රංජන් කස්තුරි
දුම්රිය සේවකයින්ගේ අසාධාරණ හා අශිලාචාර වැඩවර්ජනය නතර කරන තෙක් ඔවුන් සමඟ සාකච්ඡා කිරිමට මහා භාණ්ඩාගාරය සුදානම් නැතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ එම අමාත්‍යාංශයේ දී අද (10) පැවසීය.
දුම්රිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන්නේ නම් රජයක් ලෙස ඊට මුහුණ දීමට සුදානම් යැයි ද ජනමාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් මංගල සමරවීර මහතා කීවේය.
දුම්රිය මගින්ගේ අපහසුතා මග හැරවීමට පෞද්ගලික බස් රථ යෙදවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද එහිදී ඇමැතිවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි, කොන්ද කෙළින් තියන් ඉන්න ඕනේ මේ වගේ...
බොහොම හොඳ තීරණයක් ! මෙවර වර්ජකයින්ට වර්ජිත දින සඳහා වැටුප් නොගෙවාවී යැයිද බලාපොරොත්තු වෙමු!
වර්ජනයක් තිබ්බ නැති කාලේ ඔබතුමාට සාකච්ඡා කරලා ප්‍රශ්නේ විසඳන්න තිබුණනේ. මිනිස්සු අමාරුවේ දාන්නේ නැතුව. මේ වර්ජනය පිටිපස්සේ මහින්ද ඉන්නවා කියන්නේ නැත්තේ මොකද?
මේ දවස්වල ඇමැති කෙනෙක් ප්‍රයිවට් බස් වගයක් පටන් ගත්තලු නේද...? මෙන්න බිස්නස්.
දෙන්නෙක්, තුන්දෙනෙක් ගෙදර යැව්වා නම් වර්ජනය කරන හැටි බලා ගන්න තිබුණා.
දුම්රිය සේවය පුද්ගලික අංශයට බාරදෙන්න. ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි හොඳ ආයතනයකින් හොඳ සේවයක් ලබාගන්න පුළුවන් වෙයි.
වැඩ කරන ජනතාවට තිබූ ප්‍රබලම හා අවසාන අවිය වූ වැඩ වර්ජනය කීරිමේ අයිතිය වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හා දුම්රිය රියදුරු සංගමය වැනි පාතාල වෘත්තිය සමිති මගින් අපහරණය කිරිම නිසා අද එය ජනතාවට විශාල හිසරදයක් බවට පත්වී ඇති අතර වැඩිම වරප්‍රසාද භුක්ති විඳින පිරිසක් මේ ආකාරයෙන් කම්කරුවගේ අයිතින් කෙළෙසීම නින්දිත හා අලජ්ජිත කරුණකි.
දෙගොල්ලන්ගේ වැඩ නිසා දුක් විඳින්නේ අහිංසක ජනතාවයි. දුප්පත් මිනිස්සු ගැන හිතන්නේ නැත්තේ සේවකයොයි, පාලකයොයි තමයි.
ඇත්තෙන්ම එහෙම කරන එක හොඳයි. සුදු වෑන් දාන්නේ නැතිව... අශීලාචාර ස්ට්‍රයික් කාරයින් පාඩමක් ඉගෙන ගන්න ඕනෑ...
ඇමැතිතුමණි ඔබ හරි. හමුදාවේ පිරිසකට දුම්රියට අදාල පුහුණුවීම් දෙන්න.. ඔවුන්ට අමතර දීමනාවක් දෙන්න. වැඩට එන්න බැරි අය වෙනුවෙන් වහාම අළුතින් පිරිස් බඳවාගන්න.
පාර්ලිමේන්තු පනතකින් සුදුවෑන් යෙදවීම අනුමත කරන්නේ නැහැ. රටේ හුඟක් ප්‍රශ්න එමගින් විසඳා ගැනීමට පුළුවන් වන බව මට නම් ස්ථිරයි.
නිවැරදි තීරණ. අනිත් අය කොක්ක දාවිද දන්නේ නැහැ. දුම්රිය සේවය නම් පුද්ගලීකරණය කල යුතුමයි.
මංගල ඇමැතිතුමා හරි. ඔය දුම්රිය සේවකයින් රුපියල් 100,000 කට වඩා මාසයකට පඩි ගන්නවා.
රජයකට මේ වගේ කොන්දක් ඕනේ.. හොඳ තීරණයක්..
දාස කියන්නේ කාගේ දාසද දන්නේ නැහැ. මේවා මෙහෙයවන අර සහෝදර සමාගමේ හෙන්චයියෙක් වෙන්න ඇති.
