බිඟුන් මේනක ගමගේ සහ ශිරාන් රණසිංහ
හදිසියේ ආරම්භ කළ දුම්රිය වර්ජනය නිසා මගීන් දැඩි අපහසුතාවට පත්වීමෙන් කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් කාරී තත්ත්වයක් ඇති වේ තිබේ.
දුම්රිය නොමැතිවීමට විරෝධය පළ කරමින් දුම්රිය මගීහු කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට මාර්ගය අවහිර කරගෙන විරෝධතාවක් ද ඇරැඹූහ.
කොටුව දුම්රිය නැවතුම්පොළේ සිටි දුම්රිය දෙපාර්තමේන්තු සේවකයකු මගීන්ගේ පහරකෑමට ලක්වූ බව පොලිසිය කියයි.මේ වන විට කොටුව දුම්රිය ස්ථානය අසලට ජන විදින රථ සහ පොලිස් කැරළි මර්දන ඒකකයේ නිලධාරීහු ද පැමිණ සිටිති.
කිසිම දුම්රියක් ධාවනය නොවීම නිසා මගීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති.දුම්රිය මගීන්ට දුම්රිය ස්ථානයෙන් පිටතට යන ලෙස පොලිසිය දැනුම් දුන්නත් මගීහු පිටතට නොපැමිණියහ.දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට මාර්ගය මගීන්ගෙන් පිරීගොස් ඇති අතර වාහන ගමනාගමනාගමනය ද අඩාල වී තිබේ.
නොසන්සුසන් වූ මගීන් පිරිසක් කොටුව දුම්රිය ස්ථානයේ දේපොළවලට ද අලාභ හානි කර තිබේ.
ප.ව 7.30 - කොළඹ කොටුව ප්‍රදේශයට අධික වර්ශාවක් ඇද හැලෙන්නට විය.
ප.ව 7.40 - කැමරාකරුවන්ට සහ ඡායාරූප මාධ්‍යවේදීන්ට පිටතට යන ලෙස මගීහු දැනුම් දෙති.
ප.ව 7.45 - කලහකාරී වූ මගීහු පිරිසක් කොටුව දුම්රිය ස්ථානයේ පාලක මැදිරියට පහර දෙති.
ප.ව 7.55 - පොලිස් විශේෂ කාර්ය බළකාය දුම්රිය ස්ථානයට ඇතුළු වෙයි.
ප.ව 8.05 - සංසුන්වන්නැයි යුද හමුදාව නිවේදනයක් කරමින් දුම්රිය මගීන්ගෙන් ඉල්ලයි.
ප.ව 8.06 - පැයක් ඇතුළත දුම්රිය කිහිපයක් ධාවනය කර වීමට නියමිත බැවින් සංස්න්ව සිටින්නැයි යුද හමුදාව කොටුව දුම්රිය ස්ථානයේ නිවේදනයක් කරමින් මගීන්ගෙන් ඉල්ලා සිටියි.
ප.ව 8.08 - සේවයට වාර්තා කරන්නැයි විශ්‍රාමික දුම්රිය රියදුරන්ගෙන් ඉල්ලීමක්.
ප.ව 8.15 - දුම්රිය වර්ජනය අවසන් වන තෙක් ලංගම රියදුරන්ගේ නිවාඩු අවලංගු කරයි.
ප.ව 8.23 - මහනුවර බලා යන දුම්රියක් තව නොබෝ වේලාවකින් කොටුව දුම්රිය ස්ථානයේ හතර වැනි වේදිකාවට පැමිණෙන බව නිවේදනය කරයි.
ප.ව 8.34 - දුම්රිය වර්ජනය අවසන් වන තෙක් ඕනෑම මාර්ගයක ධාවනය කිරීමට පෞද්ගලික බස්රථවලට අවසර.
ප.ව 9.10 - මහව දක්වා ගමන් ගන්නා සහ සියලුම දුම්රිය ස්ථානවල නවත්වන දුම්රියක් හත් වැනි වේදිකාවට පැමිණෙන බව නිවේදනය කරයි.
ප.ව 9.15 - යුද හමුදා බස් රථ 26ක් මගී ප්‍රවාහනයට යොදවන බව ලංගම සභාපති කියයි.
ප.ව 9.20 - තවම කිසිම දුම්රියක් ධාවනය නොවීය. මගීහු දුම්රියක් ධාවනය වන තෙක් බලා සිටිති.
