මහින්ද නිශ්ශංක
දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වුවද කාර්යාල සේවකයන් ඇතුළු දුම්රිය මගීන්ගේ ගමන් පහසුව සඳහා කොළඹ කොටුවේ සිට සියලුම මාර්ග ආවරණය වන පරිදි දුම්රිය 8 ක් පමණ ධාවනය කිරිමට දුම්රිය බලධාරින් අද (9) සවස සැලසුම් කර තිබිණි.
ඒ අනුව ප්‍රධාන මාර්ගයේ මහනුවර,රඹුක්කන සහ මහව දක්වා දුම්රිය තුනක් ද මුහුදුබඩ මාර්ගයේ ගාල්ල සහ මාතරට දුම්රිය බැගින් ද පුත්තලම් මාර්ගයේ හලාවත දක්වා දුම්රිය දෙකක් ද අවිස්සාවේල්ල දක්වා එක් දුම්රියක් ද ධාවනය කිරිමට කටයුතු යොදා ඇත.
මේ අතර දුම්රිය වෘත්තිය සමිති පවසන්නේ අත්හිටවන ලද තම ශ්‍රේණීවල වැටුප් විෂමතාව ඉවත් කිරිමේ කැබිනට් පත්‍රිකාව නැවත ක්‍රියාත්මක කරන තුරු දුම්රිය වර්ජනය අඛණ්ඩ කරගෙන යන බවයි.
සාමාන්‍යයෙන් දිනකට දුම්රිය 365 ක් පමණ සියලුම මාර්ග වල ධාවනය වේ.
ඡායාරූප - ළහිරු හර්ෂණ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකාරියක් කරනු !
කිසිම බුරුලක් දෙන්න හොද නැහැ. සේවය හැර ගියා සේ සලකා ඉංජිනේරු උපාධි තියන තරුණ කොල්ලෝ කෙල්ලෝ ඕන තරම් රටේ ඉන්නවනේ. ඒ අයට රස්සාවල් දීලා ගන්න.. සේවයට එන්න කැමති කෙනෙක්ට පැය 24 ක කාලයක් දෙන්න.
වඩා උසස්, කාර්යක්ෂම හා තරගකාරී සේවයක් සදහා දුම්රිය සේවයට පෞද්ගලික අංශය දායකත්ව කරගන්න. එමගින් මහජනයා පතිලාභ ලබනු ඇත.
බොහෝ රටවල දුම්රිය, තැපෑල ආදී සේවයන් කරනුයේ පෞද්ගලික අංශය විසිනි.
දුම්රිය හා ලංගම හමුදාපති හෝ ආරක්ෂක අංශයක් මගින් පාලනය වන ආයතනයක් බවට පත් කල යුතුය. ඒ හරහා සියලුම ප්‍රවාහන අංශ කරනු ලබන වර්ජන සැනෙකින් පාලනය කලහැක.