පාකිස්තානයේ නව අගමැතිවරයා වශයෙන් එරට හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් අද (18 වැනිදා) පෙරවරුවේ ඉස්ලාමාබාද් නුවරදී දිවුරුම් දුන්නේය.
දකුණු ආසියාවේ රටවල් අතුරින් න්‍යෂ්ඨික අවි වලින් බලසම්පන්න රටක් වන පාකිස්තානය මේ වන විට දිනෙන් දින පිරිහෙන අර්ථිකයකට මුහුණ දෙමින් මහත් වියවුල් සහගත තත්ත්වයකට පත්ව සිටින රටක් වශයෙන් අන්තර්ජාතික විචාරකයන්ගේ වර්ගීකරණයට පාත්රවී තිබේ.
එවන් රටක අභිමානය ගොඩනැංවීම ඉම්රාන් ඛාන්ගේ අභියෝගය වී තිබේ.
උග්‍ර ජාතිකවාදියකු වශයෙන් හැඳින්වෙන ඉම්රාන් ඛාන්, පසුගිය මාසයේදී පැවැති මැතිවරණයෙන් පහසු ජයක් ලබාගත්තේය. මිලියන 208 ක ජනගහනයකින් යුත් පාකිස්තානයේ නව නායකයා වශයෙන් අබිසෙස් ලබද්දී ඉම්රාන් ඛාන් ඇඳ සිටියේ සිය වීරයා වූත් පාකිස්තානය ස්ථාපිත කිරීමේ පුරෝගමියා වූත් මොහොමඞ් අලි ජින්නා නිතරම ඇඳි කළු පැහැති ෂර්වානියයි.
“මම සත්‍ය වශයෙන්ම පාකිස්තානය වෙනුවෙන් බැඳී සිටිමි” යයිද පාකිස්තානු ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් ඊට ගෞරව කරන බවද දිවුරුම් දීමේ ප්‍රකාශය කියවමින් ඉම්රාන් ඛාන් කියා සිටියේය. ඉම්රාන් ඛාන් දිවුරුම් දෙන අවස්ථාවේදී පාකිස්තානු ජනාධිපති මමූන් හුසේන් මහතා ඔහු අසළින් සිටියේය. පසුව පාකිස්තානු අගමැතිවරයාගේ නිල නිවසේ තණපිටියේදී ඔහුට හමුදා උත්තමාචාර පිරිනැමිණ.
ඉම්රාන් ඛාන්ගේ දිවුරුම් දීමේ උත්සවයට ඉන්දීය පිලේ හිටපු ටෙස්ට් ක්‍රීඩකයකු මෙන්ම මේ වන විට ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ කැබිනට් ඇමතිවරයකුද වන වන නව්ජෝත් සිං සිද්ධුද සහභාගි වී සිටියේය. සිද්ධු මහතා ඉස්ලාමාබාද් නුවරට ගියේ උතුරු පන්ජාබයෙන් ඉන්දු - පාකිස්තානු දේශ සීමාව හරහා යාමෙනි.
වසර 71 ක ඉතිහාසයක් ඇති පාකිස්තානයේ ඉම්රාන් ඛාන්ගේ දිවුරුම් දීම සැලකෙන්නේ ප්‍රජාත්‍රන්ත්‍රවාදීව තවත් අගමැතිවරයකුට බලය හිමිවූ දෙවැනි අවස්ථාව වශයෙනි. බොහෝ අවස්ථාවලදී සිදුවූයේ හමුදා කුමන්ත්‍රණ වලින් බලය ලබාගැනීමයි. යම් හෙයකින් ඉදිරි වසර පහක කාලය පුරා සිය බලය රැකගැනීමට ඉම්රන් ඛාන්ට හැකිවුවහොත් සිය ධූර කාලය නියමාකාරයෙන් සම්පූර්ණ කරන පළමුවැනි පාකිස්තානු නායකයා වශයෙන් ඉම්රාන් ඛාන් ඉතිහාසයට එක්වනු ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් සතු සියල්ලම විකුණාන ජාතියක් බවට පකිස්ථාන ජනතාව පත් නොකොට ආත්ම ධෛර්යෙන් ස්වෝත්සාහයෙන් නැගී සිට ලෝකයේ දිදුලන රාජ්‍යයක් බවට පාකිස්තානය පත්කරලීමට ඔබතුමාට ශක්තිය ලැබේවා
ඔබට සුබ පැතුම්, අලුත් රටක් හදන්න,
ඔබ ආ ගමනේ සාර්ථකත්වය පවතින්නේ ඔබගේ අවංකබාවය මෙන්ම තම මවුබිමට තිබෙන ආදරය මතබව කීමට කැමැත්තෙමු. මුළු ලෝකයටම ආදර්ශයක් දීමට ඔබට හැකි වේවා!!!! අපේ රට කාබාසිනියා කරමින් සිටින " දියවන්නඔයේ කාලකන්නි අම්බරුවන් රෑනටත් " මෙය කදිම පාඩමකි.
ජේ ආර් ජයවර්ධන තුමාගේ ඉවසීමේ අසීමිතකම ප්‍රකාශ කරන්න. පුවත්පතක ලියල තිබුනේ ජේ. ආර් හරියට මාළු අල්ලාගෙන කන කොකෙක් වගේ කියලයි. කොකා පැය ගණනාවක් එක කකුලෙන් හිටගෙන ඉන්නවා මාලුවෙක් ළඟට එනකම්ම ඒවගේම ජේ ආර් ක්‍රියාකාරී දේශපාලනයේ අවුරුදු 40 විතර බලාගෙන ඉඳල තමයි ජනාධිපතිවුණේ. ඉම්රානුත් ඒවගේමයි දිගටම ලැබුන අන්ත පරාජ වලින් නොසැලී ඉවසීමෙන් කටයුතු කළ නිසයි ඔහු අද ජය පැන් බොන්නේ.
ජාතිවාදය අවියක් කරගෙන බලය ගත්තත් ජාතිවාදයෙන් බලය පවත්වාගෙන යන්න බෑ. ඉම්රාන් ඛාන් එය දැනගත්තොත් හොඳයි නැත්නම් සෙට්ට පොච්චි තමයි... පේන ආකාරයට නම් ඉම්රාන් ඛාන් එවැනි දේශපාලන පරිණත භාවයකින් යුක්ත අයෙක් නොවෙයි.... අර්ජුන රණතුංග ගේ පකිස්ථාන් වර්ෂන් එක තමයි..
කුමාර සංගක්කාර මහතාණෙනි, මෙය ඔබට මනා පූර්වාදර්ශයක් නොවේද...
තනි මිනිහෙක් තනි මහන්සියෙන් රටක අගමැතිවෙලා. ශ්‍රේෂ්ටයි.