ඡායාරූප චතුර එස් කොඩිකාර











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත .... උදේ වැඩට ආව මිනිස්සු දෙවියනේ කියලා වැඩ ඇරිලා ගෙවල් වලට යන්න එද්දී ස්ට්‍රුයික්. ඇත්ත මිනිස්සුන්ට කේන්ති යන එක. ඔය මිනිස්සු ගෙවල් වලට ගිහින් මොන හරි උයා ගන්න ඕන. දරුවන්ට පොතක් පතක් කියලා දීලා කොච්චර වැඩක් කරලා ආපහු හෙට උදේට වැඩට අන්න ඕන.
මේ දවසේ වැඩ නිමකර නිවෙස් බලා යන්නට හදන මිනිසුන්. මේ මිනිසුන්ට ජල ප්‍රහාර එල්ල කර ඒ අයට යන්නට කියන්නේ කොහෙටද? අද රටේ පවතින වැඩ වර්ජන බොහොමයකට මුල දුර්වල දේශපාලන නායකත්වයයි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ පාඩුව පියවීමට ගහන බදු ගෙවන්නෙත් අපි. මේ අයගේ වර්ජනවලින් දුක්විඳින්නේත් අපි, මොන මගුලක්ද මේක! මේක කාටහරි විකුණලා අපේ බදු බර අඩුකරලා හරි ප්‍රවාහන සේවයක් ලබාදෙන්න!
හොඳ ආරම්භයක්. මීලගට සලකන්න ඕනේ රෝහල් වර්ජකයින්ටයි.
මේක තමයි ජනතා බලය. අපේ සල්ලි වලින් පඩි අරන් අපිවම අපහසුතාවයට පත් කරන සියලුම වර්ජකයින්ට පන්න පන්නා පහර දිය යුතුයි. ලංකාවේ මිනිස්සුන්ට නැගිටින්න වෙලාව ඇවිල්ලා...
කඩාකප්පල්කාරී මාෆියා සංගම් කාරයෝ කීපදෙනෙක් තමයි මේ වැඩේ කරන්නේ. මොවුන්ව ගෙදර යවන්න ප්‍රමාද වීමේ ප්‍රතිපලය තමයි මේ... අයිතිවාසිකම් දිනා ගන්නවාට වඩා, මොවුන්ට තිබෙන්නේ සමාජය කෙරෙහි ඇති බද්ධ වෛරය. පිටින් ඉඳගෙන මේවා මෙහෙයවන අය නම් විශාල සතුටක් විඳිනවා ඇති?
කරුණාකර දැන්වත් හමුදා සාමාජිකයන්ට දුම්රිය පැදවීමේ පුහුණුවක් දෙන්න..
ආණ්ඩුව විකුණන්න ඕනෙ ඒවා නෙමේ විකුණන්නේ... පුළුවන් තරම් ඉක්මනට පුද්ගලීකරණය කරන්න..
වර්ජන අපේ රටේ ධනයත්, කාලයත් වෙනස්කර දමයි.
ඔය බඩතඩි කෙනාව ඇමැති කමෙන් දැන්වත් අයින් කරලා දාන්නකෝ...
වෘත්තීය සමිති හිතන්නේ තමන්ගේ ආදායමේ ගැටළු විතරයි. තමන් වෘත්තියට කලයුතු සාධාරණය අමතක කරනවා. මොවුන්ට දැඩි දඬුවම් දෙන්න ඕනේ. නැත්නම් ජනතාව නීතිය අතට ගනියි. ජේ ආර් ගේ කාලේ මෙහෙම කරානම් කොහොම තියෙයිද? ඒ වගේම ප්‍රේමදාස යුගයේ. ලංකාව මිනිසුන්ට ප්‍රජාතන්ත්‍රවාදය තේරෙන්නේ නැහැ. ඒ මිනිස්සුන්ට තේරෙන්නේ මර්ධනයෙන් දක්වන ප්‍රතිචාර විතරයි. බලය තියන අයගේ යුතුකම රට වැසියාව රැකබලා ගැනීම. වෘත්තීය සමිති හෝ පරාජිත දේශපාලකයින් රැකගැනීම නොවේ. පරාජිත දේශපාලකයින් තමයි මේවා පසුපස ඉන්නේ. නීතිය හා සාමය පිළිබඳ දැනීමක් තියන අත්දැකීම් තියන කෙලින් වැඩ කරන සුදුසු අය ඉන්දැද්දී නුසුදුසු අයට අදාළ අමාත්‍යාංශ දුන්නාමත් මේවා සිදුවෙනවා. එ්ක හරියට ක්‍රිකට් ටීම් එකට මුරලිව අරගෙන එයාට පන්දු යවන්න දෙන්නේ නෑ වගේ.
