මහින්ද නිශ්ශංක
දුම්රිය රියදුරු, නියාමක,ස්ථානාධිපති සහ දුම්රිය පාලකවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරිමේ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය මගින්ම තාවකාලිකව නතර කිරිමට විරෝධය පා අද (8) සවස 3 සිට දුම්රිය රියදුරන් සහ නියාමකවරු වර්ජනයක් ඇරඹුහ.
මෙම වර්ජනයෙන් ජනතාවට සිදුවන අපහසුතාවයන් සැළකිල්ලට ගෙන කොළඹින් පිටත්ව දුම්රිය සියල්ල පිටත් වු පසු ගමනාන්ත දක්වා ධාවනය වු පසු දුම්රිය දුම්රිය පාලකවරු සහ දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයට එක්වන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරින්ගේ සංගමය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන කාලකන්නි රටක් ද බන් මේ ....................... !!!!
දුම්රිය සහ වෛද්‍ය වෘතීන් සමිති යනු මේ රටට ඇතිවූ ශාප දෙකකි.
මොන පිස්සුවක්ද මේ? කවද්ද අපි රටක් විදිහට ඔලුව උස්සන්නේ... අහිංසක අපේ සමහර දරුවෝ උසස් පෙළ විභාග පටන අරන් තියන නිසා මෙහෙම වැඩ වර්ජන කලහම කොහොමද යන්නේ ....
තම දෙපාර්තමේන්තුව අතින් නොසැලකිලිමත් කම නිසා සිදු වුන අනතුරට අදාළ නිලදාරීන් ට විරුද්දව ගත්ත පියවර නිසා කුලප්පු වුනා වත් ද.?
දුම්රිය දෙපාර්තුමේන්තුව රජයට පවරා ගන්න ඉක්මනට. අපේ රට පස්සට අදින්න එපා.
ජනපතිතුමනි, මෙම ආයතන පෞද්ගලීකරණය කරන්න අවධානය යොමු කරන්න.
මෙම ඉල්ලීමට විරුද්ධ වෙන්නේ මංගල සමරවීරලා තමයි. ජනධිපතිවරු ඇතුළු ඇමැතිවරු මේ ඉල්ලීම ඉටුකරන්න කැමැතියි. මේකට විරුද්ධ වෙන්න මංගල ගමන් කරන්නේ බදු ගෙවන මහජන මුදලින් නඩත්තු කරන සැප වාහනවලින්... ඔහු කොහොමටවත් පොදු ප්‍රවාහනය භාවිතා කරන්නේ නැහැ. එම නිසා ජනාධිපතිතුමා වහාම මේ ප්‍රශ්නය විසඳිය යුතුයි.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලෙත් දුම්රිය රියදුරන් හා වෛදවරු මේ වගේ වැඩ වර්ජන කරන්න සුදනම්වුන නමුත් අගමැතිනිය නියමෙට මේ දෙගොල්ලෝ පාලනය කලා.
රට කාලකන්නි නෑ මචන්.. රටේ මිනිසුන්ගේ කාලකන්නිකම මිසක්....
රටට කොන්දක් ඇති නායකයෙකු නැති පාඩුව. ගෝඨාභය මැතිඳුනි, රට ගැන සිතා දැන්වත් පෙරට පැමිණෙන්න.
අමිල හරි. නමුත් පුද්ගලික බස් වගේ විකාර පුද්ගලීකරණයක් නොවෙයි හොඳ... මෙරට හෝ පිටරට සමාගමකට මෙහි පරිපාලනය භාරදිය යුතුයි.
මට පෙනෙන හැටියට දැන් කල යුත්තේ ජනාධිපතිව පෞද්ගලීකරණය කිරීමයි.
මීට අවුරුදු කීපයකට කලින් මං දන්නා ළමයෙක් හිටියා එයාගේ අම්මා තාත්තටත් බරක් වෙලා හිටියේ. වත්තේ තිබුණු කොස් ගෙඩි ටිකත් කඩලා විකුණලා කොල්ලොත් එක්ක රස්තියාදු ගහගහ නාස්ති කරපු එක්කෙනෙක්. පහුගිය යුද්ධය කාලේ හමුදාවට ගියා. අද එයාගෙම ගෙදරක් හදාගෙන විවාහයක් කරගෙන දරුවෙකුත් ඉන්නවා. ත්‍රීරෝද රථයකුත් තියෙනවා. රැකියාවේ විනය තමන්ගේ විතරක් නෙවෙයි, පරම්පරාවේම ජීවිත ගොඩගන්නවා කියන එකට හොඳම උදාහරණයක්. එකේ අනිත් පැත්තත් ඒ වගේම තමයි. ගෙදර කොච්චර හොඳට හැදුණත් විනයක් නැති ආයතන වල වැඩට ගියාම තමන්ගේ ජීවිතේ විතරක් නෙවෙයි. පරම්පරාවම හේදිලා යනවා.
මේ සේවාව පොද්ගලික කරනු! මේක තමා එකම විසදුම.