(අජන්ත කුමාර අගලකඩ)
ඇමැතිවරුන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරෙන මූලික අයිතිවාසිකම් නඩුවලදී ඇමැතිවරුන්ට රජයේ වියදමින් පෞද්ගලික නීතිඥවරුන්ගේ සහය ලබා ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (7) ප්‍රතික්ෂේප කරන ලැබූ බව වාර්තාවේ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැති මලික් සමරවික්‍රම මහතා විසින් අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලදැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇමැතිවරුන්ට එරෙහි නඩුවලිදී රජයේ නීතිඥයින් පෙනී සිටින බැවින් රජයේ වියදමින් පෞද්ගලික නිතීඥයින් යොදවා ගැනීමේ අවශ්‍යතාවක් නැතැයි ජනාධිපතිවරයා යෝජනාව ප්‍රතික්ෂේප කරමින් සඳහන් කර ඇතැයිද එම ආරංචි මාර්ග වලින් පැවැසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ගානක් කපාගන්න ක්‍රමයක්
ඇමැතිවරුන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මුලීක අයිතිවාසිකම් නඩු වැටෙන්නෙ රට වෙනුවෙන් හෝ රටේ මිනිස්සුන්ට සේවය කරලද? සේරම නොහොබිනා වැඩ කරල තව මොකටද පෞද්ගලික නීතිඥවරුන්ගේ සහයක්. නිකම්ම රටේ සල්ලි කකා ඉන්නවා මදිවටද හොඳ වැඩේ.
වැසිකිලි ගියාට පස්සේ අදෝමුකය අවට සෝදා පිරිසිදු කිරීම සඳහා සේවකයෙක් වෙනුවෙන් වියදම් ඉල්ලන දිනය වැඩි ඈතක නැහැ.
ගන්න දේවල් මදිවෙලද මේ යට. නිකරුනේ නොකළ වැරදිවලට අසුවන අහිංසකයින්ට රජයේ මුදලින් නීතිඥයන් දෙන ක්‍රමයක් හදන්න බැරිද. මේ දන්නේ නැති නිසා ඇහුවේ.
උපදිනකොටම ලැජ්ජ නහරෙ කපලද මන්ද?
දේශපාලුවන් අපේ බදු මුදලට තට්ටු කරන්න ගහපු කුමන්ත්‍රණයක් ව්‍යර්ථ කිරීම ගැන ජනාධිපති තුමාට අපගේ ගෞරව ප්‍රණාමය.
ඔය පිළිබඳව නීති රෙකුලාසි පොත්වල සඳහන් කරලා තියෙන නීතිමය ප්‍රතිපත්තිය කුමක්ද ? ජනාධිපතිම හැම එකකටම හොට දාන්න ඕනෙද ?
වැරදි වැඩ නොකෙරුවනම් නීතිනයින් මොකටද? බලය අයුතුලෙස යොදාගෙන ජඩ වැඩ කරපුව මදිවට ජනතාව ඒවාට පවු ගෙවන්නත් ඕනද?
පැහැදිලිවම මෙවැනි යෝජනා ප්‍රතික්ෂේප කළ යුතුයි. ජනාධිපතිතුමාගේ තීරණය නිචැරදිය. .
රජයේ වියදමින් ඉන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයින්. නීතිපති දෙපාර්තමේන්තුව එක්ක එකතු වෙලා නඩු කියනවා කියන්නේ නඩුව අවුරුදු ගාණක් ඇදෙනවා කියන එක. අනෙක් අතට නඩුව අතරමඟදි නීතිඥයො කිහිප දෙනක් මාරු වෙනවා. ඒ වගේම නඩුව දින්නත් පැරදුණත් නීතිපති දෙපාර්තමේන්තුවේ අයට ප්‍රශ්නයක් නෑ. අදටත් සමහර නඩු තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවට නඩු පැවරීම සඳහා යවලා අවුරුදු ගණන් පරක්කු වෙවී තියෙන, අඩුම ගාණේ නඩු පැවරීමකින්වත් තොරව. රජයේ නීතිඥයින් ලවා ඇමතිවරු නෙවෙයි මොන නඩුව අහනවා නම් ජනාධිපතිවරයා නීතිපති දෙපාර්තමේන්තුව මීට වඩා කාර්යක්ෂම තැනක් කරන්න පියවර ගන්න ඕන.
හැමදේම නිකන් දෙනකොට ඔහොම තමයි
මහජන මුදල් හොරකම් කරනවා මදිවට ඒ නඩුවලට නිතීඥයින් ට ගෙවන්නත් මහජන මුදල් අනේ මේ වගේ ටිකක් නේ මේ රට පාලනය කරන්නේ.