ඔය රට අතහැරලා මම පිටරට ආවේ කෝච්චි, බස් එපා වෙලා. අතේ ගානට සල්ලි තියාගෙන ගිහින්. හවස එන්න විදියක් නැතිව අසරණ වෙලා තියෙනවා. අනේක වාරයක් පැය ගානක් වොෂ් රූම් එකකට යන්නේ නැතුව තදකරන් දුම්රියේ හිටන් හිඳලා කලන්තේ දාලා වැටුණා. දැනට අවුරුදු 11ට කලින්. අපි අද ජීවත් වෙන රටේ ඔහොම කාලකන්නි නෑ. හැමදේම වෙලාවට වෙනවා. අපි දැන් බොරුවට දුක් විඳින්නේ නෑ. ඔය රට කවදාවත් ගොඩ යන්නේ නෑ.
පාලක මැදිරිය කුඩු කරන්න. එහෙම කරලා ඇඬෙනකම් බස් එකේ යමු.
මට පේන්නේ ආණ්ඩුව වෘත්තීය සමිති කාරයින්ට හොඳ පාඩමක් උගන්නන්න යන්නේ.... 2020දී ගෝඨාට ලේසියෙන්ම දිනන්න දීලා...
රටක එක්තරා පිරිසක් මේ විදිහට දේශපාලුවන්ගෙන් තම ඉල්ලීම් දිනාගන්න කියලා තමන්ගේ පන්තියේම තවත් පිරිසක් අපහසුතාවට පත් කිරීම තරම් නිවටකමක් තවත් නැත. අද මේ රටේ පවුල් සංස්ථාව දරුණු ආර්ථික සාගතයකට මුහුණ දෙමින් ඇති බව සත්‍යයකි එසේනම් කලයුත්තේ සියලුම දෙනා එක්ව දේශපාලුවන්ගෙන් මේ පොදු පීඩන ප්‍රවාහයට විසදුමක් සෙවීමය. එනමුත් මෙවැනි හුදෙකලා සටන් වල ඇති නීරස සහ දුෂ්ඨ ප්‍රතිපදාව එක් එක් ආයතනවල සිටින ආත්මාර්ථකාමී පුද්ගලයින්ගේ තනි තීරණ බව පෙන්වයි. සමස්ත ක්‍රමයම අවුල් වූ මෙවැනි කාලයක නැණවත් අය මේ රටේ දේශපාලුවන්ගේ දේශපාලන භාවිතය කෙසේදැයි වටහා ගනිත්වා...!!!
දවස පුරා වැඩ කරලා ගෙදර යන්නට විදියක් නැතිව මහා පාරේ රස්තියාදු වෙනවා. ජනතාවට අත්‍යවශ්‍ය සේවා කඩාවැටීමට හැර මහජනයා පත්කළ රජය උඩ බලාගෙන සිටී. මා සිතන්නේ නිදහසින් පසු රටේ පත් වූ දුර්වලතම රජය මෙය බවයි.
පාලක මැදිරියට ගහලා වැඩක් නැහැ. වැඩ වරපු හැමෝටම ගෙවල් වලට ගිහිල්ලා ගහන්න.
ලංකාවේ සිටින සියලුම දුම්රිය මගීන්ට කර්යය අපහසු උවත් සතියක් දුම්රියෙන් ගමන් කිරීම නවතා බස් මගින් සේවයට යන්න. නොමිලයේ සතියක් බස් සේවාව ලබාදීමට රජය කටයුතු කරන්න දුම්රිය දෙපාර්ත මෙන්තුවේ සහ දොස්තර මාෆියාව දිනපතා මහජනතාව අපහසු තාවයට පත් කරමින් කරන ගොන් පාර්ට් වලට නීතිය ක්‍රියා කල යුතුය
ආපහු වැඩට ආවම ගුටි දෙමු .
