ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
විපක්ෂනායක ධුරය දෙමළ ජාතික සංවිධානයේ ආර්.සම්බන්ධන් මහතාටම ලබාදීමට කතානායක කරු ජයසුරිය මහතා තීරණය කර ඇත.
පාර්ලිමේන්තුව අද (10) රැස්වු අවස්ථාවේ දී විපක්ෂනායක ධුරය ගැන තීරණය පාර්ලිමේන්තුවේ දැනුම් දුන් විට කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේය.
ආර්.සම්බන්ධන් මහතා දෙමළ ජාතික සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්ව දැනට විපක්ෂනායක ධුරයේ කටයුතු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත්ම නිවැරදි ප්‍රජාතන්ත්‍රවාදී නිගමනයක්.
මේ රජයට අවුරැදු ගානක්. විපක්ෂ නායක කවුරැ වුනත් මොකද ? තාම බලයට කා කොටා ගැනීම් ඉවරයක් නෑ. මැතිසබේ හැමදාම කාලගෝට්ටි. සමහර දවසට සංඛ්‍යාව අඩුයි. විවාද කල්දානව. ඉන්නකොට සභාවේ බුදි. මේ පාලන ත්‍රන්ත්‍රය ඉතාම අකාර්යක්ෂමයි. අයිතිවාසිකම් විතරයි. වගකීම් නෑ. උගතුන් සභාවට යැවීමේ ජනතා වගකීමත් හරියට නෑ. ගරු කතානායකතුමනි කවදා මේ රටට හරියයිද ?
සෙන්කොලය අරගෙන දුවන්න හදන, පාර්ලිමේන්තුව කැත කරන දිනේෂ් වගේ මිනිහෙක්ට වැඩිය මෙයා හොඳයි.
නොදී කොහොමද දෙයිහාමදුරුවනේ...
ඒකාබද්ධයට තරග කරන්න ටිකෙට් එක දුන්නේ ජනපති මෛත්‍රී මහතයානේද? ඔය කණ්ඩායම තරගකලේ නිදහස් සංධානෙන් .ප්‍රථමයෙන් එකෙන් ඉල්ලා අස්වන්න.
දෙවනියට වැඩිම මන්ත්රිලා ඉන්න පක්ෂයට විපක්ෂ නායක කම දුන්නට කමක් නැහැ එය විපක්ෂය නියෝජනය කරනවානම්. සම්බන්ධන් කවද්ද විපක්ෂය නියෝජනය කරේ? හැමදාම ආණ්ඩුව ආරක්ෂා කරන එක තමයි එයා කරන්නේ. ආන්ඩුව ආරක්ෂා කරන එක්කෙනෙක් විපක්ෂ නායක වෙන්නේ කොහොමද? ඒ වගේ විහිළු තියෙන්නේ ලංකාවේ විතරයි. ඒකාබද්දෙත් කොන්ද පණ නෑ විපක්ෂනායක කම ගන්න.
ඒකාබද්ධ දැන් හරි දැනගන්න එපැයි, මේක රනිල්ට හිමි තනතුරු බව. මේ විපක්ෂනායක තනතුර හරියට ධාම් ක්‍රීඩාව වගේ. දැන් සම්බන්ධන්ට. ඊළඟ පාර්ලිමේන්තුවේ රනිල්ට. කෙසේවෙතත් මේ විපක්ෂනායක තනතුරට ඉතා සුදුස්සා රනිල් තමයි. මේ බව හිරුණිකා මන්ත්‍රිතුමිය සුද්ද සිංහලෙන් කිව්වා.
ජනතාව ඕක දන්නේ ගොඩ දවසක ඉදන්......
හරි නම් විපක්ෂ නායක කම දෙන්න ඕන පා.ම. මහින්දට.
ඇත්තටම හරිම පුදුමයි තාමත් ලංකාවේ මේ ආණ්ඩුවට කඩේ යන උදවිය දැක්කම..මේ ඉන්න විපක්ෂ නායකයා රටේ ජනතාව වෙනුවෙන් කරපු එක යෝජනාවක් කියන්න පුළුවන් නම් කවුරුහරි.. අගමැති වෙනුවෙන්, ආණ්ඩුව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී ඉන්න කෙනෙක්.. ඉතින් ආණ්ඩුවේ උදවිය නම් හරිම කැමැතියි මෙතුමා ඉන්නවට.. එ්ත් රටේ බහුතරයක් දුක් විඳින ජනතාවට වෙන සෙතක් නම් නැහැ..
කතානායක ඒ තීන්දුව දුන්නේ කුමන නීතියක පිහිටලද? එය පැහැදිලි කරන්න.
ඕක වෙන කෙනෙකුට දෙනවට ඉන්දියාවයි, ඇමරිකාවයි කැමැති නැහැ, එ්කයි ඔය !!!
පැරකුම් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැති කෙනෙක් වගේ...
මේ ආණ්ඩුව පවත්වාගෙන යන්න උදව් කරන සම්බන්ධන්ට විපක්ෂ නායකකම දීලා, අනුර දිසානායකට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කමදීලා. මෙහෙම කථානායක කෙනෙක් නම් ලොවෙත් නෑ. ලොවි ගහෙත් නෑ.
මහින්දගේ ගේම් දේශපාලනය නොදන්න එ්කාබද්ධයේ සමාජිකයින් ඇඟිලි ගැන ගැන හිටියේ දිනේෂ් විපක්ෂ නායකයා වෙනතුරුයි. නමුත් මහින්දගේ නම් තුන් හිතකවත් තිබුනේ නැතිව ඇති එහෙම කරන්න. මේ කතාව ආරම්භයදීම අපි සඳහන් කල පරිදි රනිල්ට එරෙහිව විශ්වාස භංගයක් ගෙනැල්ලා රනිල්ව ශක්තිමත් කරලා සිරිසේන පරාද කරලා නිමල් සිරිපාලව දේශපාලන වශයෙන් අනාථ කළා. ඒ වගේම මෙදා පාරත් අයිති නැති විපක්ෂ නායක ධුරයට අයිතිවාසිකම් කියලා සම්බන්ධන්ව රනිල්ගේ තුරුල්ලට තල්ලු කරලා දිනේෂ්ව දේශපාලන වශයෙන් අනාත කෙරුවා. මේ ඔක්කොම කරන්නේ 2025 වෙනතුරු ඒකාබද්ධය විපක්ෂයේ තියන්න. (නාමල් බේබිට ජනාධිපතිකමට ඉල්ලන්න හැකිවෙන තුරු)... එතකම් රනිල් ජනාධිපති තනතුර දැරීම මහින්ද ගෝඨාභය බැසිල් හෝ චමල් ජනාධිපති තනතුර දරනවාට වඩා විශ්වාසයි.. ආරක්ෂිතයි... මේක නොදැන 2020 දී පොහොට්ටුවේ අපේක්ෂකයා ජනාධිපති කරන්න හීන දකින සමාජිකයන්ට නම් පවු අප්පා !
"ඉතාමත්ම නිවැරදි ප්‍රජාතන්ත්‍රවාදී නිගමනයක්." අත්තටු පොරවාගෙන ඉන්න විපක්ෂ නායකයෙක් තබා ගැනීම ඉතාමත්ම නිවැරදි ප්‍රජාතන්ත්‍රවාදී නිගමනයක්ලු. මෙයා තම ජාතිය ගැන මිසක් රට වෙනුවෙන් මොනවද කතාකලේ කියලා කියන්නකෝ...