අජන්ත කුමාර අගලකඩ
දුම්රිය සේවයේ වැටුප් වැඩි කිරිමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අද (7) පැවති කැබිනට් රැස්වීමේ දී මුදල් ඇමැති මංගල සමරවීර මහතා විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ.
මෙම වැටුප් වැඩිකිරිමෙන් වෙනත් කේෂ්ත්‍ර 42 ක වැටුප් විෂමතා ප්‍රශ්න ඇතිවන බවද ඇමැති සමරවීර මහතා එහිදී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
දුම්රිය සේවයේ වැටුප් වැඩිකිරිමට පසුගිය සතියේ පැවති කැබිනට් රැස්වීමේ දී තිරණය කළ අවස්ථාවේ දී ඇමැතිවරයා ඊට විරෝධය පළ කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (6) පැවති කැබිනට් රැස්වීමේ දී මංගල සමරවීර ඇමැතිවරයා මේ පිළිබඳ අදහස් දක්වා ඇති අතර ඊට පිළිතුරු දී ඇති රාජිත සේනාරත්න සහ ආචාර්ය සරත් අමුණුගම යන මහත්වරුන් එම වැටුප් වැඩිවිම අත්‍යාවශ්‍ය කටයුත්තක් බව පෙන්වා දී ඇතැයි වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරියට තව බරපතල දුම්රිය අනතුරු බලාපොරොත්තුවන්න...!
වර්ජන ලෝකයේ වෙනත් රටවලත් තිබේ. ඓතිවාසිකම් දිනාගනිම පිණිස සේවකයන් සාමකාමී උධ්ගොසනය කරනු ලැබේ. කිසිදිනෙක සාමාන්‍ය ජනයා තලාපෙලා උද්ගොසන නොකරති. ඔවුනේ උද්ගොසනවලට රටේ සාමාන්‍ය වැසියගේත් සහයෝගය ලබාගනී. නමුත් ලංකාවේ තිබෙන මෙවැනි වර්ජන වලට කිසිදිනෙක රටවැසියා සහයෝගය දෙන්නේ නැත. ලංකාවේ උද්ගොසකයෝ සහ ඒවාට සහබාගි වන පිරිස් මහජනතාවගේ ජනජීවිතය ඉතාමත්ම පීඩනයකට ලක්කර වර්ජකයන්ගේ ජයග්‍රහණ ලබාගැනීමට උත්සකරන බව පෙනේ. ලංකාවටම තිබෙන්නේ එකම දුම්රිය දෙපාර්ත මෙන්තුවකි. මෙම දුම්රිය දෙපාර්තමේන්තුවට තිබිය යුත්තේ එක යූනියන් එකකි. ඉතාම සුක්සමව එකම දෙපාර්ත මෙන්තුවේ එක එක කොටසට වෙන වෙනම යූනියන් පිහිටුවාගෙන තිබෙන ලොව තිබෙන එකම ආයතනය මෙය වන්නට ඇත. සිරි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ යූනියන්ක් 10ක් පමණ තිබෙන බව පෙනේ. මසකට වරක් එක යූනියන් එකක් වර්ජනය කරන බව පෙනේ.
අගමැති ජනාදිපති මොනවා කිව්වත් භාණ්ඩාගාරය හිදිලා බවනම් පේනවා
පඩි නොව මොවූනට වැඩිකළ යුතුව ඇතේ. කිසිපදෙනෙකු නිසා කෝටි කීයක් පොල්ගහවෙල අනතුරින් පාඩුද ? මගීන්ද , සමස්ත මහජනයාද ගෙවනේ.?