මේ රත්වීම තමයි වර්ජකයෝ බලාපොරොත්තු උනේ. වර්ජකයින්ගේ ඉල්ලීම් දිනාගන්න මේක හොඳ තල්ලුවක්.
වර්ජනයක් ඇතිවෙන්න පෙර ප්‍රශ්න විසදන්න බැරි ආණ්ඩුව ගෙදර යනු. දුම්රිය වර්ජන , සෞක්‍ය වර්ජන . ජනපති , අගමැති ,ඇමතිලා බුදිද ? වැඩ බැරිනම් ආණ්ඩුව විසුරවල ගෙදර යනු . බදු ගෙවන්නෙත් ජනතාව. පීඩා විදින්නෙත් සාමාන්‍ය ජනතාව. ඉවසුවා ඇති ......
රට කුපිත කරවලා සාටක පවුල බලනවා බලය අතට ගන්න. නමුත් ඔවුන් දැන් දේශපාලන සුනාමියට අසුවුණු අනාථයෝ. යන එන මං නැහැ.
වර්ජන කරන විට එය කල් වෙලා ඇතුව දැනුම් දිය යුතුයි. නැති නම් මහජනතාව කරදරයට පත් වෙනවා. මෙවැනි දැනුම් දීමකින් තොර හදිසි වර්ජන කරන අයට විරුද්ධව නීතියෙන් කට යුතු කිරීමට නීති සම්මත කල යුතුයි. මේ අයගේ ඉල්ලීම දීමෙන් පමණක් මෙවැනි ප්‍රශ්න විසදන්න බැහැ.
ද සිල්වා බොහොම හරි.... යුද හමුදාව මගින් දුම්රිය ධාවනය කිරීමට පියවර ගන්න... බස් වර්ජනයේදීත් හමුදාව මගින් ධාවනය කලයුතුය. නුගත් අමනයෝ නිසා මහජනයාට හිරිහැර වෙමින් රට ආපස්සට යනවා.
බලන්න මේ මාර්ග තදබදය , මේ මිනිස්සුන්ගේ මූණුවල තියන දුක ? මේ වගේ පාලකයෝ ඉන්න රටක් තව තියනවද.? උන්ට වාහන පර්මිට් මිනිස්සු පාරේ . බස් කොන්දොස්තරලටයි, දොස්තරලටයි දුම්රිය කාරයෝන්ටයි , පෙරටුගාමින්ටයි ඕන ව්දියට තමයි රට යන්නේ.
බඩ පිම්බුණු දේශපාලකයෝ නිසා රට වැනසෙනවා. සාකච්ඡා කරලා ප්‍රශ්න විසදා ගන්න බැරි රජයේ සේවකයෝ සහ ආණ්ඩුව මොකද්ද මය කරන්නේ. පොදුවේ සියලුම රජයේ සේවකයන්ට පඩි වැඩි කරලා ඇමතිවරුන්ගේ පඩි අඩු කරලා තීරු බදු වාහන ඇමතිලට දෙන එක නවත්වල කතා කර විසදගන්න පුළුවන් මිනිසුන් බිහිකරන්න.මිනිසුන් විසින් පත්කරපු දේශපාලකයෝ මිනිසුන් වෙනුවෙන් හිතන්න පුරුදුවෙන්න,සාමාන්‍ය මිනිසුන්ට වැඩ දුන්න ඇති දෙගොල්ලම. මේවා රටේ මිනිසුන්ගේ ප්‍රශ්න නෙවේ.එම නිසා මේවා නිසා මිනිසුන්ව ප්‍රකෝපකාරී කරන්න එපා.කවුරු හරි කොන්ද පන තියෙන කෙනෙක් ඉදිරිපත්වෙලා මේවට පොඩි හරි විසදුමක් දෙන්න.රට විනාස කරන්න එපා.රටේ සම්පත් විනාස කරන්න එපා. මෙය අපි ඉපදුනු රට.අපේම ලස්සන රට
දුම්රිය රියදුරෙකෙගේ වැටුප අසන්නවශයෙන් ලක්ෂ 3ක් වෙනවා, ඔය දුම්රියෙන් උදේ හවා වැඩට යන කෙනෙක් එච්චර වැටුප් ලබන්නේ නැහැ. ඇති යන්තම් අසාධාරණයට විරුද්දව ඔහොමවත් මගීන් නැගී සිටියා.
