බිඟුන් මේනක ගමගේ
බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ලේ එක් මන්ත්‍රී පුටුවකට රුපියල් ලක්ෂ හයහමාර බැගින් මුදල් වෙන්කරමින් විදේශයන්ගෙන් පුටු ආනයනය කිරීමට තීරණයක් ගෙන ඇතැයිද වහාම ඊට මැදිහත්වන්නැයි ද ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ලිපියක් යොමුකර ඇත.
මෙම තීරණයට අනුව එකක් රුපියල් ලක්ෂ හයහමාර බැගින් පුටු 104ක් ආනයනය ට දැනටමත් ඇණවුම් කර ඇතැයිද මෙම පුදුමාකාර මිලදී ගැනීම වළක්වන්නැයි ද ජවිපෙ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා විසින් යොමු කරන ලද එම ලිපියේ සඳහන් වේ.
පළාත් සභාවේ සියලු ආයතන එක් තැනකට ගෙනඒම යහපත් නමුත් එක් පුටුවකට මෙවැනි මුදලක් වැයකිරීම පුදුම සහගත එකඟ විය නොහැකි කරුණක් යැයි එහි වැඩිදුරටත් සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැරට් 24 රත්තරන් ආලේප කරලා ඇති සෑම පුටුවකටම. අවසාන ප්‍රතිපලය වන්නේ මේ තේරී පත්වෙච්ච අයත් අහිංසක මහජනතාවගේ බදුමුදල් වලින් ජීවිකාව ගැටගසා ගැනීම නොවේද
ඉසුරින් පිරි, ඉසුරුමත්, දෙවියන් ප්‍රියකරන සභාවක්, මේ මහා පොළොවේ දුක් වේදනා මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳීම සඳහා නැතුවම බැරිය.
වසර සියයකට අඩු කාලයක් ජීවත්වීමට ලැබී තියෙන දෙතිස් මහා කුණුපයෙන් පිරී තිබෙන අපගේ මේ කුණු කය වඩා හිඳුවීමට රුපියල් ලක්ෂ හයක පුටුවක්ද? දහම ගැන අපුරු දැනුමක් තියෙන මේ උදවිය ඒ දේ කරන්න වැය කරන මේ ලක්ෂ 624 රටේ අන්ත අසරණ මිනිස්සුන්ගේ යහපතට යෙදෙව්වා නම් මොන තරම් අගනේද ?
ජවිපෙ එකට මගේ ඡන්දය නොදීපු එක ගැන පසුතැවීමට එක් උදාහරණයක්.
අපි බදු ගෙවන්නේ මේ අයට සැප විදින්නද? එංගලන්තයේ ලෝඩ්වරුත් පාර්ලිමේන්තුවේ වාඩි වෙන්නේ එකිනෙකාගේ ඇඟේ වැදි වැදි. මේගොල්ලන්ට ලක්ෂ 6 පුටු.
රටේ තුනෙන් දෙකකට හරියට වේලක් බඩට වැටෙන්නෙ නැතුව ඉන්දැද්දී මේවා අපරාද වැඩ.
මේ වගේ මිනිස්සු ඉන්න රටකද අපි ජීවත්වෙන්නෙ. තමන්ගේ රටේ බහුතරයක් වේලක් කාලා දෙකක් නොකා ඉන්න රටක පොඩි බලයක් ලැබුන ගමන් මේ වගේ නොහොබිනා වැඩ කරන අන්ත දුෂිත රටකවත් නැහැ. රටේ පාලකයෝ බලයට පොරකද්දී ඌරන්ට ජයමගුල් කිව්වලු.
දුෂණය නොව අන්ත දුෂණය රාජ්‍ය මට්ටමින් ප්‍රසිද්ධියේම එළිපිටම කරන එකම රට ලංකාව වන අතර ඒ දේවල් දෙස බලමින් එක එකාට බැන බැන අච්චර දුෂිත දෙස්පාලුවන්ව රකිමින් ඉන්න ජන්දදායකයින්ද සිටින එකම රටද ලංකාව වේ.
