(නිමන්ති රණසිංහ)
ද නේෂන් පුවත්පතේ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෲර වදහිංසා පැමිණවීමේ සිද්ධියට
අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබන 17 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබ සිටී.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාගේ අත්සනින් යුතු මෙම කැඳවීම එම දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා විසින් කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසට ගොස් ඉකුත් 12 වැනිදා බාරදී තිබේ.
මෙම සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ද කතානායක කරු ජයසූරිය මහතා විසින් ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දී තිබිණි.
මෙම සිද්ධියට ආධාර අනුබල දුන්නැයි හිටපු යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ (විශ්‍රාමික) මේජර් ජනරාල් අමල් කරුණාසේකර සහ යුධ හමුදා බුද්ධි බලකායේ මේජර් ප්‍රභාත් ශ්‍රී සීවලී බුලත්වත්ත යන දෙදෙනා ඇතුළු බුද්ධි නිලධාරීහු හයදෙනෙක් මේ වන විට ඇප මත මුදා හැරනු ලැබ සිටිති.
2008 මැයි මස 22 වැනිදා රාත්‍රි 11.39 ට පමණ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් නීති විරෝධී ලෙසින් රඳවා තබාගෙන කෲර වදහිංසාවලට ලක්කර පසුව මුදා හැර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්සලකදී ලිපිය බාරදුන්නනම් තමා වඩා හොඳ ,
ඕවත් වැඩද මහත්තයෝ සීත කරන ලද වතුර නිවලා බීපු අපිට නැද්ද ?
මේවා තමයි රටේ ජාතික ප්‍රශ්න... කොහොම හරි විසඳන්න ඕනෑ අපිට සැනසිල්ලේ නිදාගන්න..
අනේ මේවා කලේ මැරිච්ච අප්පච්චි නේ ?? මෙය මොනවා කරන්නද ??
රිචඩ් ද සොයිසාගේ ඝාතන සිද්ධියට කවුද එතකොට සී.අයි.ඩී. එකට ගෙන්නන්නේ...
දේශපාලඥයගේ අණට අපරාධ කරපු අය රිමාන්ඩ් කරල දැන් ඇප පිට. ඒවා කරන්න විධානය දුන්න අයට අපේ රටේ නම් දඬුවම් ලැබෙයි කියල හිතන්න බැහැ(එහෙමනම් දැනට ලංකාවේ හිරගෙවල්වල වැඩිපුර ඉන්න ඕන දේශපාලඥයෝ) දේශපාලඥයා මේ නඩුවලිනුත් ප්‍රසිද්ධියක් ගන්න එදාට වීරයෝ වෙලා වහල්ලු පිරිවරාගෙන යනව අපි දැක්ක.
මෙතන erdi දාලා තියෙන අදහස හරියටම හරි....