දුම්රිය සේවකයන්ට විරුද්දව දාල තියන අදහස් වලට වැටිලා තියන ඩිස්ලයික් ගණන දැක්කම තේරෙන්නේ දුම්රිය සේවකයෝ පත්තර බල බල ඉන්න බවයි.
ලංකාවේ සේවකයෝත් අර මෑතකදී ජපානයේ බස් සේවකයින් වැඩ වර්ජනය කල වගේ මගීන්ට කරදර නොවෙන විදිහට වර්ජනය කලයුතුයි. ජපානයේ බස් සේවකයින් කලේ මගීන්ගෙන් බස් ගාස්තු අය නොකර මගින් ගෙණයාමයි. එකෙන් මගීන්ට කිසි අපහසුතාවයක් දැනුනේ නැහැ. මෙහෙත් කල යුත්තේ එවැනි ක්‍රියා මාර්ග.
ආණ්ඩුව ප්‍රශ්න විසදන්නේ නෑ. එහෙම විසදනවා නම් මෙහෙම වෙන්නේ නෑ. සේවකයන්ට බැනලා වැඩක් නෑ. විසදුම් නොදි ජනතා අප්‍රසාදය ඇති කරලා එ් අය ලවා දුම්රිය සේවකයන්ට ගස්සලා ප්‍රශ්න විසදන්න බැ. ජනතාව හැටියට අපි නම් ඒක තේරුම් අරගෙන ඉන්නේ. මම ජනතාවගෙන් ඉල්ලන්නේ අවබෝධයෙන් වැඩ කරන්න. වැරදුන තැනදි ආණ්ඩු අපිව රකින්නේ නෑ
මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕන කොන්ද පණ නැති නායකයෙක් ඉන්න නිසා තමා මේ ඔක්කොම....
දුම්රිය දෙපාර්තමේන්තුව විසුරුවා හරින්න. මෙය පෞද්ගලික ආයතනයකට වසර 20 කට බදු දෙන්න. ඉන්දියවටනම් නෙමේ. කොන්දේසි සහිතව බාරදෙන්න ඕන. සියලු දුම්රිය ස්ථාන නවීකරණය, දුම්රිය මාර්ග ආරක්ෂාව සහ වැට ඉදිකිරීම, මැනුවල් ක්‍රම අයින් කරලා නවීන ක්‍රම එකතුකරගන්න වගේ දේවල් එක්ක කරන්න පුළුවන් අයට දෙන්න. පෞද්ගලික කරන එකට විරුද්ධවෙන අයව සේවයෙන් අයින් කරලා, කඩාකප්පල් වැඩ කරනවානම් දිවි ඇතිතෙක් හිරේ දාන්න.
හොද ආරම්භයක්, මේවගේ වර්ජකයන්ට එරෙහි වෙන්න දැන්වත් ගත්ත ආරම්භය හොදයි. උසස් පෙළ විභාගය තිබියදී මෙසේ අද උදෙත් වර්ජනය කිරීම හරිම කාලකන්නි ක්‍රියාවක්. වර්ජකයන්ගේ සංගමයේ උසස් නිලතල හොබවන අයගේ ගෙවල් වලට සංග්‍රහ කිරීම අරබන්නේ නම් මේවගේ ක්‍රියාවන් නැවැත්වීමට කළහැකි එකම දේ එය වන්නේ ය. වෙනත් රටවල් සේවකයන් වර්ජනය කරන්නේ දුම්රිය ධාවනය වන අතර මගීන් ගෙන් මුදල් අය කරන්නේ නැත . ආණ්ඩුවට වෙන පාඩුව නිසා එය නැවැත්වීමට පියවර ගනී .නමුත් මෙහෙ පළිගන්නේ සාමාන්‍ය ජනතාවගෙනි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇති බොහෝ සංගම් වල ප්‍රධාන තනතුරු හොබවන අය එක් එක් දේශපාලකයන්ගේ පත්වීම් ලැබූ අය. එකම සුදුසුකම අදාල දේශපාලකයා බලයට ගෙන්න ඕනෑම අපරාදයක් කරන්න පුළුවන් අය. මානුෂික ගති පැවතුම් තොර දේශපාලකයා මෙන් මුදල් පසු පස දුවන කොටසකි. කොච්චර වරප්‍රසාද දුන්නත් මදි.
අසාධාරන වර්ජකයින්ට පහර දිය යුතුමයි.