62400000 වැය කරලා පුටු 104 ගන්න වෙලාවේ වැඩි පහසුකම් නැති පාසලකට ඩෙස් පුටු ටිකක් අරන් දුන්නනම් ඒ දරුවෝ හොඳින් ඉගෙන ගනීවි. ඒක ගොඩක් වටිනවා මේ මෝඩ වැඩේට වඩා. අඩුගානේ රටට වැඩක් වත් වෙනවා ඉදිරියට.
බස්නාහිර පළාතේ රෝහල් වල අත්‍යාවශ්‍ය බෙහෙත් නෑ. සේවක මණ්ඩල බඳවා ගන්න සල්ලි නැතිලු. පුටු වලින් නම් යහ පාලනය දෝර ගලනවා.
මේගොල්ලන්ට වාඩිවීමට දියයුත්තේ බංකු. රටට සත 5 වැඩක් ඇති ආයතනයක්ද මේක? සුද්දා මේ රටදිහා බලලා කොලෙන් පිහිදාන පැත්තෙන් හිනාවෙනවා ඇති.
ගණන් හදලා බලන්න එක පාස්චත් ප්‍රදේශයකට කොමිස් කීයද කියලා ? අර ඌව පළාතේ ඇමති කීවාවගේ බල්ලන්ට මස් කටු දීලා වගේ.
මේ පුටුවල ඔලුවෙන් වාඩි උනත් පුටුවට කරන අවනම්බුවක්.
කෝප් කොමිටුවට මේ කාරණය විභාග කර අල්ලස් හා දුෂණ කොමිටුවට ඉදිරිපත් කල නොහැකිද.?
කිසිම සැකයක් නැහැ 90% ක් සාක්කුවට, ගහන්න පුළුවන් හැම විදිහකින්ම ගහනව මේවට නිසි දඬුවම් දිය යුතුයි.
මම හැමදාම හැමතැනම කියන්නේ. අපේ පාලකයන්ට මේ රට දියුණු කරන්න වුවමනාවක් නෑ. ඔවුන් එන්නේ සැප විඳින්න. රට දියුණු වෙලා ජනතාව උගත්, බුදධිමත්, ධනවත් වුනොත් මේ අට පාස් දේශපාලකයන් පසු පස නොයන බවත්. තුට්ටුවකට ගනන් නොගන්න බවත් ඔවුන් දන්නවා. හැබැයි ජනතාව දුප්පත් අසරණ වු විට එම ජනතාව අතර ඔවුන්ට රජුන් සේ වැජඹෙන්න පුලුවන්. හැම දේකටම ඔවුන් පසු පස යන බව දන්නවා. මේකයි අපට නොතේරන අැත්ත. මේවා එ්වගේ ලක්ෂණ.
ඒක සක්‍රදෙවියන්ගෙ පඩු පුල් ආසනය වෙන්න ඇති....... ඒකයි ඒතරම් ගණන්
අමු කැවිලද ?
පළාත් සභාවකද් මේ රටට අවශ්‍ය නොවෙන නමුත් ඒකෙන් වැඩි වාසි ලබා ගන්නේ දේශපාලකයන්.... මේ අනවශ්‍ය සභා ක්‍රමය අහෝසි කිරීමට ජේවීපී වගේ පක්ෂ ඉදිරියට පැමිණිය යුතුයි...
මේවාට කතා කරලා රිදෙන්නේ අපේම කටවල්, ඒක හින්දා සද්ද වහලා ඉඳිමු හිටන්
ඕනෑම මනුෂ්‍යයෙකුගේ වටිනාම ඉන්ද්‍රිය මොකක්ද? මොළය නේද? ඉතින් මේ කට්ටියගේ මොළය තබා ගැනීම සඳහා වටිනා කියන පුටුවක් ලබා ගැනීම වරදක්ද?
