නාලක සංජීව දහනායක
ජනාධිපතිවරයා විසින් මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩිවීම නතර කරනු ලැබුවද ආණ්ඩු පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට පමණක් රුපියල් ලක්‍ෂ දෙකක දීමනාවක් ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (6) පැවසීය.
ජනාධිපතිවරයා ඒ පිළිබඳව දැනුම්වත් වී නොමැති නම් පාර්ලිමේන්තු බැංකු ශාඛාවෙන් එම දීමනාව ලබන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිළිබඳ විස්තර ලබාගැනීමට හැකි බවද මන්ත‍්‍රීවරයා කීය.
මන්ත‍්‍රීවරයා මෙසේද කීය.
‘‘පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳව පසුගියදා විශාල කතාහක් ඇති වුණා. වැටුප් වැඩිකරන්න කියලා අපි ඉල්ලූවෙත් නැහැ. පාර්ලිමේන්තුවේ සියලූම මන්ත‍්‍රීවරුන්ට එකහා සමානව සැළකීම ආණ්ඩුවේ යුතුකමක්. නමුත් මේ ආණ්ඩුව එහෙම නැහැ.
අණ්ඩු පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට පමණක් මාසිකව රුපියල් ලක්‍ෂ දෙකක දීමනාවක් ලැබෙනවා. ජනාධිපතිවරයා මේ පිළිබඳව දැනුවත් නැත්නම් පාර්ලිමේන්තු බැංකු ශාඛාවෙන් මෙම මන්ත‍්‍රීවරුන් පිළිබඳ සියලූම විස්තර ලබාගන්න පුළුවන්. මීට කලිනුත් රවී කරුණානායක මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන විට ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ට මාසිකව රුපියල් ලක්‍ෂ පහක දීමනාවක් ලබාදුන්නා.‘ යැයි ද පැවසීය.
බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (6) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටින් කියල වැඩක් නැහැ සල්ලි දාපු කුවිතන්සියක්වත් මාධ්‍යට දෙන්න.
අගමැති එකක් කියනකොට ජනාධිපති ඒකෙ අනිත් පැත්ත කියනවා. දැන් මැති ඇමතිවරු තව කතාවක් කියනවා. මොනවද මේ විකාර කතා. කාවද රවට්ටන්න හදන්නේ? අපි නම් දැන් රැවටිලා හුඟක් කල්.
තවත් නයෙක් කන්න පුළුවනි, කියන කෙප්ප වලට!
ඉතින් ඔබතුමාලටත් තියෙන්නේ ආණ්ඩුවට හේත්තු වෙලා ඔය තියෙන සේරම දීමනා ලබාගන්න එකනේ.. එතකොට මේකේ ආණ්ඩුවට කඩේ යන අය බලන්නකෝ ඔබතුමාව වර්ණනා කරලා අදහස් පල කරන හැටි...
මන්ත්‍රීතුමන්ගේ ඒ කතාව ඇත්තනම් පසුගිය දවස්වල ඒ කට්ටිය උපයාගත් ආදායම ලැබුවේ කොහෙන්ද කියා ඔප්පු කරගන්න බැරි අයවලුන්ට සියලුම පඩි නතර කල යුතුයි. එහෙම කට්ටියත් එතන ඉන්නවා නේද මන්ත්‍රීතුමා?
කවුද ඔය මුසාවාදය ප්‍රචාරය කරන්න කියල කීවේ? අර වෙල්ගම මහත්තයද?
ඉල්ලුවේ නැහැලු බලේන්ලු දෙන්න යන්නේ. අහිංසක සේවකයන් ලේ හලා ගන්නවා සොච්චමක් පඩිය වැඩිකරන්න ඉල්ලුවාම.