ඊළඟ අදියර ඇමතිලට ගහන්න පටන් ගන්න ඉස්පිරිතාලේ මාස ගානක් බෙහෙත් ගන්න. ඇමතිලට කඩේ යන ඇම්බැට්ටයන්ටයි, ගොන් තර්ක දාන මි හරක් කුලයේ කට්ටියටයි සලකන්නත් අමතක කරන්න එපා. රට නිකන්ම හැදෙයි එතකොට.
කොන්දක් නැති ආණ්ඩුවකින් කිසිම වැඩක් සිද්ධ නොවෙනකොට මිනිස්සු නීතිය අතට අරන්. නීතියක් තියෙනවා නේද මෙහෙම හදිසි වර්ජන කරන්න තහනම් කියලා, කෝ පාලකයෝ නිදිද? මේ වගේ රුකඩයෝ පිරිසක් කවදාවත් මේ රටේ ඉන්න නැතුව ඇති. මහජනයාගේ පැත්තෙන්වත් රට පැත්තෙන්වත් හිතන්න බැරි පතෝල පාලක පිරිසක්. අපේ අවාසනාව!
ලංකාවේ කිසිම රාජ්‍ය සේවයේ වෘතීය සමිතියක් තමන්ට දැනුම දියුණු කරගන්න අවස්ථාවක් දෙන්න, කාර්යක්ෂම සේවයක් සැපයීමට පහසුකම් දෙන්න , ජනතාවට අවශ්‍ය පහසුකම් දෙන්න උදව්කරන්න කියල කිසිදාක වර්ජනයක් කරලා නැහැ. පඩි වැඩිකරනු, නිවාඩු දෙනු , උසස්වීම් දෙනු , අරක මේක තමන්ටම දෙනු කියලා විතරයි උත්ඝෝසන කලේ. ඒ කියන්නේ මොවුන්ට ජනතා සේවයට අවශ්‍ය ආකල්ප නැත. කලයුත්තේ රජ්‍යසේවයට ලාංකිකයන් බඳවාගැනීම නවත්වා ඉන්දියාවෙන් , චීනයෙන් බැරිනම් උගන්ඩාවෙන් හරි ලංකාවේ ඡන්ද බලයක් නැති මිනිසුන්ව බඳවාගන්න ඕන, එවිට ඔවුන් දේශපාලන අතකොලු බවට පත්වෙලා උත්ඝෝසන කරන එකක් නැහැ.
මේ වර්ජනය පඩි වැඩි කර ගැනීමටම නොවේ. වැටුප් තලය ඉහල දමා ගැනීමට එවිට රජයේ බදු සහන වාහන බලපත්‍රය හිමිවෙනවා. ඒක තමා ඇත්ත. කැබිනට් පත්‍රිකාව ඉවත දැමු විගස වර්ජනය කලා.
මේ හැමදෙයක්ම සැලසුම් කරන කඩාකප්පල් වැඩ. කරපු මගඩි වහගන්න දවස ගානේ කරන උප්පරවැට්ටි . ඒ අය රට සුරා කාපුවා වහන්න ඉක්මනට ආණ්ඩු බලය ගන්න කරන මෙහෙයුමක් මේක. මේවට උදව් දෙන දොස්තරලාගේ පුද්ගලික කඩ ටික වහල දැම්මානම් හරි. මේ කට්ටිය ලෝකෙටම පිළිකාවක් වෙනවා .
ඔතන බාගයක්ම වගේ ඉන්නේ දුම්රියේ හොරෙන් යන සෙට් එක වෙන්න ඕනේ , අපි නම් ගමනක් යන්න ගියහම දුම්රිය නැත්නම් බස් එකේ යනවා , එක දවසක් දුම්රිය නැහැ කියල ඔත්නටම වෙලා නිදා ගන්නේ නැහැ
උදේ පොරොන්දු උන එක සවස මංගල ප්‍රතික්ෂේප කරනවා. වමේ ව්‍යාපාර, රතු මල්ලිලා සහ ආණ්ඩුව ජනතාව ඇපේට තියාගෙන රංගනයක් කරනවා. මේ සෙල්ලම අර 83 ජාතිවාදය වගේ වෙන අතකට ගිහින් පුපුරලා යන්න බැරි නෑ. ඉවසීමේ සීමාවක් තියනවා වගේම ඕවගෙන් දේශපාලන ප්‍රයෝජන ගන්න බලන් ඉන්න අයත් ඉන්නවා.
