(රංජන් කස්තුරි)
එස් ඇඹිලිපිටිය බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඇතිකර ගෙන තිබෙන ගිවිසුම පනතට පටහැනි එකක් වන අතර එමගින් මණ්ඩලයට විශාල මූල්‍යමය පාඩුවක් සිදුව ඇතැයි අද (7) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ අනාවරණය වී තිබේ.
එස් ඇඹිලිපිටිය බලාගාරය වෙනුවෙන් ඉතුත් වසර දහයක කාලය තුළ රුපියල් කෝටි 300ක මුදලක් ලංකා විදුලි බල මණ්ඩලය ගෙවා තිබෙන අතර ඉදිරි වසර තුන සඳහා තවත් රුපියල් කෝටි 540ක් ගෙවීමට එකඟ වී ඇතැයිද අනාවරණය වී තිබෙන බව කෝප් කමිටු ආරංචි මාර්ග සඳහන් කරයි.
එස් ඇඹිලිපිටිය බලාගාරයේ වසර දහයක ගිවිසුම් කාලය අවසන් වූ පසුව එම බලාගාරය රුපියල් මිලියන 2300කට ලංවීමට මිලදී ගැනීමට තිබුණද එසේ නොකර ගිවිසුම දීර්ග කර වසර තුනකදී විදුලිය මිලදී ගැනීමට රුලියල් මිලියන 2736 ක් ගෙවීමට ලංවීම කටයුතු කර ඇති බවද කෝප් කමිටුවේදී සාකච්ඡාවක බදුන් වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය අවුරුදු 10 කියන්නෙ, හිටපු එක්කෙනාගෙ තවත් ගැහිල්ලක්ද ?
දැන් ඔය බලාගාරය ලංවිමට සල්ලි දීලා ගත්තා නම් කොච්චර වියදමක් වෙන්න තිබ්බද? ඒ කියන්නේ ඔය වියදම් කරපු ගාණට අඩුවෙන් විදුලිය ගන්න තිබ්බද? ඒකයි ප්‍රශ්නය. මොකද ලංවිම මේ බලාගාරය ගන්නවා නම් ඒක නඩත්තු කරන්න වෙන්නෙත් ලංවිමටම තමයි.
බොහෝ රජයේ ආයතනවල ගසා කෑම තමයි.