රටේ ඕනෙතරම් පාසල් තියෙනවා පුංචි එවූන්ට වාඩිවෙන්න ලී බංකුවක්වත් නොමැති, ඉස්පිරිතාල තියෙනවා අමාරු ලෙඩෙකුට ඉන්න ඇදන් නැතිව, අපි වෙනුවෙන් ජීවිතය පුජා කරපු රණවිරුවෝ ඉන්නවා ඇවිදගන්න බොරු කකුල අලුත්වැඩියා කරගන්න බැරිව, එහෙ නැත්නම් ඒකට ඕනේ කරන ජෙල් මේස් ගන්න බැරිව. මේ කිසිම වැඩක් නොකරන වාඩිවෙන්න ලක්ෂ 6 පුටු ගන්නවා.
පළාත් සභාව වහා විසුරුවා හැරීමට තරම් වරදක්. ආණ්ඩුක්‍රම වයවස්ථා උල්ලංගනයක්. අති බහුතර ජනතාවගේ මානව හිමිකම් කඩ කිරීමක්. ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක්.
මෙතන තියෙන්නේ තනිකරම හොරකම, මේවා අනුමත කරන එක උල තියලා මරන්න ඕන මේකට යුන්පි, ශ්‍රීලංකා ,පොහොට්ටු ඔක්කොම එකගවෙලා සුරසැප සොයනවා.
මේ වගේ තීරණ වලින් පෙන්නේ නොහැකියාවෙන් පෙලෙන නුගත් කපටි රැලක් ඒ සබාව තුල ඉන්න බවයි.
පුටු විතරක් නොවෙයි, මේ පළාත් සභා කියන්නේ තනිකරම මුදල් නාස්තියක්. මීළඟ මැතිවරනේදී ජවිපෙ කල යුත්තේ මේ පළාත් සභා නැති කිරීමට ජනතාවගෙන් ඡන්දය ඉල්ලීමයි.
ජය වේවා කියාගෙන ආයෙත් පත් කරමු කාබසිනියෝ කාරයන් ටිකක්...
මේ අයගේ මොලයට හානියක් වුනොත් වග කියන්නෙ මේ කොමෙන්ට් දාන අයද ?
පාප්පලා ටික එකතුවෙලා මේකත් සොමාලියාවක් කරන්නද හදන්නේ
මහ ඇමති තුමාට තව ඕනනම් වසර 2-3 ක් තියේවි. අප්පේ බලන්න එපැයි කාර්යාල කාමරයේ ආශ්චර්ය. රට සියළුම දෙයින් සුඛිත මුදිත වෙලා වගේනේ කට්ටියගේ වැඩ. රටේ මිනිස්සුන්ට අර රජ මාලිගාව පෙන්නුවා වගේ මේවත් පෙන්නන්න කියන්න පුළුවන් නම්. පව් අපේ රටේ මිනිස්සු !
ජවිපෙ එක මන්ත්‍රී කෙනෙක් හෝ හිටියා මේ නැති නාස්තිය ගැන කියන්න. නැත්නම් මේ හැම දෙයක්ම පුරුදු විදිහට යටපත් වෙලා යනව. රටේ ඉදිරි අනාගත පරපුර ගැන හිතලාවත්, ඉදිරි මැතිවරණ වලදි බුද්ධිමත් තීරණ නොගතහොත් රට ඉතියෝපියාවක් වෙන විදිහ පිටරටවල සිට අපට බලාගන්න පුළුවන් .
මේ වැඩේ තීන්දු කරපු අය මිනිස්සුද නැතිනම් වෙනත් වර්ගයක ජීවින් කොට්ටාසයක්ද යන්න වහාම හෙළිකරගත යුතුයි. මේ රට මේ වගේ විනාශයකට ගෙන යන්නේ මේ ජිව කොට්ටාසය තමයි. එංගලන්තේ එලිසබෙත් රැජිනගේ මංගල යහන සඳහා ඇඳ හදල යැව්වේ ලංකාවේ මොරටුවේ වඩු කර්මිකයෝලු. එහෙව් රටක අද ඉන්න කාලකන්නි කරන විනාසේ.
