දිල්රුක්ෂි ග්‍රේරු
දින දෙකක් තිස්සේ සිය මූලික අයිතිවාසිකම් ඉල්ලා වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියෝ බන්ධනාගාර වහලය මත නැග කළ උද්ඝෝෂණය නවතා දැම්මට මීට සුළු මොහොතකට පෙර තීරණය කර තිබේ.
රැඳවියන් සහ බන්ධනාගාර ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
ඔවුන්ගේ ඉල්ලිම් පිළිබඳව ඉදිරියේදී සොයාබලා කටයුතු කිරීමට පැමිණි එකඟතාවකින් පසු මෙම උද්ඝෝෂණය නවතා දැමීමට ඔවුහු තීරණය කර තිබේ.
ඊයේ (13) සවස රැඳවියන් අතර ඇති වූ ගැටුම්කාරි තත්ත්වයෙන් බන්ධනාගාර රෝහලට ඇතුළු කළ රැඳවියෝ සිව් දෙනා තවමත් එහි ප්‍රතිකාර ලබන බවද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටකට ගිය කලක්
බැල්ම හෙලුවද දන්නේ නැහැ හිටං.
ඔය ප්‍රශ්න නම් කාට කාටත් තියනවා.විශේෂයෙන් වැරදි කලත් කාන්තවොනේ.සනීපාරක්ෂක පහසුකම් නම් ප්‍රමාණවත් ආකාරයට තියෙන්න ඕන.උවමනාවට වැඩිය ආහාර ගේන එක නම් ප්‍රස්නයක්.බන්දනාගාර නිලදාරීන් මාරුකරන එක ඒගොල්ලන්ට පාලනය කරන්න බැහැ.ඒ නිලදාරිනියටත් හොඳ නැහැ. වැරදි කරන හින්දනේ එන්න වෙන්නේ.ඇතුලට ගියාම තමයි දරුවෝ ගැනයි මහත්වරු ගැනයි මතක් වන්න.දරුවෝ නම් පව්.ඔය වහලෙට නගින්න ආදාරකයක් තියෙන්න ඕනිනේ .ඉනිමගක් හෝ ගස්වල අතු පාත්වෙලා තියන්න ඕනේ .ඔය නිලදරින්ට ඒවා පෙන්නේ නැද්ද මන්ද
ඔය බන්දනගරේ වහලට හැමදාම සිරකරුවෝ නැගල උද්ගෝෂණ කරනවා. ඔය තරම් ලේසියෙන් වහලට නගින්නේ කොහොමද? මෙයාල වහලට නගිනකම් නිලධාරීන් නිදිද? වහලට නැගල පැන ගන්නත් ලේසි වේවි වගේ..
ශිහ් තව ටිකක් හිටියනම් මේ වැස්සත් කාලම බහින්න තිබුනනේ
වැරදිකාරයො .. නීතියට බය උනාද .. ? මේ මඩවල .. හැදෙන රටක් නෙමෙයි .. !
බන්ධානාගාර ඇමතිනියගේ ලොරි ටෝක්වලට අපි හිතුවා සිරකාරියන් ටික බඩ ගාගෙන ළඟට එනකම් හිට්ලර් වගේ ඉඳීවි කියලා. දැන් බලාගෙන ගියාම සිරිසේනටත් හපන් වුණානේ...