මේ අයට පඩි වැඩි කළොත් මීට ඉහළ හා සමාන්තර වෙනත් වෘත්තිකයින් ගණනාවක් පඩි වැඩිවීමක් ඉල්ලලා වර්ජනය කරනවා අනිවාර්යෙන්ම උදා;- හෙද පරිපූරක, අතුරු වෛද්‍ය වගේ තවත් ගණනාවක් ඉන්නවා. ඊළගට රෝහල් වල අනිත් අමාත්‍යාංශ වලත් වැඩ වර්ජන... ආයෙත් අහිංසක ජනතාව තමයි කබලෙන් ලිපට වැටෙන්නේ. මේ කරන වැඩෙන් වෙන්නේ රජයට අමතර ලොකු වියදමක් දරන්න වෙන එක. මොකද මේ අයට පඩි වැඩිකලොත් අනිවාර්යෙන්ම අනිත් සමාන්තර ශ්‍රේණිවල පඩි වැඩිකරන්න වෙනවාමයි. එතකොට ඒ වියදම දරන්නේ මේ අයගේ ගෙදරින් ගෙනත්ද? නෑ එ්කත් බදු විදිහට එන්නේ අහිංසක මහජනතාවට.140000 ඉඳන් 275000 වගේ අතර පඩි ගන්න අය කියනවා නම් ජීවත් වෙන්න බෑ කියලා, ඒ පඩියෙන් 50000-60000ක් විතර පඩියක් ගන්න රටේ බහුතරය ජීවත් වෙන්නේ කොහොමද කියලා හිතලා බලන්න වෙනවා.
ප්‍රයිවට් බස් ඉරිදා රෑ ඉඳන් ස්ට්‍රික් කරනවලු
කරුණාකර ඒ තීරණයවත් කෙලින් ගන්න.
වෘත්තිය සමිති වර්ජකයින් තම සේවාව ඉටුකරමින් මහජනතාව පිඩනයට පත්නොකරමින් ඔවුන්ගේ අවශ්‍යතා දිනා ගැනීමට නම් වෘත්තිය සමිතිවල නායකයන් වී සිටිය යුත්තේ යමක් තේරෙන උගත් බුද්ධියක් තිබෙන අයවලුන්ය. ලෝක සම්මතයට අනුව වෘත්තිය සමිති වර්ජකයින් කිසිදිනෙක රටක ජනතා , පාසල් සිසුන් පිඩාවට පත්කර තම අයිතිවාසිකම් ඉල්ලන්නේ නැත. ඔවුන් වෘත්තිය අරගල දියත් කරන්නේ මහජනතාවගේද සහයෝගය ඇතිවය. ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ තිබෙන්නේ වෘත්තිය සමිතියක් නොව කඩාකප්පල් කාරී මාෆියාවකි. එක වෘත්තිය සමිතියක් වෙනුවට සෑම අංශයකටම දුෂිත වෘත්තිය සමිතිය බැගින් පිටුවාගෙන තිබේ. කෙසේ හෝ මේ වෘත්තිය සමිති රටට කරන විනාසය අති මහත්ය. වෘත්තිය සමිති වලින් බැටකන මහජනතාව පුන පුනා රජයට කියන්නේ ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලික කරන මෙන්ය. රජයට තිබෙන්නේ වෘත්තිය සමිති කියගනා අතලොස්සකගේ අවශ්‍යතාමත ක්‍රියා නොකර කොන්ද කෙලින් තබාගෙන රටේ මහජනත්ව එකහඬින් ඉල්ලසිටින්නේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවට කල ආකාරයටම දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලිකකරණය කිරීමය.
ඔබතුමාට ඔහොම තීරණයක් ගන්න අයිතියක් තියනවා. බැලූ බැල්මට හොද අදහසක්. නිර්භීත තීරණයක්. නමුත් සියල්ල සලකා බැලීමේදී මේකත් යන්නෙ ආණ්ඩුවෙ අසමත් ගිණුමට. ඊලග ඡන්දෙදි ජනතාව ඇගට නොදැනීම අනිත් පැත්තට කතිර ගහන්නෙ යටිහිතේ තියන මේ අමිහිරි අත්දැකීම් නිසා.
මංගල ඇමතිතුමා මේ තීරණයට මගේ ප්‍රණාමය පුද කරනවා. හැබැයි, මට බයයි ඔබතුමාට ඉහලින් ඉන්න අය ඔය තීරණය වෙනස් කරයිද කියලා.