අපි හිස ආරක්ෂා කර ගන්නවා වගේ මුන් ආරක්ෂා කර ගන්න යන්නේ පශ්චාත් භාගය. දේශපාලකයාගේ මොලය ඇත්තේ පශ්චාත් භාගායේ කියලා අපිට සාදාරණ සැකයක් දැන් ඇති වෙලා තියෙනවා.
අනේ මෙහෙම කාලකණ්නියෝ ටිකක්. ලක්ෂ 6 ½ පුටුව පශ්චාත් භාගය නෙමෙයිනේ මොලේනේ තියන්නේ. අර ප්‍රභූට පත්තරේ ගිහිං දීලවත් මේක නවත්තන්න කියන්න. අපිට ආයේ ණය දෙන එකකුත් නෑ මොන රටක් වත්. ලක්ෂ හයේ පුටුවල ඉදගන්න තරම් එවුන් ඉන්න රටකට මොන ණයද උන්ට බැරිය අනුන්ට ණය දෙන්න. අනේ නොදකින් මේ වගේ නායකයෝ දකින්න අපි පවු කලානේ බොලව්.
යන යන තැන සැප සම්පත් ලැබේවා කන බොන දේ බඩ පැලෙන්න ලැබේවා අදුර නසන්නට එළියක් ලැබේවා මැති ඇමැතින් හට හෙන ගෙඩි ලැබේවා.!
අපිවගේ මෝඩ මිනිස්සු ඉන්න රටක් ලෝකෙටම ණය ගෙවනවා එත් මහන්තත්ත කම කොන්ද පන තියෙන එකේ මනුස්සයෙක්වත් නැද්දේ මේ නගර සභාවේ.
සැප බෙදාගන්න නම් යූ එන් පී, ශ්‍රි ලංකා, පොහොට්ටු හැමෝම එකමුතුයි. ජ වි පෙ ක්‍රියා කලාපය අගය කරමි.
ඉන්දියාව බලහත්කාර කමින් අපිට පලාත් සභා දුන්නෙ රට නැතිකරවන්න. ඒ තැන්වලට ගියවුන් කරන්නේ තමා සංවර්ධනය වෙන එක. දැන්වත් පලාත්සභා අහෝසිකරලා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් කොට්ඨාශයේම කෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී කරවලා රට හදමු
සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයේ බලමහිමයෙන් දිනකට එක වේලක් පොල් සම්බෝල සමඟ පාන් පෙත්තක් කෑමට ගන්නා ජනතාවගේ ජන්දයෙන් පළාත් සභාවට ගිය මහත්වරුනි. බලය එකම ඉලක්කය කරගෙන සිය ජනතාව පාගා දමන , ඇදහීමක්, ආගමක්, දයානුකම්පාවක් නැති දේශපාලකයෝ අපි පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරමු. ඔබ ලබා ඇත්තේ බලය මිස කිර්තිය නොවේ බලය කිසිවිටක කිර්තිය ජනිත නොකරයි. යුක්තිය පසකට පලවා හරියි. කේතුමතී රාජධානියේ මනෝරාජික දේශපාලන වැඩ ජනතාව බැහැර කරන බව සිතන්න. දේශපාලන ක්ෂේත්‍රය මැදින් ගමන් මඟ පාදාගත් ඔබ ලක්ෂ 6 ක පුටුවක් තෝරා ගන්නේ බඩගින්නේ සිටින දිළින්දන් බැහැර කරමින්ද? අනන්ත පිඩා මද ජීවත්වෙන ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටු කරනවා වෙනුවට පාණ්ඩුකම්බල සෛලාසන විදාරණය වීමට ආසන්න ගිනි කඳු මත පනවා ගැනීම අනතුරුදායකය. කෙසේවෙතත් ජවිපෙ මැදිහත්වීම අපි අගය කරමු.
