(විනිතා එම් ගමගේ සහ ඡායාරූප - ළහිරු හර්ෂණ)
පෙරවරු 10.15
ද නේෂන් පුවත්පතේ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වද හිංසා පැමිණවීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැමිණීමට නියමිතය.
කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවස ඉදිරිපිට මේ වන විට ආධාරකරුවෝ රැස්ව සිටිති.
පෙරවරු 11.25
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 6 දෙනකු පමණ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට පැමිණියේය.
ඒ වන විටත් සිය පෞද්ගලික රාජකාරියක් සඳහා නිවසින් බැහැරව සිටි හිටපු ජනපතිවරයා පෙරවරු 11.30 ට නිවසට පැමිණියේය.

(අපරාධ පරික්ෂණ නිලධාරීන් පැමිණෙන අයුරු)



(හිටපු ජනපතිවරයා නිවසට පැමිණෙන අයුරු)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහල්ලුන්ට වෙන වැඩ නැහැනේ, වහල්ලුත් නෙවේ... මේ ඒ කාලේ මොකක් හරි ජාවාරමක් කරන් හිටපු උදවිය, දැන් වේලෙනවා. මොවුන් දන්නේ නැහැනේ ආයිත් මහින්ද මහත්තයට බලේට එන්නත් බැහැ කියලා...
මේ මහා ජනගංගාව දැක්කට පස්සේ සී.අයි.ඩී. එකේ කට්ටිය තියා සක්කරයාවත් ඔතෙන්ට එන එකක් නැහැ.
කොහොමද රටේ නීතිය? යහපාලනයට හොඳ ඒකාබද්ධයටම තමයි.
මගේ ප්‍රශ්නය ඇයි 88-89 කාලේ පැහැරගත්තු හෝ මරාදාපු මාධ්‍යවේදීන් ගැන හොයන්නේ නැත්තේ කියලා...
විනාඩියෙන් විනාඩියට රිපෝර්ට් කරන්න මේවා නිවුස්ද?
මහින්දගේ ගෙදරට ගියාම තමයි අපේ සිංහලයන්ට අමාරුව. විජයකලාගේ ගෙදරටම ගියාම අපේ අයට කිසි ගානක් නෑ. කොටි නම් හොඳයි..
අරක්කු භාගයයි, රුපියල් 1000යි. බත් පැකට් 1යි. ඒවාට ආපු කට්ටිය, සී.අයි.ඩී. එක ඕවා ගණන් ගන්න එපා හොඳේ...
මිනිස්සු ගෙදරට ගෙන්න ගන්න.... ලජ්ජවක් නැහැ. පරණ ගති තාමත් එහෙම්මනේ.
අල්ලලා පැය 2ට වත් ඇතුලට දාන්නකෝ...
මලයාසීයාව සහ ලංකාව අතර වෙනස. එහි හිටපු නායක අත්අඩංගුවේ. ජීවත් වීමට හොඳ රට ලංකාව 130 තැනට. හේතුව උඩ දර්ශන වලින් පෙනේ. චූදිතයා දැනටත් රජ කෙනෙක්ද? සිරිසේන සහ රනිල් සරල මිනිස්සු. බලය අයුතු ලෙස යොදා නොගනියි.
කොහොමද සැප... වාහනයේ බන්දුලටත් යන්න එකක් ලැබිලා. ආණ්ඩුව මේ අයට එක නීතියක්, සාමාන්‍ය ජනතාවට තව නීතියක්... ලොකු හොරුන්ට නම් රජ සැප...
මේ මනුස්සයා අපි සියලුදෙනාටම නිදහසේ හුස්ම ගන්න රටක් ඉතිරි කරලා ගිය එකට මෙහෙම කරලා මදි. ඉතිහාසේ ලොකුම මහා බැංකු හොරකම කරලා ඒවා හොයන්න කවුරුවත් නෑ.
