩුවම් කරන්න… නිකම්ම පහලට එයි.
රවින් Tuesday, 14 August 2018 02:14 AM
අපරාදෙනේ කුඩු ගැන් එකේ ජේලර් මාරු කරන්න තිබුණේ හිර ගෙදරටම තමා. නිල ඇඳුම ගලවා ජම්පරය ( පින්තුර වල තියන පරිදි සාමාන්‍ය ඇඳුම් නොවේ - නියම බන්ධනාගාර ඇඳුම් ) ඇඳුවානම් නියමෙට විරෝදතා මෙහෙයවයි. මත් ද්‍රව්‍ය නාශක අංශය සහ අල්ලස් කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධරුවනි වහාම විශේෂ පරීක්ෂණ අරඹා උඩ සිට පහලට සුද්ධ කරන්න.
[email protected] Tuesday, 14 August 2018 03:45 AM
දොස්තරලා ස්ට්‍රයික් කලොත් ලෙඩ්ඩු අම්මරුවේ. දුම්රිය සේවකයො ස්ට්‍රයික් කලොත් මගීන් අමාරුවේ. ගුරුවරු ස්ට්‍රයික් කලොත් සිසුන් අම්මරුවේ ... ඒත් මේගොල්ල ස්ට්‍රයික් කලොත් .... කාටවත් පාඩුවක් නෑ ... ඇතිවෙනකම් වහලෙ උඩට වෙලා ඉන්න කියන්න, ඉස්සරහට වැහිකාලෙත් එනවනෙ ..
Mahee Tuesday, 14 August 2018 05:03 AM
ඔය ඉල්ලීම හතරෙන් පළමු තුන කෙලින්ම ප්‍රතික්ෂේප කල යුතුයි. හැබැයි, නඩු ප්‍රමාද නොකළ යුතුය කියන ඉල්ලීම ඉතාම සාධාරණයි. අවුරුදු 20-30 ගිහින් දඬුවන් දෙන අවස්ථා අපි පුවත්පත් වලින් දකිනවා.
sil Tuesday, 14 August 2018 05:06 AM
මේ විස්ස විසිපාෙලකට යවන්න
සතයපාල Tuesday, 14 August 2018 07:29 AM
මරු ඉල්ලීම්නේ තියෙන්නේ " සිමාවකින් තොරව ආහාර බන්ධනාගාරය ඇතුලට ගෙන එන්න ඉඩ ලබා දීම "ඇතුලේ කට්ටිය එකතුවෙලා දන්සැලක් පටන් අරන් වගේ.