ඇමතිවරුන්ට එරෙහිව නඩු තියනවනම් මුලින්ම වෙන්න ඕන ඇමතිකම තාවකාලිකව අහෝසි කරන එක සහ පාර්ලිමේන්තුවට සහභාගීවීම තාවකාලිකව නතර කරන එක. ඊට පස්සේ එයාලගේ වියදමින් නඩු කියලා නිදහස් උනොත් විතරක් ආයේ තනතුරු දෙන එක. වැරදිකරුනම් ආයේ මොනම විදියකටවත් ඡන්දෙකට එන්න බැරි වෙන්න නීති සකස් කරල පක්ෂෙන් පන්නන එක. යහපාලනේ නමට විතරයි.
මුලික අයිතිවාසිකම් නඩු කියන්නේ මොන වගේ ඒවාද? මහජන මුදල් හොරකන් කරපු ඒවා ඒ යටතට ගැනෙනවද?
මේ අය රටට වැඩදායක කිසිම දෙයක් යෝජනා කරනවා දකින්නම නැහැ. ජනතා චන්දයෙන් උඩට ගිහිල්ල කරන්නේ තමුන්ගේ මඩිය තර කර ගන්න එක විතරය්
එක්කෙනෙක් ජනතාවට පිළිකුල් යෝජනා ගේනවා ඒවා ජනාධිපති ප්‍රතික්ෂේප කරනවා එතකොට ජනතාව ජනාධිපතිව ප්‍රශංසා කරනවා. මට විතරද වැටහෙන්නේ දෙගොල්ලම මෙතන තවත් රඟපෑමක් කියල කරන්නේ??????
පාරේ හිඟා කන්නොන පිරිසක් අද මේ කැබිනට් මණ්ඩලයට ඇවිල්ලා වගේ.
අමාත්‍යවරයෙක්ගේ තනතුරු නාමයට එරෙහිව නඩු දමනවා නම් සහ එය අමාත්‍යංශයේ රාජකාරී කටයුතු සම්බන්ධ දෙයක් නම්, එතනදි අමාත්‍යවරයා එක් වග උත්තරකරුවකු පමණයි. ආයතනයත් වග උත්තරකරුවො වෙනවා. ජනාධිපති ඔය කියන නීතිපති එකත් එක්ක නඩු කියන එක සෑහෙන්න ප්‍රමාද වන වැඩක්. උසාවියකට ගිහිල්ලා බලන්න රජයේ නීතිඥයෝ පෙනී ඉන්න නඩු කොච්චර කල් යනවාද කියලා. සමහර විට පැමිණිලි කරුවත් මැරිලා තීන්දුව එන්න කලින්. නීතිපති එකේ ඉන්න නීතිඥයින්ට නඩුව තමගේ වෘත්තීය අනාගතයට බලපෑමක් නැති නිසා නඩුව පැරදුණා කියලා ප්‍රශ්නයක් නෑ. අමාත්‍යවරයාට රාජකාරී නාමය මඟින් නඩු දාලා තියෙන අවස්ථාවකදි ක්‍රියා කරන ආකාරය ගැන තමයි මේ පත්‍රිකාව යොමු කරලා තිබෙන්නේ.
වත්ත, අයිතිකරුට නොපෙනේනම් කැත්ත අතේ තිබෙන මුරකාරයාට මොනවා කපන්න බැරිද? ගැමියකුගේ අහිංසක කියමනක් මට සිහිපත් වුයේ ඇමතිවරුන් රජයේ වියදමින් පෞද්ගලික නීතිඥ සහාය ඉල්ලීම දැකීමෙනි. වරදක් කරන්නාට වඩා එය දැක නිහඬව සිටින මිනිසා වරදකරුවෙකි. එහෙත් ජනතා නායකයකු ජනාධිපතිධුරයේ සිටීම රටේ වාසනාවකි. මහා බැංකු බැඳුම්කර කොමිසම ඉදිරියේ නීතිපති දෙපාර්ත්තමේන්තුවේ නීති නිලධාරින් කළ කාර්යය අපි දනිමු. එබැවින් රජයේ නීති නිලධාරින් වෙනුවට පෞද්ගලික නීති සහාය රජයේ මුදලින් ලබා ගැනීම අන්දරේ, ස්වකිය පුතා සමඟ සිනි කෑමට සමානය.
රජයේ ඇමතිවරුන්ට එරෙහිව පැවරෙන නඩුවල දී නීතිපති දෙපාර්තමේන්තුවෙ රජයේ නීතිඥයින් ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. එය ඔවුනගේ නීත්‍යනුකූල රාජකාරියක්. පොදු රාජ්‍ය සේවක වැටුප් පටිපාටිය අභිබවා ඔවුනගේ වැටුප් එහෙමත් සැලකිය යුතු ලෙස ඉහළ දමා තිබිය දී ඒ රාජකාරි කටයුතු රජයේ වියදමින් පෞද්ගලික නීති සමාගම්වලට පවරන්නෙ කාගෙ වුවමනාවට ද? කෝ අපේ මේ දූෂණ විරෝධි පෙරමුණ?