මේ මනුස්සයා අපි සියලුදෙනාටම නිදහසේ හුස්ම ගන්න රටක් ඉතිරි කරලා ගිය එකට මෙහෙම කරලා මදි. ඉතිහාසේ ලොකුම මහා බැංකු හොරකම කරලා ඒවා හොයන්න කවුරුවත් නෑ.
වහල්ලුන්ට හොරු ආරක්ෂා කරනවා ඇරෙන්න වෙන මොනවද?ලෝකේ ඕනෙම නායකයෙක් නීතියට ගරු කරනවා. එහෙත් ලංකාවේ නීතීය දේශපාලකයින්ගේ ඉදිරියේ බලු වෙලා කියලි මේ රූප රාමු පෙළ මනාවට පෙන්නුම් කරයි..
අපේ යුගයේ වීරයා මෙතුමායි. මේ ජාතික සම්පත අපි සියලු දෙනා එකාවන්ව රැකගනිමු.
සමන් සහ අමිල කොහෙද හලෝ? මෙයා යුද්දේ කාලේ අන්තිම කාලේ රටෙත් නැහැ. යුද්ධය ඉවර කළේ සරත් ෆොන්සේකා... අැයි කැමැති නැද්ද එක අහන්න කියන්න..
හොරු ටික ඔක්කොම වටේ තියාගෙන, ලොක්කා පුටුවක වාඩිවෙලා ඉන්නේ බයවෙලාද? ලැජ්ජා ඇත්නම් මහින්ද කරන්න ඕනේ පළවෙනිම කාර්යය ඔය හොරු දඬු කඳේ ගහන එක... පපුවට ගහගන්න එක නොවේ.
අැයි රටේ නීති 2ක්? ඕනෑම කෙනෙකුට නීතිය සමාන වෙන්න එපැයැ.. නිකම් වීරයෙක් වුණා කිසිම දෙයක් නොකර 2005... ජවිපය නැහිලා නැහිලා මැතිවරණය දිනලා ගෙදරටම ගෙනවිත් දුන්නා. එ් දවස්වල ඔය දැන් ඉන්න අය කීදෙනෙක් ඇඳන් යට හැංගිලද හිටියේ? අන්තිමට රටේ ඉන්න හොඳම තක්කඩින් ඔඩොක්කුවේ මොකද? මෙයාගේ ආරථික ක්‍රම කැසිනෝ එක ගෙනාවේ කොහොමද? අපේ හෙට උපදින ගැහැණු දරුවන්ට මොකද වෙන්නේ?
ඔන්න කාටත් සාධාරණ නීතිය. ප්‍රශ්න කරන්න එතුමාගේ දෙපතුල ගාවට යන්න ඕනේ. නීතිය ඉදිරියේ කවුරුත් එකයිලු. යහපාලන රජය මහජනතාවට කරන කෝචොක් එකක් නේද මේක?.
"ඒ වන විටත් සිය පෞද්ගලික රාජකාරියක් සඳහා නිවසින් බැහැරව සිටි හිටපු ජනපතිවරයා පෙරවරු 11.30 ට නිවසට පැමිණියේය.@ මොකක්ද මේ "පෞද්ගලික රාජකාරියක්" කියන්නේ ????
මම මේ කල්පනා කරන්නේ මහින්ද රහස් පොලීසියට මොනවා කියයිද කියලා. අනේ අපි නම් ඕවට සම්බන්ධ නැහැ... ඕක හරියටම දන්නේ ගෝඨා තමයි කියලා කියයිද දන්නේ නැහැ.
මට තියෙන ප්‍රශ්නේ කිත් නොයාර් ලංකාවට එන්නෙත් නැහැ මේ නඩුවේ සාක්කි දෙන්න. පොලිසිය ඔස්ට්‍රලියාවට යනවා සාක්කි ගන්න. මොකද්ද පොලිසියට තියන ඕන කම මේ නඩුව ඉදිරියට ගෙනියන්න. නොමිලේ රට සවාරි ගහන්නද නැතිනම් වෙන අරමුනක්ක්ද?