මේ වගේ අයට රට කරන්න ඡන්දෙ දීම ගැන අප කණගාටු විය යුතුය. තැපැල් වර්ජනයද සති කීපයක් ඇදගෙන ගියා. අන්තිමට වැඩට ආපු නැති දවස් ටිකටත් ගෙවලා තිවුනා. මේකටත් ඉතින් ඕකම තමයි වෙන්නේ.
නිවැරදි තීරණයක්... ලංකාවේ කිසිම වර්ජනයක් තමන් කරන සේවාව ගුණාත්මකව ඉහළ දැමීම සඳහාවත්, ජනතාවට සේවය කිරීම සඳහාවත් කරන්නේ නැ. ඔවුන් සියල්ල වැටුප් ලබා ගන්නේ ජනතාව ගෙවන බදු මුදල් වලින් බව ඔවුන් සහ සියලු ජනතාවද තේරුම් ගත යුතුයි. ජනතාව පීඩාවට පත් කරන වර්ජනවලට එරෙහි වෙමු!
අහිංසක ජනතාවට යන්න එන්න තියෙන්න ඕනෑ.. ඔයාලට වගේ ලොකු වාහන නැහැ.. හොඳට කකා බිබී ඉඳියි.. මොකෙන් අඩුවක්ද? මහබැංකුව හොරා කන්න දීලා දැන් ලොකුකන් කතා කරනවා.. මුළු ජනතාවම අන්ත දුකේ...
ජේ ආර් වගේ පාලකයන් බිහි විය යුතුයි
සුවය පතා රෝහල් ගතවන අසරණ ලෙඩුන් ප්‍රාණ ඇපකාරයන් ලෙස තබා ගනිමින් එක් ත්‍රස්තවාදීන් කොටසක් මාධ්‍ය හමු පවත්වමින් ජනතාව ත්‍රාසයට භීතියට පත්කරයි. දේශපාලකයින්ට බැලමෙහෙවර කිරීම එකම සුදුසුකම ලෙස සලකා පත්වීම් ලැබූ දුම්රිය දෙපාර්තමේන්තුවේ සිටින අනිත් ත්‍රස්තවාදීන් කොටස මගී ජනතාව ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගනිමින් තර්ජන ගර්ජන කරමින් සිටියි. පක්ෂ දෙකම එකතුවී රට කරනවා කියනවා. අණපනත් සම්මත කරගන්න පුළුවන් බලයකුත් තියාගෙන රජය අසරණ වී බලා සිටියි.
කරුණාකර ගමනා ගමන, සෞඛ්‍ය, අධ්‍යාපන, විදුලිය සහ ජල සම්පාදන යන සේවා පහම අත්‍යවශ්‍ය සේවා බවට පත්කර මේ සියලු ආයතනවල අත්‍යාවශ්‍ය කාර්යයන් හා ප්‍රවාහන කටයුතු සඳහා යුධ හමුදා අනු කණ්ඩයක් පිහිටුවන්න. තවද යම් ආයතනයක වර්ජනයක් සිදු කරන්නේ නම් ඒ පුද්ගලයින් සේවා පරිශ්‍රයෙන් වහාම පැයක් ඇතුළත ඉවත් විය යුතුය. ඒ කල සීමාව තුළ හමුදාව මේ ආයතනට වාර්තා කර අත්‍යාවශ්‍ය කාර්යයන් හා ප්‍රවාහන කටයුතු බාරගත යුතුය සියලු යන්ත්‍ර හා ආයතන උපකරණ ඒ සඳහා වගකිව යුතු පුද්ගලයින් හා නිලධාරීන් හමුදාවට බැර කළ යුතුය. යම් යන්ත්‍ර හා ආයතන උපකරණයක් අකර්මණ්‍ය කර හෝ පරිපථ විසන්ධි කිරීම හෝ යන්ත්‍ර විදුලිය හා අනෙක් සියලු පද්ධති අකර්මණ්‍ය කර තිබුණොත් ඒ අදාල පුද්ගලයාට රුපියල් ලක්ෂ 5ක දඩයක් සමග වසර 10ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළ හැකි නීතිමය පියවරක් ස්ථාපනය කල යුතුය. ඔවුන්ට කිසිම ජනපති සමාවක් ලබා නොදිය යුතුය.
ඉතා හොඳ තීරණයක්. මේ වගේ අසාධාරණ වර්ජන කරන හැම කෙනාටම දඬුවම් කරන්න ඕනෑ. හැමදාම ලක්ෂ ගණන් අපෙන් පඩි ගන්න අය තමයි වර්ජන කරන්නේ.
පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ බදුසහන මෝටර්රථ බලපත්‍රය ලක්ෂ 200කට වෙළඳපලේ විකුණන බව ඔබ දන්නවද ? මෙම බලපත්‍රය භාවිතා කර ජපානයෙන් රුපියල් ලක්ෂ 130ක් වටිනා ටොයෝටා සහරා ලෑන්ඩ්කෘසර් වී8 රථය ගෙන්වා ලක්ෂ 400 කට ලංකාවේ විකුණන බව ඔබ දන්නවාද? මිනිසුනේ නින්දෙන් අවදිවෙයව්...
දොස්තර වර්ජනය සහ දුම්රිය වර්ජනය අතර වෙනසක් මම නම් දකිනවා. දොස්තරලා වර්ජනයට සතියකටවත් කලින් දැනුම් දෙනවා. හදිසි ප්‍රතිකාර, වකුගඩු ප්‍රතිකාර, ළමා රෝහල, පිළිකා රෝහල වගේ ආයතන කවදාවත් වැඩ වර්ජනය කරන්නේ නැහැ. දුම්රිය වර්ජනය එ්කේ තනිකරම අනිත් පැත්තයි. දුවන දුම්රිය මග නවත්තලා රියදුරු බැහැලා යනවා. මේ වර්ජනය වුණත් එදා මධ්‍යම රාත්‍රියේ ඉඳල කරන්න තිබුණා. මේක දුම්රිය සේවකයින්ගේ මනුස්සකම පිළිබඳ ප්‍රශ්නයක් මිස වෘත්තීය සමිති යාන්ත්‍රණය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මම පුද්ගලිකවම අත්දැකීම විඳපු මඟියෙක්. පාසල් නිවාඩුව නිසා දරුවන් කාර්යාලයට එක්කගෙන ආපු අම්මලා විඳපු දුක අපි දැක්කා. මේක වෘත්තීය අරගලයක නිවැරදි මග නෙමේ. ගැටලුව මොකක් වුණත් අරගලයක් කරන විදිහක් තියනවා.
මේ මිනිස්සු ඉල්ලන එකම දේ පඩි වැඩිකරන එක විතරමයි. වර්ජනයට ඉස්සර කතා කළත් ඉල්ලන්නේ එකම දේ.. මේ අයගේ ඔලුගෙඩි ටික හෝදන්න ඕනේ... තදින්ම ඉඳලා රස්සාවෙන් දොට්ට දාන්න ඕන... එහෙම කළානම් කවුරුවත් වර්ජනය කරන්නේ නැහැ.
වර්ජනය කියන්නේ අයිතියක්.. ඒ වගේම එ්කේ සීමාවල් තියෙනවා. මොනවා වුණත් මේ මිනිස්සු ජීවිත දහස් ගණනක් යකට ගොඩක් ඇදගෙන යන්නේ ඉතාම ගැටලුකාරී තත්වයක.. හරියට සිග්නල් නැහැ. පාලම් අවුරුදු 100ට වැඩියි. රේල් පීලි හොඳ තත්වයේ නැහැ. සමහර එන්ජින් වල තිරිංග පද්ධතිය ක්‍රියා කරන්නේ නැහැ. නියම විදියට පඩි වැඩිපුර ඉල්ලීම සාධාරණයි. ඔවුන්ගේ සේවය උපාධිදාරියෙකුටවත් කරන්න බැහැ. අනෙක දුම්රිය ධාවන රියදුරෙක් අාවට ගියාට පුහුණු කරන්න බැහැ. අවුරුදු ගණනාවක් යනවා. වැඩිපුර රියදුරන් පුහුණුවට බඳවාගත යුතුයි. රජය පැත්තෙනුත් නම්‍යශීලී භාවයක් පෙන්විය යුතුයි. අනෙක ලෝකේ කිසිම දුම්රිය සේවයක් ලාභ ලබන්නේ නැහැ. උපරිම වුනොත් පාඩුව පියවාගෙන දුවනවා ඉන්දියාව වගේ රටවල්වල... මේ හදන්නේ වර්ජනේ පිටින් දාලා දුම්රිය ජනතාවට එපා කරලා එ්කත් පුද්ගලීකකරණය කිරීමක්ද? අනෙක පුද්ගලික කළාට හොඳ සේවයක් ලැබෙන්නේ නැහැ. කෙසේ වෙතත් මේවායේ නිකම් ඉඳන් පඩි ගන්න ගොඩක් ඉන්නවා. රියදුරන් අාදායම ගේන්නේ ලංගම තත්වයට සමාන තත්වයක් මෙහි තිබෙන්නේ... අනවශ්‍ය සේවකයින් ඉවත් කර රියදුරන්ගේ පඩි වැඩිකිරීම හොඳයි. වැටුප් සංසන්දනය කිරීම ඉතා නරක දෙයක්...
