රංජන් කස්තුරි
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායමක් හෙට කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීමට නියමිතය.
මෙලෙස කොතලාවල ආරක්ෂක වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් කරගන්නේ සයිටම් ආයතනයට ඉකුත් 2017 වසරේදී බඳවා ගත් 14 වැනි ශිෂ්‍ය කණ්ඩායමට අයත් සිසුන් 40 දෙනෙකි.
එම සිසුන් සයිටම් ආයතනයේ වසරක පමණ කාලයක් අධ්‍යාපනය ලබා තිබෙන නමුත් එම අධ්‍යාපන කාලය නොසලකා ඔවුන් පළමු වසරේ ශිෂ්‍ය කණ්ඩායමක් ලෙස ඇතුළත් කර ගැනීමට කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨ බලධාරීන් තීරණය කර ඇත.
මේ අතර එම සිසුන්ට එක් අධ්‍යාපන වසරක් සඳහා රුපියල් තුන් ලක්ෂ අසූ දහසක මුදලක් ද ගෙවන ලෙස දැනුම් දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2017දී ඇතුළත් වුණු කණ්ඩායම තමයි ගොඩක්ම වාසනාවන්ත... මෙයාලා සයිට්ම් එකේ ඉගෙන ගත්තා නම් අවුරුද්දකට ලක්ෂ 20කට වඩා වියදම් කරන්න වෙනවා. පිටරට ගිහිල්ලා වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නත් අඩුම වියදම අවුරුද්දකට ලක්ෂ 10ක් වත් යනවා. ඊට අමතරව ගුවන් ගමන් නවාතැන් සහ කෑමට බීමට සෑහෙන්න වියදම් කරන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි මෙයාලට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාගැනීමට ලංකාවේදී විභාගයක් කරලා පාස් වෙන්නත් තියෙනවා. කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළුවුණු සයිට්ම් සිසුන් මේ විභාගෙනුත් නිදහස්...
කොහොම හරි ලංකාවේ ළමුන්ට ඉගෙන ගන්න හම්බවෙනවනං පිටරට නොගිහිල්ලා. අම්මලා තාත්තලා ලඟ ඉඳලා ඉගෙන ගන්න පුලුවන් නම් කොච්චර හොඳද? වෛද්‍ය විද්‍යාව විතරක් ද උසස්. අනෙක් විෂයනුත් උසස්. වෛද්‍ය විද්‍යාවේ දී යොදා ගන්නේ අනෙක් විෂයන්. උදා රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව. ජීව විද්‍යාව පමණක් නොවේ. එම නිසා මෙම අනිකුත් විෂයන්ටත් සම තැන ලැබෙන්න ඕනේ. මම මෙහෙම කිව්වේ සයිටම් වැනි පෞද්ගලික විශ්වවිද්‍යාලය පමණක් නැති කරන්න ක්‍රියා කරපු නිසා. එහෙනම් අනෙක් විශයනුත් උගන්වන පෞද්ගලික විශ්ව විද්‍යාල නවත්තන්න ඕන. අපේ රටේ දරුවන් විශාල ප්‍රමාණයකගේ කාලය මේ වගේ විකාර ප්‍රශ්ණයක් නිසා නැති උනා. මේ වගේ ප්‍රශ්ණ ඇති කිරීමට කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කරන ටියුෂන් ගුරුවරු කිහිප දෙනෙක් කටයුතු කලා. විශ්ව විද්‍යාල වල ලමුන් ලවා උද්ගෝෂණ කරවූවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට දැන් සතුටු ඇති මම හිතන්නේ.
මේ අය සැබම වාසනාවන්තයෝ මොකද වියදමත් අඩුයි වැදගත්ම දේ ඊනියා ඇක්ට් 16 නැති එක එන්න ළමයිනේ එලියට.
වෛද්‍ය විද්‍යාව හැදෑරීමට උසස් පෙළ සියලු සුදුසු කම් තිබිලත් ලකුණෙන් දෙකෙන් ඒ අවස්ථාව මග හැරෙන සිසුන්ට මොකක්ද කරන්න කියන්නේ. අනිවාර්යයෙන් පිට රට ගිහින් අති විශාල මුදලක් වැය කරලා ඉගෙන ගන්නද? එහෙම බැරිනම් නිකම් වෙන මොනවා හරි කරන්න කියලද? ඒ කද ඔය සයිටම් විරෝධීන් අනුමත කරන්නේ? නැතිනම් රජයේ වෛද්‍ය විද්‍යාල ඒ හැම දෙනාටම දෙන්න කියලද, ඒක කරන්න පුලුවන්ද? ඔය විරෝධතාකාරයෝ ඉර හඳ තියෙන තාක් ඔය ප්‍රශ්නෙට කෙලින් උත්තරයක් කවදාවත් දෙන්නේ නැහැ. බොරුද මම කියන්නේ? මෙතන අදහස් දක්වන කෙනෙක් ඉන්නවනම් කියන්න.