කොහොමත් මේ මෝඩයින්ගේ පාරාදීසයේ කුමන පක්ෂයකට අයත් වුවත්, දේශපාලනය කරන ඒ උත්තමයින්ට විරුද්ධ වෙන නරුමයින්ව මරන්නම ඕනා. පක්ෂ, පාට, ජාති, බේදයක් නැහැ. කටු කන රටේ බල්ලන්ව එක්කෝ, කප්පාදු කර කුඩු කරන්න ඕනා, නැත්නම්, මරලා දාන්න ඕනා. මම නම් කියන්නේ වැරදි කරමින් හෝ දේශපාලකයින් මේ රටේ යහතින් ජීවත් විය යුතුයි. බලු කුක්කන්ගේ සමාජයේ පහරන එක බලන්නත් ඇප්පිරියයි
ටොයියොයි බයියොයි මරාගන්නවා කොමෙන්ට්ස් වලින්. සත්‍යය නම් රනිල් විසින් මහින්දවත් මහින්ද විසින් රනිල්වත් හිරේ යවන් නෑ. ඕනම නම් මේ ප්‍රශ්න වලට ගෑවිච්ව රාජ්‍ය නිලධාරියෙකුට ජම්පරේ අඳින්න වෙයි. මේ දේශපාලන ජවනිකා මාධ්‍ය සංදර්ශන ලෙසම පවතියි. කාලයාගේ ඇවෑමෙන් අර චන්ද්‍රිකාගේ සූරියකන්ද වගේ ජනතාවගේ අමතකවීම නැමති මීදුමෙන් වැසී යයි. මේක දේශපාලන මාෆියාවක්. දූෂණය හොරකම මේ දේශපාලන දහරාවේ දෙබිඩි නිවුන් සොයුරන්ගේ හදවත වගේ. දෙදෙනෙකු වුනාට බොක්ක එකයි. එක පංතියක් හැදෙනව. ලංකාව එන්න එන්න වලපල්ලට යනව ඒත් මෝඩ ටොයියො බයියො පාරේ මරාගන්නවා. උඹලාට හූ .....
කරුණාපාල, කියලා තියනවා වගේ මටත් නම් පේන්න බැරි ඔය කටු කන බල්ලන්ව තමයි දේශපාලකයින්ගේ සෙවනේ හැදී වැඩී කකුල් ලෙවකන කුක්කෝ තමයි දේශපාලකයින්වත් නොමග යවන්නේ. මහපොළවට බරක් වුණ කාලකන්නි. ඔය කුක්කන්ට වචනයක් හෝ වැරදුනොත් හපා කන්න පනිනවා. දැන් පේනවනේ මෙතන උනත් කුක්කන්ගේ සැර???
අර මහින්දමහත්ත්යාගේ අත වහලා පෙන්නන්නේ එයාගේ ළඟ තියෙන මන්තර පොජ්ජද ? අනේ මෙහෙම යක්කු බුත්යෝ ගැටගහගෙන රට රවට්ටන්න හදන දේශපාලකයින්.
ඇයි මහින්ද රාජපක්ෂ මහතාට කට උත්තරයක් ගන්න එන්න කිව්වම පොලිසියට යන්න බැරි? මෙතුමා මේක සංදර්ශනයකට පත් කරගෙන ඇති බවකුයි මට පේන්නේ. තමන් වැරද්දක් කරලා නැත්නම් මොකටද බය වෙන්නේ? මෙතුමා මහින්ද නිසා පොලිසියට ප්‍රශ්න කරන්න අයිතියක් නැද්ද?
බලන්නකෝ මේ මිනිස්සු අපේ සල්ලි වලින් ඉන්න සැප. මොකද මෙයාට CID එකට ගිහිල්ල ප්‍රකාශයක් දෙන්න බැරි