ඊළඟට එළව එළවා පහර දෙන්ඩ ඕනේ දොස්තර සංගමයට.
කොටි ත්‍රස්තවාදීන් බෝම්බ පුපුරවා මහජනයා ඝාතනය කලා පිඩාවට පත්කලා, උංට සාමයෙන් කොච්චර කිවත් තේරුනේ නැහැ උණ්ඩයෙන් දෙනකන්. මේවගේ ජන ජීවිතය අඩාල කරන පිඩාවට පත්කරන වෘතීය සමිතිද ත්‍රස්තවාදින්ය, මොවුන්ටද වචන වලින් කීවට පලක් නැත අත පය පොලු මුගුරු වලින් කිවයුතු වේ. මෙම අරගලයට කොන්ද පන තිබුණු දුම්රිය මගීන්ට ප්‍රණාමය. අසාධාරණයට විරුද්ද මෙම රැල්ල අද සිට රට පුරා අරඹමු.
පක්ෂ පාට පැත්තකට දමලා අවංකවම කතාකරනවා නම් ජයවර්ධන , ප්‍රේමදාස , රාජපක්ෂ යන ජනාධිපතිවරු රට පාලනයකරන කාලේ රජයේ සේවකයෝ මේ වගේ පිස්සු නැටුවේ නැත. ඔවුන් දන්නවා රිටන් එක හම්බවෙන බව නමුත් දැන් ඔවුන් ඕනෑ එකටත් එපා එකටත් හිතු හිතු වෙලාවට වර්ජන කරන්න පටන් අරගෙන උදාහරණ - සින්ගපුරු වෙළද ගිවිසුමට එරෙහිව වර්ජන කරන්න දොස්තරලා සැරසෙති , දුම්රිය රියදුරකුගේ වැටුප රුපියල් ලක්ෂෙකට වැඩිය , පෞද්ගලික අංශයේ රජයේ අවම වැටුප රුපියල් 13500 කි. පතෝල නායකයෝ දෙන්නට රට පාලනය කරන්න බැරිනම් ගෙදර යන්න. ජනතාව නිතිය අතට අරන් වර්ජකයන්ට පහරදෙන දවස එළබී ඇත.
මට නම් naushige, කතාවට හිනා ගියා හොඳටම. අපි ඔක්කොම එකතු වෙලා දොස්තරලට ගහල ඒ මිනිස්සුන්ට ඉස්පිරිතාලෙ පැත්තෙ එන්න නොදී හිටියම ඔයාද ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්නෙ. ඊට පස්සෙ පෞද්ගලික ඉස්පිරිතාල වල ඉන්න දොස්තරලටත් ගහල එන්න නොදී හිටියම ඒවගේ ඉන්න ලෙඩ්ඩුන්ටත් ඔයාද බෙහෙත් කරන්නෙ. පෞද්ගලික ඉස්පිරිතාල වල ඉන්න දොස්තරල සතියක් වැඩ නැවත්තුවොත් රජයේ රෝහල් වලට එන ලෙඩ්ඩුන්ට කලින් දවසෙ ඇවිල්ල තමයි පෝලිමේ ඉන්න වෙන්නෙ.
මේවට ආණ්ඩුවත් වග කියන්න ඕන .කෝටී ගණන් ගෙවලා ( මන්ත්‍රීන්ට ) සැප වාහන ගේනවා. කම්කරුවෝ පොඩ්ඩක් පඩි වැඩි කරන්න ඉල්ලුවාහම පාට් දානවා.
මුළු රටම අරාජික වෙලා, රටේ කිසිම තැනක පාලනයක් නැහැ අපි හැමෝගෙම කරුමෙට පත්වෙච්ච ආණ්ඩුව මේ රට නැත්තටම නැතිකරනවා. දෙන්නගෙන් කාටවත් රට පාලනය කරන්න කෙලින් තීරණයක් ගන්න බැහැ. දෙන්නම කොහෙද යන්නේ මල්ලේ පොල්. කට විතරමයි වැඩ ඇත්තෙම නැහැ.
අපි උපාධිධාරී, උගත්, බුද්ධිමත්, නිවැරදි තීරණ ගැනීමට හැකි ඇමතිවරුන්, අගමැතිවරුන් සහ ජනාධිපතිවරුන් පත් කර ගමු. එතකොට මේ ප්‍රශ්න මුකුත් නැහැ.