ඇයි පුළුවන්නම් සයිටම් එකට එස් තුනෙන් ඇවිල්ලා ලක්ෂ 100කට වඩා ගෙවලා ඉගෙන ගන්න. රජයට ඒවා ගෙවුවාම මොකද වෙන්නේ? ඒ ගානම මෙයාලගෙන් ගන්නේ නැත්තේ ඇයි?
පෞද්ගලික අධ්‍යාපනය වැරද්දක් නැහැ. නුමුත් ලංකාවේ කිසිම තැනක කිසිම දෙයක් හරි හැටි නියාමනය වෙන්නේ නැහැ. පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් නුසුදුසු දොස්තරවරුන් බිහිවෙන්න ඉඩ තියෙනවා. එස් තුන නැති අයත් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීමට නියමිත බවකුත් කියනවා.
අතිසාරේට අමුඩේ ගහනවා වගේ කියන්නේ මේ වගේ වැඩවලට තමයි..
එදා මේ සයිටම් කියන ආයතනය ස්ථාපිත කරද්දී රටේ මිනිස්සු ඊට එරෙහි වූවානම් අද මෙතරම් ලොකු ප්‍රශ්නයක් ඇති නොවේ. එදා පාලකයන්ගේ හැම ජරා වැඩක්ම අනුමත කරපු අය අද සයිටම් විරෝධියකු වීම වන්දිබට්ටයන්ට ගැලපුණත්.. මේ ආයතනයේ ඉගෙනුම ලැබූ දරුවන්ටත් සහනයක් සැලසීම සැමදෙනාගේම වගකීමක්. මොකද ඒ දරුවොත් අපේ...
ඔබ සැමට සාර්ථක අනාගතයකට සුභපැතුම්!
SAITM එකේ ඉන්නේ කෝටිපති දෙමපියන්ගි මෝඩ දරුවෝ කියපු අය දැන් දැනගන්න ඕනේ , එකේ ඉන්නේ වැඩිහරියක් මැද පන්තියේ දෙමව්පියන්ගේ දරුවෝ කියලා.
ම දන්නා තරමින් ගාස්තුව වසරකට ලක්ෂ 3 නොව ලක්ෂ 13කි. දන්නා අයෙක් නිවැරදි කරන්න
ඔය වෛද්‍ය සංගමය සයිටම් ආයතනයට ඔයතරම් විරුද්ධ නම්, එම ප්‍රශ්නය සයිටම් ආයතනය ආරම්භ කළ අවස්ථාවේදී විසඳාගත යුතුව තිබුණා. නමුත්, ඔවුන් එදා තිබුණු රජයට බිය නිසා එවැනි දෙයක් සිදු කලේ නැහැ. අද පවනින රජයේ දියාරු ප්‍රතිපත්ති මත සයිටම් වෛද්‍ය පීඨය වසා දමා ඇති අතර, අද එහි ඉගෙනගත් සිසුන් විසින් එයට වන්දි ගෙවනවා. එයින් සිදුවූයේ ලාංකික සිසුන්ට තමන්ගේම රට තුළම වෛද්‍ය විද්‍යාව හැදෑරීමේ තිබුණු අවස්ථාවක් වසා දැමීමයි. මා සිතන්නේ වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා අවශ්‍ය අවම උසස් පෙළ ප්‍රතිඵල ගැසට් කල පසු, එවැනි ප්‍රතිඵල ඇති සිසුන් සඳහා සයිටම් වෛද්‍ය පීඨය නැවත විවෘත කල යුතු බවයි.
මම පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලට පක්ෂයි. ඒ අනුව සයිටම් එකටත් විරුද්ධ වුනේ නැහැ. නමුත් මට දැන් නිකමට වගේ හැඟෙනවා. සයිටම් එක ක්‍රමානුකූල විධිමත් ක්‍රම අනුගමනය කරලා නැහැ කියලා. ඒ මොකද 2009දී පටන් ගත්තා නම් 2017 දෙන කොට ගතවෙලා තියෙන්නේ වසර 9 යි. නමුත් ශිෂ්‍ය කණ්ඩායම් 14 ක් බඳවාගෙන. ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදෙනවා නම් වසරකට එක කණ්ඩායමයි බදවා ගන්න ඕනෑ. වසර 5 ක් මොවුන් කණ්ඩායම් දෙක බැගින් බදවාගෙන. ආයතනයක් අරම්භක අවස්ථාවේදී එහෙම කරනවා නම් ඔවුන්ගේ අරමුණ කුමක්දැයි පැහැදිලියි. නෙවිල් ප්‍රනාන්දු ගුණාත්මක අධ්‍යාපනය පසෙක දමා මුදල් හොයන්න ගිහින් තමයි මේ අවුල ඇතිකරගෙන පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය විනාශ කරලා තියෙන්නේ....