කුරුඳු පොලු ටික අතට ගත්තා නම් වැඩේ නිකන්ම ගොඩ...
තව ප්‍රවෘත්තියක් දැක්කා, හමුදාවෙ 100ක් දුම්රිය රියදුරන් හැටියට ඉන්දියාවෙ පුහුණු වෙනවා කියලා. ඒක ඇත්තක් නම් ඔන්න නියම වැඩ.
ස්ට්‍රයික් දවස්වලට පඩි නොගෙවන්න පනතක් ගේන්න, මොකද ආදායමක් නැහැනෙ. නැත්නම් ඒකත් අපේ බදු වලින්ම තමයි ගෙවන්න වෙන්නෙ.
ඔය වර්ජනය දිගටම කරගෙන යනකොට දුම්රිය සේවකයින් නිකංම වැඩට එයි. එයාලගෙ පැය 18 අතිකාල නොමැත ණය වාරික ගෙවීම පැහැර හැරෙන නිසා. ඔවුන් වැඩ කරන්නේ පැය 18 ක් අතිකාල හා පැය 6ක සේවා කාලයක් සහිතව පැය 24 දිනයකි. මාසෙ දින 30ම මෙහෙම වැඩ. ඇදුම් මාරු කිරීමටවත් වෙලාවක් නැතුව ඇති නේද.
එහෙම තමයි ඉන්න ඕනේ පෙට්රෝලියම් එකයි, තැපෑලයි හොඳට කෑවනේ දැන්... එජාපයත් එන්නම ඕනේ මේ අයට හැදෙන්න. දැන් ඉස්සර වගේ කරන්න බැහැ. ඕනතරම් විකල්ප තියෙනවා... මේකෙන් වෙන්නේ අහිංසක වැඩකරන අය අමාරුවේ වැටෙන එකයි.
මේ වර්ජනය තනිකරම පොල්ලෙලි මාෆියාවේ ක්‍රියාවක්. කෙලින් තීරණ ගෙන හමුදාව යොදවලා තත්වය පාලනය කරන්න. ජනතාව ඉන්නේ කරකියාගත හැකි දෙයක් නොමැතිවයි. ජේ ආර් වගේ ඍජු පාලනයක් දැන් ඕනෑ.
සංගමයේ ලොක්කා බැසිල්ගේ ගජයෙක් බවත් වෙල්ගම උන්නැහේගේ ඥාති පුත්‍රයෙක් බවත් දැන් කවුරුත් දන්නවනේ, මාධ්‍ය හෙළිදරවු වලින්! ඔන්න ඉස්ට්‍රයික් එක පටන් ගන්න හැටි! ඒ හැරත් පෙර දැනුම් දීමක් නොමැතිව ප්‍රවාහන වගේ සේවයකට ස්ට්‍රයික් කරන්න කිසිම අයිතියක් නැහැ. රේල්වේ මගී සංගම් එකතුවෙලා මේ අසාධාරණ ම්ලේච්ඡ දහදුරා වෘත්තීය සංගමයට එරෙහිව නඩු පැවරීම සුදුසුයි. සංගමයේ ලොක්කා සේවයෙන් නෙරපා දමා ඔහුට එරෙහිව නීතියෙන් කටයුතු කිරීම සුදුසුයි. ඔවුන්ගේ වැටුප් වැඩි කරන්න එපා සතයක් වත්... මාසෙකට පැය 500ට වැඩිය ඕවර් ටයිම් කරන එවුනුත් ඔය අතරේ ඉන්නවා කියලා මාධ්‍ය මගින් සාධක ඇතුව පලකරලා තියනවා. මෙය ඔඩිට් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයට හසුවිය යුතුයි... මහජනතාවට බල්ලන්ට වගේ සලකපු මේ වෘත්තීය සංගමය මහජන වැටුප්වලින් අසාධාරණ වැටුප් ලබන රැලක්!
ඔය අයට අතපය කැඩෙන්න ගහන්න ඕනේ.. එතකොටවත් ඕවා නවතීවි..