ශත 5ක් වටින්නේ නැති හොර තක්කඩි දේශපාලකයන්ගේ " පස්ස " රත් කරන්න රුපියක් ලක්ෂ 6ක පුටුවක්... මෝඩයිනේ මේ ලෝකයේ දුප්පත්ම දුප්පත් රටක් .පාන් කැල්ල ගන්න බැරි මිනිස්සු ලක්ෂ ගණනක් ඉන්නා ලෝකෙටම ණය කරපු රටක්. ලැජ්ජයි..
මහ ඇමති කියනවා මේ සල්ලි ඔවුන් උපයා ගත්ත ඒවා කියලා. ඔහු කියන විදියට ඒවා පුද්ගලික සල්ලි වුනත් මෙය නම් ඉතා බරපතල වරදක්. මෙවැනි වැරදි කරනවිට පලාත් සභා විසුරුවන්න හැකිලෙස පනත් ගෙනෙන්න
ජනතා අප්‍රසාදය කිසිම ප්‍රධාන දේශපාලන දහරාවේ නායකයෙක් සලකා නැති ගාණයි.
මේ ආණ්ඩුවේ ඔක්කොම හොරු අලි බබා සහ හොරු 225
පුටු හදලා තියෙන්නේ රත්තරන් වලින්ද දන්නෙ නැහැ..
අනිත් අය අනුමත කළාට මහ ඇමතිගේ මොලේ පහළට බැහැලද?
දුන්නේ මනාපය රට ගැන සිතාය වුනේ ඒ අය එකට අපි තනි වුනාය ගැහුවේ බද්ද බොරු පිට බොරු කියාය දරුවන් ගෙදර, මන් මඟ තනි වුනාය පක්ෂය විපක්ෂය තව පක්ෂයක්ය යන්නේ ගමන් රජ, යුවරජ වගේය පිම්බෙන තරම පුපුරන්නට වගේය මගේ ගෙදර කරවලවත් නැතේය බද්දෙන් අපේ, මුන් රජ පුටු ගෙනෙන්නේ සද්දේ අපිටමයි, දැන් දැන් පෙනෙන්නේ කාලය හොඳා පව් හෝදා හරින්නේ කොස් කැපු කඩුව දැන් මුවහත් තියන්නේ
ඕක මොකක්ද... වෙල් විදානේට රාජකාරි කරන්න කෝටියක බෙන්ස් කාර් එකකුයි ලක්ෂ තුනක විතර මාසේ පඩියකුයි තව ආරක්ෂාවට කුඩු මුදලාලිලා ටිකකුයි ඉන්නේ... ඕකට සිංහලෙන් කියන්නේ යහපාලනේ කියල නේද? තව සමහර ලොක්කෝ බීච් පාටි සංවිධානය කරලා තරුණ පරපුරේ අසහනය නැති කරනවා. එ්කත් යහපාලනේ කොටසක්. අනේ රටට ගිය කලක්.
මගුලක් කියනවා අනේ... අද රටේ තියන ලොකුම ප්‍රශ්නේ මේක.. මේ ඔය විකාර කාරයින් එලවලා දාන්න ඕනෑ. මොකද හරිපහසු කමක් නැති පාසල් කොච්චර තියනවද? සැත්කම් කරගන්න බැරිව අහිංසක ජනතාව කොච්චර දුක් විඳිනවද අනේ... එ් අහිංසක මිනිසුන්ගේ ඡන්දය අරන් කරන බලු වැඩ... ඕවා ශාප වෙන්න ඕනෑ......
මේ අය හිතනවා ඇති අපිට ඡන්දය දුන්නේ මීහරක් කියලා, බලපුවාම එහෙම හිතිම පිළිබඳව අපට දොස්කියන්නට පුලුවන්ද ?